• යහපත් නීරෝගී ජීවිතයක් ගත කිරීමට ආහාර යම්සේ අවශ්‍ය වන්නේ ද එපරිද්දෙන්ම නින්ද ද අවශ්‍ය වේ.
• නින්ද ආහාරයට පමණක් දෙවැනි වූ දෙයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙයි.
• ශාරීරික හා මානසික වෙහෙසීම්වලින් පීඩිවට පත්වන ඉන්ද්‍රියන් එම වෙහෙස මග හරවා ගැනීම සඳහා ලබාගන්නා ස්වභාවික ප්‍රතිකාරය නින්දයි.
• දිනපතා නියමිත වේලාවට නින්දට යාමත් නියමිත වේලාවකට අවදිවීමත් කළ යුතුය.
• නිරෝගීව සිටින සියලුම දෙනා බ්‍රහ්ම මූර්තියෙන් අවදි වී දවසේ වැඩ කටයුතු ආරම්භ කළ යුතුය.
• බ්‍රහ්ම මූර්තිය - එනම් හිරු උදාව උදේ 6.00ට සිදුවේ යැයි සැලකූ විට අවදි විය යුත්තේ පෙ.ව. 4.34 සිට පෙ.ව. 5.12 දක්වා කාලය තුළයි.
නියමිත කාලයෙහි නියමිත ප්‍රමාණයට නිදා ගැනීමෙන්
• රූ සපුව වර්ධනය
• බලය වර්ධනය
• ඇස, කණ, නාසය, ආදී පංච ඉන්ද්රියයන් හොඳින් ක්‍රියා කිරීම.
• මනස සැහැල්ලු වීම.
• දවස ප්‍රබෝධයෙන් ගත කිරීමට හැකිවීම.
• සුවපත් ජීවිතයක් හා
• දීර්ඝායුෂ ලැබීම ද සිදු වේ.
දහවල් නින්ද
දහවල් නිදා ගැනීම ඉතාමත් අහිතකර වේ. එමඟින්,
• සෙම් රෝග ඇති වීම.
• ශරීරයේ මේදය වැඩි වීම.
• දියවැඩියාව වැනි රෝග ඇතිවීම.
• සිරුර තරවීම සිදු වේ.
දහවල් නින්දට සුදුස්සන්
• වෘද්ධයින්, බාලයින්
• ගර්භණීන් ප්‍රසූතයට ආසන්න තැනැත්තියන්
• අතීසාර රෝගීන්
• උන්මාද රෝගීන්
• අස්ථි බිඳීම් තැලීම්වලින් පීඩා වූවන්
• ශෝධන කර්ම කළ අය (වමන, විරේක...)
• රාත්‍රී නිදි වැරූ අය
රාත්‍රී ආහාරයට පැය 2කට පමණ පසුව නින්දට යා යුතුය.
රාත්‍රී නිදි නැතිවීමට හේතු
• ශරීරගත රෝග
• ආහාර නොගෙන සිටීම
• වේදනාවෙන් සිටීම
• දහවල් නිදීම
• අධික ව්‍යායාම
රාත්‍රී නිදි නැතිවූ විට
• මානසික වියවුල් බව ඇතිවීම
• ශරීර ශක්තිය අඩුවීම
• අලස බව ඇතිවීම
• ශරීරය කෘශ වීම
• දහවල් නිදිමත ඇති වීම සිදු වේ.
වර්තමානයේ බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝගවලට වැරදි ආහාර රටාවන් ඍජුවම බලපාන්නේ යම් සේද නින්ද ද එසේම බලපායි. එබැවින් නිවැරදි නින්දෙන් නිරෝගී බව අත්විඳිමු.
උපදෙස්
වෛද්‍ය සුමුදු උඩුවනගේ