2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

මත්පැන් සහ ලිංගික ආශාව (Alcohol and Sex)

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1308

මත්පැන් හෙවත් ඇල්කොහොල් ලිංගික ආශාව වැඩි කර ඉන් හොඳ තෘප්තියක් ලබාදිය හැකි ඖෂධයක් ලෙස දීර්ඝ කාලයක සිට මිනිසා විශ්වාස කරයි. නමුත් විද්‍යානුකූලව බැලූ කල මෙය සැබැවින්ම සත්‍යයක් නොවේ. ලිංගික කාර්යයට ප්‍රථමව මත්පැන් ගැන්නේ ඔබට ඇතිවන ආතතිය හෝ ලැජ්ජාව යම් පමණකට අවම කරගැනීමට පුළුවන. මෙය සිදුවන්නේ ඇල්කොහොල් මගින් මොළයේ තිබෙන ගැබා (Gaba) නැමති රසායනිකය උත්තේජනය වීමෙනි. නමුත් මෙය ඉතා තාවකාලික සිදුවීමකි. ඇල්කොහොල් දිගටම ගන්නා කෙනකුගේ අපගේ ලිංගික ශක්තිය උපදවන හෝමෝනයක් වන ‘ටෙස්ටොස්ටෙරෝන්’ (Testosterone) ශරීරය තුළ අඩුවීමයි. මීට අමතරව දිගටම ඇල්කොහොල් ගැනීමෙන් මොළය තුළ ඇති සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයක් වන ඩෝපමීන්, සෙරොටනීන් වෙනස් වී මනස අවපීඩනයට යයි. අවපීඩනයට මනසට ගොදුරු වුණු විට ඔබගේ ලිංගික ශක්තිය අවම වී ලිංගික ප්‍රාණවත් වීමේ ගැටලු ඇති වේ. එමෙන්ම දිගටම මත්පැනට ගොදුරු වූ පුද්ගලයකුගේ ටිකෙන් ටික අක්මාව ද දුර්වල වේ. පිරිමින්ගේ ද ශරීරය තුළ ස්ත්‍රී හෝමෝනයක් වන ඊස්ට්‍රජන් ශරීරය තුළින් බහිස්‍රාවිය කරනුයේ අක්මාව තුළ නිපදවන එන්සයිම මගිනි. ඔබගේ අක්මාව දුර්වල වූ විට වැඩිපුර ඇති ඊස්ට්‍රජන් ශරීරය තුළ එකතු වී ස්ත්‍රී ලක්ෂණ පහළ වේ. පිරිමියකුගේ පියයුරු ලොකු වීම, රෝමකූප ගැලවී යාම, කටහඬ මෘදු වීම, වෘෂණ කෝෂවල ක්‍රියාකාරීත්වය දුර්වල වී ඒවා හැකිලී යාම යනාදී වශයෙනි.

මත්පැන් හෝ ඇල්කොහොල් ලිංගික උත්තේනජයක් ලෙස ගැනීම විද්‍යාත්මක නොවේ. ඇල්කොහොල් මගින් තාවකාලිකව ඔබේ ලැජ්ජාව සහ ආතතිය අඩු වුණත් ඔබ ලිංගික අප්‍රාණිකත්වයට ගොදුරු වේ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00