ආහාර රුචිය වර්ධනය කරන එසේම ආහාර දිරවීම පහසු කරවන පළතුරක් ලෙස අන්නාසි දැක්විය හැකිය. මීට අමරතව පිළිකා සෛල වර්ධනය අඩපණ කිරීම ඇතුළු විස්මිත ගුණ රැසක් අන්නාසි තුළ අඩංගු බව ඔබ දන්නවාද?
විටමින් ඒ හා සී, කැල්සියම්, පොස්පරස් හා යකඩ අන්නාසිවල සරුසාරය. අන්නාසිවල ජලය අඩංගු වන නිසා ශරීරයට ජලය එකතු වන එක් මාර්ගයක් ලෙසද මේ පළතුර සැලකිය හැකියි. අන්නාසි ශරීරයට හිතකර පළතුරක් මෙන්ම අහිතකර වන අවස්ථාවන්ද නැත්තේ නොවේ.
අන්නාසිවල හිතකර ගුණ
• මුත්‍රාකාරකයක් ලෙස ක්‍රියාකරයි. ඔබ මුත්‍රා පිටවීමේදී අපහසුතාවයකින් පෙළෙන්නේ නම් අන්නාසි පළතුර ආහාරයට ගන්න. එවිට මුත්‍රා පිටවීමට පහසුව ඇති කරයි.
• බඩවැල්වල පණුවන් නසයි.
• උදර අපහසුතා මඟ හරවයි. බඩ පිපෙනා ගතිය, වැඩිපුර ආහාර ගැනීම නිසා ඇතිවන අපහසුතාවය අන්නාසි ආහාරයට ගැනීමෙන් මගහැරේ.
• පිළිකා සෛල වර්ධනය වන වේගය අඩු කරයි. පාලනය කරයි. ඒ නිසා පිලිකා මර්දනයට කියාපු කෑමකි. ආමාශයේ කෑම දිරවීමට ඇති යුෂ නිපදවීම වැඩිකරයි. මේ නිසා ආහාර දිරවීමත්, ප්‍රෝටීන් බහුල ආහාරයක් ගත්විට එම ආහාර දිරවීමත් පහසු කරයි.
• රුධිර කැටි ඇතිවීම වළක්වාලයි.
• පක්ෂගාත රෝග හැදීමට ඇති ඉඩකඩ අඩුකරයි.
• වකුගඩුවලින් ශරීරයට අහිතකර දේ පිටකිරීම, අන්නාසි ආහාරයට ගැනීම නිසා හොඳින් සිදුවේ.
• මුත්‍රා ගල් නැති කරයි.
• සන්ධි රෝගවලට හිසරදයට ගුණදායකය.
• උගුර රතුවීම, කෙළ ගිලීමට නොහැකිවීම වැනි උගුරෙහි ප්‍රදාහ අවස්ථාවන්වලදී අන්නාසි වඩාත් ගුණදායක වේ.
♦ Web MD