අලුත්ම වසංගත රෝගය පැතිරයාමත් සමඟ දැන් කාටත් සිදුව ඇත්තේ තමන්ගේ ආරක්ෂාව තමන්ටම සලසා ගන්නටය. සෞඛ්‍ය අංශ පුනපුනා කියන්නේ ප්‍රතිකාරයට වඩා වැළකී සිටීම වැදගත් බවයි. සමබල ආහාර රුගෙන දිනපතා ව්‍යායාමවල යෙදී, පුද්ගලික සෞඛ්‍යාරක්ෂිත බව රැකගනිමින්, මනස නිදහස්ව නිරවුල්ව සහ සතුටින් තබා ගනිමින්, සුවදායී සක්‍රීය ජීවන රටාවකට යොමුවීම නිරෝගී සුවයට මඟයැයි අපට උපදෙස් ලබා දී තිබේ. මේ සියල්ල එසේ අනුගමනය කළත් දැන් මේ පැතිර යන වසංගතය හේතුවෙන් අපේ පවුලේ ළඟම කෙනෙක්ට නැතිනම් තමන්ටම වුනත් රෝගය වැළඳී ඇතැයි යන සැකය ඕනෑම අවස්ථාවක මතුවිය හැකියි. එවන් විටක දැන් නිතර ඇසෙන නිරෝධායනයට ලක්වීම නැත්නම් ස්වයං නිරෝධායනය වැනි තත්ත්වයකට අපටත් පත්වෙන්නට සිදුවේවි. ඒ වගේ සැක සහිත අවස්ථාවක අපිත් බේරිලා රෝගියාත් බලාගන්නට හැකි ආකාරය ගැන උපදෙස් කිහිපයකුයි අපි අද ඔබට රුගෙන එන්නේ.
මේ වසංගතයෙන් බේරෙන්නට කෙනෙකුට අවශ්‍ය නම් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය හරිම සරලයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන විදිහට හොඳම ගැලවිජ්ජාව තමා එකිනෙකා අතර අවම සෞඛ්‍යාරක්ෂිත දුරක් හෙවත් අඩු තරමේ මීටරයක නැතිනම් අඩි 6ක පරතරයක් පවත්වා ගැනීම. දෙවෙනි කාරණය නිතර හොඳින් අත් සෝදා පිරිසුදුව තබා ගැනීම. ඒ වගේම නිතර ස්පර්ශයට ලක්වෙන දොර හැඬලය වගේ අවදානම් ස්ථාන විෂබීජානුහරණය කිරීමත් වැදගත්. හොඳම දේ රෝගය වැළඳී ඇතිදැයි සැකසහිත අයගෙන් ඈත්ව සිටීම. නමුත් මේ සියල්ල අතර ගෙදර කෙනෙක්ට ලෙඩේ ඇතිදැයි සැකසහිත අවස්ථාවක් ආවොත් තමනුත් ගැලවිලා ඒ අයට උපකාරවන්නට අපි ගතයුතු පියවර මොනවාද? ගෙදර ඇතුළේම ‘වෙන්කර තැබීමේ හුදෙකලා කලාපයක්^ “isolation zone” පාලනය කරන්නේ කෙසේද?
මේ වෛරසය පැතිරෙන්නේ රෝගී අයගේ සෙම් සොටු කෙළ බිඳිති මගින් නිසා සෑමවිටම සැකසහිත අසාදිතයෙක් වෙනම කාමරයක වෙන්කර තැබීම ඉතා වැදගත්. මේ කාමරයේ දොර වසා තැබීමට හැකිනම් එය වඩාත් සුදුසුයි. එබඳු පහසුකම් නැති විට රෝගියා අන් අයගෙන් අඩි 6ක් ඈත්කර අන් අයට වැඩියෙන් යන්නට එන්නට සිදුනොවන තැනක වෙන්කර තැබීම සිදුකළ යුතුයි.
රෝගී පුද්ගලයාහට වෙනම වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදීමයි වඩාත් සුදුසු. නමුත් එකම වැසිකිළිය සහ නාන කාමරය භාවිතා කරන්නේ නම් එවිට රෝගී තැනැත්තා එය භාවිතයට ගත් පසු එය මනාව පිරිසුදු කළ යුතුයි. නිරෝගී අය නැවත එය භාවිතයට පෙර හොඳින් ආලෝකය සහ වාතාශ්‍රය හුවමාරැ වන සේ අඩුම තරමේ පැය ½ක් විවෘතකර තබා ඉන්පසු භාවිත කළ යුතුයි. ඉතාම වැදගත් කාරණාව වැසිකිළි සේදීම සඳහා වතුර ‘ප්ලෂ්’ කරනා විට පියන වසා තැබීමට සැලකිලිමත් වීමයි. එසේම වාතය පිටතට තෙරපන ‘එක්හෝස්’ පංකාවන් ක්‍රියාත්මකව තැබීමත් වැදගත්.
පොදුවේ භාවිතා වන ස්ථානයන් හොඳින් වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙන සේ විවෘතව තැබිය යුතුයි. විදුලි පංකා හෝ වායු පෙරනයන් භාවිතයට ගැනීම වැදගත්. මෙහිදී වාතයේ ආර්ද්‍රතාව සියයට 40-60 අතර එනම් වෛරසයට ජීවත්වීමට අහිතකර මට්ටමක තබාගැනීම කළ යුතුයි. එනිසා හොඳින් සුළං හමා වාතය පිරිසුදු වීමට ඉඩ සැලසීම අත්‍යවශ්‍යයි.
අන් අය සමග හෝ අතර ගැවසෙන සැමවිටම රෝගී අය “මාස්ක්” පැළඳ සිටිය යුතුය. රෝගියා අසලට යන අයත් නිතර ‘මාස්ක්’ දැමිය යුතුයි. එසේම අඩි 6ක සීමාව පවත්වා ගත යුතුයි. ‘මාස්ක්’ රහිතව ළංවීමට සිදුවු විට ඉතා ඉක්මනින් අඩු තරමේ විනාඩි 15කට කලින් ආසාදිතයැයි සැක තැනැත්තා අසලින් ඉවත්ව යන්න. ඒ සමගම රෝගියා සමග ස්පර්ශ වූ ශරීර කොටස් සහ භාණ්ඩ එනම් දෑත් රෙදි පෙරෙදි පිඟන් කෝප්ප ආදි සියල්ල හොඳින් සෝදා විෂබීජහරණයට ලක්කළ යුතුයි.
සැකසහිත අසාදිතයා සමග පොදුවේ ද්‍රව්‍ය පරිහරණය අත්හරින්න. පිඟන් කෝප්ප, ඇඳපුටු, ඇඳ රෙදි, තුවා, කොට්ට මෙට්ට පොරවන, ඇඳුම් පැළඳුම් ආදිය වෙන්ව වෙනම ස්ථානයක තබන්න. රෝගියා සඳහා ආහාර පිසින ආහාර දමා දෙන භාජන සියල්ල වෙන්කර භාවිතා කළ යුතුමයි. රෝගය ඇතැයි සැකසහිත තැනැත්තාට නිවසේ සුරතල් සතුන් හා ගැවසෙන්නට ඉඩ දෙන්නට එපා. ඒ සතුන් ඔවුන්ගෙන් ඈත්ව තබන්න.
කෙලින්ම නිතරම ස්පර්ෂයට ලක්වන ස්ථාන මතුපිට සහ උපකරණ ද්‍රව්‍ය නිතරම විෂබීජ නාශක ද්‍රව්‍ය මගින් තදින් පිරිසුදු කරන්න. කවුන්ටර, මේස මතුපිට, දොර අගුළු සහ හැඬලය, නානකාමර උපකරණ, වැසිකිළි, දුරකතන, යතුරැපුවරැ, ඇඳ මේසය වැනි නිතර අතගැසෙන ස්ථාන දිනකට කිහිපවරක් පිරිසුදු කළ යුතුය. විෂබීජහරණය කළ යුතුය. ලේ සෙම ඛේටය වැනි ශාරීරික තරල ගැටෙන තැන් හොඳින් විෂබීජ නාශක මගින් සෝදා හළ යුතුයි.
රෝගියාට සාත්තු කිරීමට යා යුත්තේ ඒ සඳහා සුදුසු මුව වැසුමක්, අත්වැසුම්, පාවැසුම්, පැළඳගෙනය. එය අහවර වූ වහාම එකී අත්වැසුම් මුවවැසුම් එක්වරක් භාවිත කර ඉවත් කළ හැකි ඒවා නම් විනාශකර දමන තුරැ පියන සහිත බහාලුමක දැමිය යුතුය. පසුව වත්තේ කෙළවර කැපූ වළකට දමා ගිනි තැබිය යුතුය. නැති නම් වෙනම ඝනකමැති බෑගයක දමා ගැටගසා කුණු බැහැර කරන්නන් දැනුවත් කර ලබාදිය යුතුය. එසේ නොමැති විට රෝගියා සිටි තැනින් පිටතට පැමිණි වහාම ඇඳපැළඳ සිටි සියලු රෙදි හොඳින් සෝදන ද්‍රව්‍ය යොදා තදින් සෝදා වියලා ගතයුතුය. ඇඳ සිටි ද්‍රව්‍ය ඉවත්කළ වහාම තමන්ද හොඳින් සබන් යොදා පිරිසුදු විය යුතුය.
රෝගයට ගොදුරු වනු ඇතැයි සැක තැනැත්තා නිතර උණ ඇතුළු රෝග ලක්ෂණ සඳහා පරීක්ෂා කළ යුතුය. සටහන් තබා ගැනීම වැදගත්ය. ඒ අනුව රෝග ලක්ෂණ උත්සන්න වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා නියමිත රෝහලකට යොමු කිරීමට නොපමා විය යුතුය.
නිවසේ හුදෙකලාව නිරෝධායනය වනවිට ඒ බව පළාතේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ යුතු අතර ඔවුන්ද මේ සඳහා අමතර උපදෙස් ලබාදෙනු ඇත. සෞඛ්‍ය අංශ දැනුවත් නොකර හිතුමතේ ස්වයං නිරෝධායන කටයුතු ඇරඹිය යුතු නැත.
- සුගත් පී. කුලතුංගආරච්චි