දවසේ බොහෝ වේලාවක් රැකියා ස්ථානවල රැඳී සිටින අප රැකියා ස්ථානවලදී Corona වෛරසයෙන් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ.
ඔබගේ රැකියා ස්ථානය Corona වෛරසයෙන් ආරක්ෂිතව තබා ගැනීමට පහත පියවර අනුගමනය කළ යුතුය.
• යම් කෙනෙක් උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ සුළුවෙන් හෝ පෙන්වන්නේ නම් ඔහුට රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුවවෙන තෙක් රුකියාවට නොපැමිණ සිටීමට උපදෙස් දෙන්න. හැකිනම් නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් ලබාදෙන්න.
• නිතර ස්පර්ශ වන පෘෂ්ඨ හා ආම්පන්නවල වෛරසය රැඳී තිබිය හැකි බැවින් දොර හැඬල, දුරකථන රිසීවර, මේස මතුපිට, තරප්පු පෙළ අත්වැට ආදී දේ විෂබීජ නාශක දියර යොදා නිතර පිරිසිදු කිරීමට සලස්වන්න.
• හැකි සෑම අවස්ථාවකම සබන් යොදා හොඳින් අත් සෝදාගන්න. අනවශ්‍ය ලෙස මුහුණ, කට, නාසය, ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින්න. Covid-19 වෛරසය බහුලවම පැතිරයන්නේ ස්පර්ශය මගිනි. තමන් හා සේවය කරන අන් අයටද මෙය නිතර සිහි කැඳවන්න.
• අනවශ්‍ය ලෙස සෙනඟ එක්රැස් කිරීම් හැකිතාක් අවම කරන්න. කල් දැමිය හැකි රැස්වීම් කල් දමන අතර video conferencing / group calling වැනි නූතන සන්නිවේදන ක්‍රමවේදයන් වෙත හැකිතාක් යොමුවන්න.
ඔබට සේවා ස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවස්ථාව අවම කරනවා මෙන්ම ඔබ පවුලේ ආදරණීයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවටද හේතුවනු ඇත.
- Health Promotion Bureau