ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගවලින් ආරක්ෂාවීමට අපට ඉතාමත් වැදගත් වෙනවා. මෙ වගේ වසංගත කාලෙක එහි නිරෝගී බව ඉතාමත් වැදගත්. ඉතින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගීව තබාගෙන ශක්තිමත්ව දිවිගෙවන්නට ඕනෑ නම් මේ සරල පුරුදු කිහිපයෙන් ඒ සදහා ඔබටත් හැකියාව ලැබෙනවා. එමගින් නිරෝගී ප්‍රබෝධයෙන් පිරුණු ජීවන රටාවක් හිමිකර ගන්න පුළුවනි.
• කැෆේන් අඩංගු පාන වර්ග නැවැත්වීම
කැෆේන් අඩංගු පාන වෙනුවට ඉඟුරු, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල් ආදියෙන් සෑදූ පාන දිනපතා ගන්නේ නම් එම ඖෂධීය ගුණය ඔබේ මුළු සිරුරම පිරිසුදු කර ප්රබෝධයක් ගෙන දෙයි.
• වතුර වැඩිපුර පානය කිරීම
වතුර නිතර පානය කිරීමෙන් සම හා ශරීර අභ්‍යන්තර අවයව වන වකුගඩුවලද විෂහරණය කරමින් පිරිසුදු කරවයි. ව්‍යායාම් කිරීමේදී දහදිය පිටකරමින් සිරුරට අවශ්‍ය ශක්තියද මින් ලබාදෙයි.
• කෘත්‍රිම රසකාරක ඉවත් කරන්න
හොඳින් පිරිසුදු කළ සුදු සීනි පිටි හා ධාන්‍යවල ඇති සීනි මඟින් බැක්ටීරියා ඇති කරවන නිසා ස්වාභාවික රසකාරකම තෝරාගන්න.
• ඇසුරුම්ගත ආහාර පාලනය
ඇසුරුම් කළ ආහාර කල් තබාගැනීමට විවිධ රසායන ද්‍රවය එක්කරන නිසා එය එතරම් හිතකර නොවෙයි. මේ නිසා එවැනි ආහාරවලින් හැකිතාක් ඈත්වන්න.
• කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න
කෙඳි සහිත කොළ පැහැති ආහාර ඔබේ වේලට එක්කර ගැනීමෙන් හානිකර විස ද්‍රව්‍ය මර්දනය කළ හැකි නිසා තම්බාගත් ගෝවා, නිවිති ආදියට වැඩි අවධානයක් යොමු කරන්න.
• දිනකට පැය 1/2ක් වත් ව්‍යායාම කරන්න
ශරීරය හොඳින් ක්‍රියාකාරී වෙමින් දහදිය දැමීමෙන්ද විෂබීජ පිටවෙයි. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම්වල යෙදෙන ඔබට මින් සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකියි.
• ඖෂධීය ශාකසාරවලින් සත්කාර
සහිඳ ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසුදු කර ගන්න පුළුවන්. මෙය ඖෂධීය සත්කාරයකි.
• දිනපතා සුළු වේලාවක් හෝ සන්සුන්ව සිටින්න
නිහඬව ඉඳගෙන මඳ වේලාවක් සැහැල්ලු ඉරියව්වකින් හිඳ නිරවුල් මනසින් සිටින්න. සිත සැහැල්ලු කර ගනිමින් නව ප්රබෝධජනක අදහස් මතුකරගන්න මෙය කදිම අවස්ථාවක්ය.
- web MD