ඩෙංගු යනු කුමක්ද? ඔබ ඒ ගැන දැනගන්න ඕනෑ ඇයි?
වෛරසයකින් හැදෙන, මදුරුවකුගෙන් බෝවන, මාරාන්තික රෝගයක් තමයි ඩෙංගු. ශ්‍රී ලංකාව වගේ ඝර්ම කලාපීය රටක ජීවත් වන නව යොවුන් වියේ පසුවන ඔබ මේ ගැන දැනුවත් වෙන්න ඕනේ ඒක අපේ රටේද පැතිරී යන රෝගයක් නිසයි. වෛරස ප්‍රභේද හතරකින් තමයි ඩෙංගු බෝ වෙන්නේ. අධික උණ වගේම ඇඟේ පතේ වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණයි.
ඩෙංගු අනිත් වෛරස් උණවලින් වෙනස් වන්නේ කොහොමද?
ඩෙංගු උණ වැළඳෙන හැම රෝගියකුටම සංකූලතා ඇතිවෙනවද?
නැහැ. ඩෙංගු උණ වැඩි දෙනකුට සාමාන්‍ය වෛරස් උණක් වගේ, උණයි, ඇඟේ පතේ වේදනාවයි විදියට හැදිලා ටික දවසකින් සුව වෙනවා. තමන්ට රෝගයක් වැළඳුණු බවක්වත් සමහරු දන්නේ නෑ. ඒත් සමහරුන්ට මාරාන්තික සංකූලතා ඇතිවෙන්න පුළුවනි. ඔහොම වෙන්නේ කොයි රෝගියාටද කියලා කාටවත් අනාවැකි කියන්න බෑ. රෝගය වැළඳුණු මුල් අවස්ථාවේම වෛද්‍යවරයකු ගාවට යන එක වැදගත් වෙන්නේ ඒ නිසයි.
රෝගය බරපතළ වන අවස්ථාවලදී අපේ සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය ඩෙංගු වෛරසය එක්ක ලොකු සටනක් දෙනවා. ඔයාට උණයි ඇඟේ පතේ වේදනාවයි ඇතිවන්නේ එතකොට. මෙම සටනෙදි සිරුරේ තියෙන සමහර ව්‍යුහයන්ට හානි වෙනවා. රුධිර පට්ටිකා වගේම සුදු රුධිරාණුත් විනාශ වෙනවා. ලේ කැටි ගැසෙන්න අවශ්‍යම වෙන රුධිර පටිටිකා ප්‍රමාණය මේ විදියට අඩුවෙලා ලේ වහනය වෙනවා. උණ අඩු වෙනකොට කුඩාම රුධිර වාහිනී වෙන කේශ නාළිකාවලින් පැය 48ක් විතර දියර පිට වෙනවා. එහිදී ඇල්බියුමින් වගේ පොඩි ප්‍රෝටීන් අණු ලේ නහරවලින් ඉවත් වෙලා උරස් කුහරයෙයි උදර කුහරයෙයි එකතුවෙන නිසා ලේවල සාන්ද්‍රණය වැඩිවෙලා රුධිර පීඩනය අඩු වෙනවා. කලාතුරකින් සමහර රෝගීන්ට හෘදයේ, අක්මාවේ වගේම මොළයේ සංකූලතා ඇතිවෙන්න පුළුවනි.
රෝගය බරපතළ වෙන්නේ නැති අවස්ථාවලදී, දින 5-7 දක්වා කාලයකදී උණ අඩුවෙලා, ආහාර රුචිය ඇතිවෙලා, ක්‍රමයෙන් සුව අතට හැරෙනවා.
රෝගය බරපතළ වෙන අවස්ථාවලදී උණ අඩු වුණත් රෝගියාට සුවයක් දැනෙන්නේ නෑ. රෝගය හැදිලා දවස් 5-7 අතර කාලයකදී රෝගය උත්සන්න වන බවට අනතුරු ඇඟවීමක් දෙන වැදගත් අවස්ථාවක්. මේක සමහර අවස්ථාවල තුන් දවසකින් වෙන්න පුළුවනි. මේ නිසා උණ අඩුවුණාට පස්සෙත් රෝගී ගතිය දිගටම තියෙනවා නම් රෝහල්ගත වෙන්න ඕනෙ.
රෝගය උත්සන්න වීමේ අවදානම තියෙන්නේ කාටද?
ඩෙංගු වැළඳෙන්නේ කොහොමද
ඩෙංගු උණ පැතිරෙන්නේ, ඩෙංගු වෛරසය ශරීරගත වුණු මදුරුවන්ගෙන්. අපේ රටේ තියෙන උණුසුම් තෙතමනය සහිත කාලගුණය ඩෙංගු මදුරුවන්ට බෝවෙන්න නියම පරිසරයක්. පරණ ටයර්, පොල්කටු, ඉවත විසි කරන ප්ලාස්ටික් බඳුන් හෝ ජලය එකතු වන ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝවීම සිදුවෙනවා. ඔයා ජීවත් වන්නේ සෞඛ්‍යයට අහිතකර, ඒ කියන්නේ කුණු කඳු, අවහිර වෙච්ච කාණු පද්ධති වගේ මදුරුවන්ට බෝවෙන්න පුළුවන් තැන් අසල නම් ඩෙංගු බෝවීමේ වැඩි අවධානමක් තියෙනවා.
ඩෙංගු උණ රෝග ලක්ෂණ
ඩෙංගු රෝගයට ප්‍රතිකාර
ඔයාට නිසි ප්‍රතිකාර ගන්න පුළුවන් වෙන්නේ පමා නොවී රෝහල්ගත වුණොත්. ශ්‍රී ලංකාවේ බොහෝ ඩෙංගු මරණ සිදුවෙලා තියෙන්නේ රෝහල් ගතවීම පමාවීමෙන්.
ඩෙංගු වෛරසය විනාශ කිරීමට නිසි ප්‍රතිකාරයක් තවම හොයාගෙන නෑ. වෛද්‍යවරුන්ට රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන්න පුළුවනි.
උණ, වමනය, ඇඟපත වේදනාව වගේ ඒවාට ඖෂධවලින් ප්‍රතිකාර කරනවා. දියර වර්ග රුධිරයට සේලයින් මාර්ගයෙන් ලබා දෙනවා.
අධික ලෙස රුධිර වහනය සිදුවෙනවා නම් රුධිර පාරවිලනය කියන වෙනත් කෙනකුගෙන් ලබාගත්ත ලේ රෝගියාට ශරීරගත කරනවා.
මූලික පරීක්ෂණවලින් ඔයාට ඩෙංගු රෝගය තියෙනවා කියලා නිර්ණය කළොත්, රෝග ලක්ෂණ උග්‍ර නැතිනම් විතරක් ගෙදර ඉඳන් ප්‍රතිකාර කරන්න පුළුවනි. ඒත් දිනපතාම වෛද්‍යවරයක් වෙත ඇවිත් ලේ පරීක්ෂාවක් කරන්න ඕනෙ. යම් කිසි සංකූලතාවක් ඇතිවෙනවද කියලා වෛද්‍යවරයකුගේ නිරීක්ෂණය යටතේ ඉන්න එක අත්‍යවශ්‍යයි. ඒත් එහෙම කරන්න පහසුකම් නැත්නම් දිනපතා රුධිර පරීක්ෂාව කරන්න ඕනෙ නිසා රෝහල් ගතවෙලා එය සිදුකර ගන්න වෙනවා.
ඔබ වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා නිවසේ ඉඳලා ප්‍රතිකාර කරන්න තීරණය කළොත් පාවිච්චි වෙන්න ඕනෙ කොහොමද?
ඇඳට වෙලා විවේකයෙන් ඉන්න එක ඉතා වැදගත්.
දියර වර්ග නිතර පානය කරලා විජලනයෙන් තොරව ඉඳීම ද ඉතා වැදගත්.
උණ සඳහා පැරසිටමොල් විතරක් භාවිත කරන්න. කිසිම වෙලාවක් Aspirin, Brufen, NASID, Diclofenac Sodium වගේ ඖෂධ භාවිත නොකළ යුතුයි. ඒවායින් ලේ කැටි ගැසීම අඩු කරනවා.
පවුල් සෞඛ්‍ය තතු