කතුරක් අල්ලනවා වගේ පුංචි වැඩක් කරන්නත් ඔබට අපහසුද? අත විවිධ පැතිවලට හැරවීමේදී වේදනාවක් දැනෙවද? එහෙනම් ඔබට වෛද්‍යවරයා හමුවීමට කාලයයි. පහත සඳහන් රෝග ලක්‍ෂණ ඔබටත් තියෙනවද වහාම බලන්න.
තදබව
ඔබේ අත චලනය කරන්නට නොහැකිව ගලක් වගේ තද බවක් දැනෙනවද? මේකට හේතුව ආතරයිටිස් හෝ කාපල් ටනල් ලෙස හඳුන්වන ස්නායු රෝගය විය හැකියි. බලා හිටියොත්, සාමාන්‍ය චලනයන් කරන්නට නොහැකිව අත අප්‍රාණික වන තත්ත්වයක් උදාවෙන්නත් පුළුවනි.
ඉදිමීම
ඔබේ අතැඟිලි සොසේජස් වගේ පිම්බුණු බවක් දැනෙවාද? අතට අමතර දියර රැස්වීම නිසාත්, හන්දිවල ඉදිමුම නිසාත් මෙබඳු තත්ත්වයක් ඇතිවන්නට පුළුවනි. දිගින් දිගටම මෙය සිදුවනවා කියන්නේ දරුණු රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්.
දුබල බව
ඔබේ අත්ලට වෙහෙස බවක් දැනෙනවද? ඕනෑම මොහොතක කෑලි කැඩිලා වැටෙයි කියලා හිතන තරම් අපහසුද? මාංශ පේශීන්ගේ දුර්වලතා නිසා ඇතිවන මේ තත්ත්වය දත් මැදීම වගේ සාමාන්‍ය ක්‍රියාවනුත් ලොකු අපහසුවක් පවට පත්කරන්න පුළුවනි. මේ කියන්නේ පවුලේ වෛද්‍යවරයා හමුවන්නට කාලයයි.
චලනය සීමා වීම
ඔබේ අතට ගාංචුවක් දමා හිර කළා වගේ දැනෙනවද? අත එහා මෙහා හැරවීමට අපහසුද? දිගහැරීම, ඇකිලීම අපහසුද? මේ කියන්නේ එක්කෝ අනතුරක් සිදුවෙලා නැත්නම් ආතරයිටිස් වගේ රෝගයක් හැදීගෙන එන බවයි.
මේ කියන රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයා හමුවිය යුතුයි.