අපේ ශරීරයේ තියෙන මාංශ පේශි භාවිතයට නොගන්නා විට දුර්වල වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් කකුලේ බිඳුණු අස්ථියක් සුවවීමට කාලයක් ගත වනවා.... ඒ නිසා රෝද පුටුවකට වී සිටීමට අපට සිදුවෙනවා... මෙන්න මේ නිසාම කකුලේ මාංශ පේශි දුර්වල වෙලා යනවා. මෙන්න මේ දෙයම තමයි ඇස් අවට මාංශ පේශිවලටත් සිදුවන්නේ. ඒවා භාවිතයකට නොගත් විට නිසි ව්‍යායාම නැතිවූ විට දුර්වල වෙනවා.
ඔබගේ ඇස්වල පෙනීම වර්ධනය කරගැනීමට පහත ක්‍රියාකාරකම් ආධාරයක් වෙනවා ඇති. පොත්පත් වැඩ, පරිගණක ආශ්‍රිත වැඩවල දිගටම යෙදෙනවා නම්,
1. ඇස්වල අධික පීඩනයෙන් මිදීමට පැය දෙකකට හෝ තුනකට සැරයක් විනාඩි කිහිපයක් ඇස් පියාගන්න.
2. ඇස් දෙපසට, ඉහළට, පහළට සහ වක්‍රාකාරව චලනය කරන්න.
3. ඇස් කණ්ණාඩි ඉවත් කරන්න.
4. ඔබගේ ඇඟිලි ඇස් බෝල මත මෘදුව තබා චලනය කරන්න.
5. ඔබ නිවසින් බැහැරව ඇවිදින විට සැමවිටම දුර බලන්න.
6. කැරට් වැනි කහ පැහැති එළවළු පළතුරු දිනපතා ආහාරයට ගන්න.
7. ඇස් සේදීමට ඇල් ජලය භාවිත කරන්න.
8. නිදා ගැනීමට පෙර පැය දෙකකට වඩා පරිගණකය ඉදිරිපිට වාඩිවී සිටීමෙන් වළකින්න.
9. දිගටම ඇස් වෙහෙසවන අය වෛද්‍ය උපදෙස් මත මෝර පෙති ගැනීමත් සුදුසුයි.