2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

අසනීප බව කියන ලකුණු

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 2150

සාමාන්‍ය නිරෝගී සිරුරක් ඇති කෙනෙකුගේ එම නිරෝගී බව බාහිරව පෙන්නා දෙන සාධක කිහිපයක් තිබේ. ඔබ වෛද්‍යවරයකු කරා ගියවිට ඔහු ඔබ නිරෝගීදැයි මැන  බලන්නේ මේ සාධක පරීක්ෂා කිරීම මගිනි.

මිනිස් සිරුරේ මනා ක්‍රියාකාරීත්වය හඳුනාගැනීම සඳහා පහසුවෙන් පරීක්ෂා කර බැලිය හැකි මේ කියන සාධක නැතිනම් ප්‍රධාන නිර්ණායකයන් 4කි. ඒවා Vital signs නැතිනම් සජීවී බව අගවන ප්‍රධාන දේහ නිර්ණායකයන් ලෙස හඳුන්වනු ලබයි.

මෙම ප්‍රධාන දේහ නිර්ණායකයන් මොනවාද ?

• හෘද ස්පන්දන වේගය (Heart Rate), ශ්වසන වේගය (Respiratory Rate), රුධීර පීඩනය (Blood Pressure), සහ දේහ උෂ්ණත්වය (Body Temperature). ඒවායි.

• සාමාන්‍ය නීරෝගි පුද්ගලයකු තුළ මෙම දේහ නිර්ණාකයන් පැවතිය යුතු ප්‍රතිශත අගය පරාසයක් පවති. එම අගය පරාසය පුද්ගලයාගේ වයස, ස්ත්‍රී/ පුරුෂ භාවය වැනි සාධකයන් මත වෙනස් වීමට හැකිය.

• සාමාන්‍යයෙන් නීරෝගි පුද්ගලයකු තුළ පැවතිය යුතු එම එක් නිර්ණායකයන්ගේ අගය පරාසයන් දේශය පාඨක ඔබගේ දැනගැනීම සඳහා පහත දැක්වේ.

ප්‍රධාන සජීවී දේහ නිර්ණායකයන් (Vital Signs) :-

හෘද ස්පන්දන වේගය (Heart Rate) - මිනිත්තුවකට හෘද චක්‍ර
අලුත උපන් දරුවකුගේ (new born) = 130 – 150
වයස අවු. 1-5ත් අතර කුඩා දරුවකුගේ = 100 - 120
පාසල් වයසේ පසුවන දරුවකුගේ = 80 - 100
වැඩිහිටි පුද්ගලයකු තුළ = 50 - 80 

ස්වසන වේගය (Respiratory Rate) -මිනිත්තුවකට ශ්වසන වාරගණන :-
12 -  20ත් අතර ප්‍රමාණයක්
• රුධිර පීඩනය (Blood pressure)
• ආකුංච රුධිර පීඩනය (Systolic BP) - <120 mmHg
• විස්තාර රුධිර පීඩනය (Diastolic BP) - <80 mmHg
දේහ උෂ්ණත්වය (Body temperature) - 97.8F0 (36.5 0C) – 990F (37.2 0C)

නිර්ණායකයන් මැනබැලීම සඳහා භාවිත කළහැකි ප්‍රධාන ක්‍රමවේදයන් කිහිපයකි :-

• හෘද ස්පන්දන වේගය - අත්ලේ මැණික්කටුව ආසන්නයේ ඇති Radial ධමනියේ මිනිත්තුවකදී සිදුවන කම්පන වාර ගණන ගණනය කිරීම හෝ ස්ටෙතස්කෝපය භාවිත කරමින් හෘද ස්පන්දන වාර ගණන ගණනය කිරීම.
• ශ්වසන වේගය - මිනිත්තුවකදී සිදුවන ආශ්වාස ප්‍රශ්වාස පරිමාණය ගණනය කිරීම.
• රුධිර පීඩනය - රුධීර පීඩනමානයක් භාවිත කිරීම මඟින් වැලමිට අසාන්නයේ ඇති ධමනියේ පීඩනය මැන බැලීම.
• දේහ උෂ්ණත්වය - උෂ්ණත්වමානයක් භාවිත කිරීම මඟින් මුඛ කුහරයේ හෝ අත්ලේ යට ප්‍රදේශයේ හෝ මිනිත්තු 3ක පමණ කාලයක් තැබීම මඟින් උෂ්ණත්වය මැනීම.
• සමස්ත දේහයම එක් පද්ධතියක් වශයෙන් එකිනෙක සම්බන්ධ වෙමින් ක්‍රියාකරනු ලබන බැවින් දේහයේ කිසියම් පද්ධතියක, අවයවයක, පටකයක සිදුවන වෙනස් වීමක් මඟින් මෙම ප්‍රධාන දේහ නිර්ණායකයන්වල ස්වභාවය වෙනස් වියහැකිය. උදා:- කිසියම් පටකයක අසාදන තත්ත්වයකදී දේහ උෂ්ණත්වය වෙනස්වීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම දැක්විය හැකිය. එබැවින් ඍජුවම මෙම නිර්ණායකයන් පරීක්ෂා කිරීම මඟින් දේහයේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් පවතින්නේද යන්න පිළිබඳ අදහසක් ලබාගත හැකිය.                                                                                                                                                                     

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00