ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග ආබාධ රැසකට සුවය ලබා දෙන්නත් මේ ස්වභාවික පානයට පුළුවන්. නමුත් ජලය බීම සුදුසු නැති වෙලාවල් කීපයකුත් තියෙනවා. නුසුදුසු වෙලාවල්වල ජලය පානය කිරීමෙන් ඔබට අතුරු ආබාධත් ඇති විය හැකියි. අද දේශය පාඨක ඔබ වෙනුවෙන් වතුර නොබී ඉන්න ඕනෑ අවස්ථා ගැන කියන්නයි බලාපොරොත්තුව.
1. නිදා ගන්න යන්න කලින් වතුර බොන්න එපා.
නිදා ගැනීමට පෙර ජලය පානය කිරීමෙන් වැළකී සිටීමට හේතු දෙකක් තියෙනවා.
නින්දට පෙර ජලය පානය කිරීමෙන් ඔබේ නින්දට බාධා ඇති විය හැකියි. රාත්රියේදී ඔබට මුත්‍රා කිරීමට අවශ්‍ය වන අතර, ඒ හේතුවෙන් නින්ද අතරතුරදී නැවත අවදි වීමට ඔබට සිදු වෙනවා. එමෙන්ම නැවතත් ඔබ වෙත නින්ද ළඟා වීමට වැඩි කාලයක් ගත වනු ඇත.
වකුගඩුවල ක්‍රියාකාරිත්වය දිවා කාලයට සාපේක්ෂව රාත්‍රී කාලයේ දී අඩු වේ. උදෑසන මුහුණේ සහ ඇඟිලි ස්වල්ප වශයෙන් ඉදිමෙන්නේ මේ නිසායි. නින්දට පෙර ජලය පානය කිරීමෙන් මෙම ලක්ෂණ ඇති වීම වැඩි වේ.
2. මහන්සි වෙන අතරතුර වතුර බොන්න එපා
සමහරු පුරුදු වෙලා ඉන්නවා ව්‍යායාම කරන අතරතුර, මහන්සි ඇති වෙන රාජකාරියක නිරත වෙලා සිටින අතරතුර ජලය පානය කරන්න. එය නුසුදුසු ක්‍රියාවක්. වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීමවලට අනුව මහන්සි වන අතරතුර ජලය පානය කිරීමෙන් සෘණාත්මක ප්‍රතිඵල ඇති වෙනවා. මහන්සි වීමේදී පුද්ගලයකුගේ ශරීරයේ උෂ්ණත්වය අධික ලෙස වැඩි වීමට හේතු වේ. එවැනි අවස්ථාවකදී ජලය පානය කිරීම නුසුදුසුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස හිසරදය, වමනය ඇති වීම සහ කරකැවිල්ල ඇති වීම සිදු විය හැක.
එමෙන්ම හදවත් රෝගීන් මහන්සි වන අතරතුර ජලය පානය කිරීමෙන් හදිසි හෘදයාබාධවලට පවා ලක් විය හැකියි.
3. මුත්රාවල පැහැය විනිවිද පෙනෙන සුළු බැවින් යුක්ත නම්
සම්පූර්ණයෙන්ම පැහැදිලි මුත්‍රාවලින් හෙළි කෙරෙන්නේ ඔබේ සිරුර පමණට වඩා සජලනය වී ඇති බවකි. ඔබේ මුත්‍රා අවර්ණ නම්, එයින් හැඟවෙන්නේ දිනය තුල ඔබ පානය කළ යුතු ජල ප්‍රමාණයට වඩා ඔබ ජලය ලබා ගෙන ඇති බවයි. පමණට වඩා ජලය පානය කිරීමෙන් ඔබේ සිරුරේ අඩංගු සෝඩියම් මට්ටම පහළ බැසීම, හෘදයාබාධ ඇති වීම, hyponatremia රෝගය වැළඳීම, කරකැවිල්ල, මානසික ව්‍යාකූලතා සහ මානසික අවපීඩනය වැනි බැරෑරුම් සෞඛ්‍යය ගැටලු හට ගැනීමට හේතු විය හැක.
4. මිරිස් ආහාර ගැනීමෙන් ඇති වන දැවිල්ල නැති කිරීමට වතුර බොන්න එපා.
අධික මිරිස් සහිත ආහාරයක් ලබා ගත විට උගුරේ සහ බඩේ දැවිල්ලක් ඇති වීම සාමාන්‍යයි. එවැනි අවස්ථාවකදී බොහෝ දෙනෙක් කරන්නේ ජලය පානය කිරීමයි. නමුත් එමඟින් ඇති වී තිබෙන දැවිල්ල සහගත ස්වභාවය ඉහළ යා හැකියි. එවැනි අවස්ථාවකදී දැවිල්ල අඩු කිරීමට සුදුසුම පානය වන්නේ කිරි පානයකුයි. එයට හේතුව වන්නේ කිරි නිර්ධ්‍රැවීය පානයක් වීමයි.
5. ආහාර ගන්නා අතරතුරේදී වතුර බොන්න එපා.
ඔබ ආහාර ලබා ගන්නා අතරතුරේදී වතුර පානය කරනවා නම්, ඔබට අජීර්ණයන් වැළඳීමේ අවදානමක් පවතිනවා. ආහාර ගන්නා අතරතුරේදී ඔබේ මුඛයෙන් ආහාර දිරවීමට උපකාර කරන එන්සයිමයන් නිපදවනු ලබනවා. නමුත් ආහාර ගන්නා අතරතුරේදී ජලය පානය කරනවා නම්, මේ එන්සයිමයේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. ඔබ ආහාර ගන්නා අතරතුරේ අයිස් ජලය, ඇල්කොහොල් මුසු පානයන් ලබා ගන්නවා නම් මේ තත්ත්වය තවත් නරක අතට හැරෙනවා.
6. මුහුදු ජලය පානය කිරීමෙන් වළකින්න.
මුහුදේ රැල්ල පෑගීමට හෝ පිහිනීමට ගිය විට වැරදීමකින් හෝ මුහුදු වතුර පානය කරන්න එපා. එමඟින් ඔබට වයිරස් සහ බැක්ටීරියා අසාදනය වී විවිධ රෝගාබාධවලට ගොදුරු වන්නට සිදු වේවි. එමෙන්ම මුහුදු වතුරේ අඩංගු ලුණු නිසා ඔබේ සිරුර විජලනයට පත් විය හැකියි. මේ නිසා ඔබ මුහුදු රැල්ල පෑගීමට හෝ පිහිනීමට යනවා නම් පිරිසිඳු වතුර බෝතලයක් රැගෙන යන්නට කල්පනාකාරී වන්න.
- Web MD