2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

දරුවන්ට කෑම එපා කරවන උගුරේ ලෙඩේ !

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 1400

 

දරුවන් හිටිහැටියේ කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට ආහාර ගිලගැනීමේ අපහසුතාවය මතුවන අවස්ථාවල මේ අන්දමට ආහාර ප්‍රතික්ෂේප කරන්නට පෙළඹෙනවා. මේ තත්ත්වය ඇතිවන්නෙ කුමක් නිසාද?

ගිලීමේ අපහසුතාවය ලෙස හඳුන්වන්නේ ඝන හෝ දියර ආහාරයක් මුඛයේ සිට ගලනාලය හරහා ආමාශය වෙතට යැවීමේ නොහැකියාවයි. මෙය රෝග තත්ත්වයක් නොවේ. නමුත් එය රෝග ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකියි. 

ගිලීමේ අපහසුතා ඇති දරුවකු පෙන්නුම් කරන ලක්ෂණ

සෙමින් ආහාර ගැනීම, මුඛයේ ඇති ආහාර වාර කිහිපයකදී ගිලීම, ඉරීම හා ගිලීම සම්බන්ධීකරණයට නොහැකි වීම, කිරි බීමේ හෝ ආහාර ගැනීමේදී වරින්වර එන ඔක්කාරය (උගුරට ඇඟිල්ලෙන් අනින විට ඇතිවන ඔක්කාර – gagging), ආහාර ගැනීමෙන් හෝ පානයකින් පසුව පපුවේ සිරවෙන ස්වභාවය, පිට පැත්තට (හිස සිට දෙපසට) නැවීම හා ඇඟ තද කිරීම, ආහාර ගන්නා විට කැස්ස ඇතිවීම හෝ සිරවීම, නිතර ඇතිවන ශ්වසන ආසාදන, නිතර වමනය හෝ කෙල ගැසීම, මුඛයේ ආහාර හෝ තරලය කට දෙපැත්තෙන් පෙරීම, ආහාර, දියර ගන්නා විට නාසයෙන් පැමිණීම, ආහාර ගන්නා විට එක ආකාරයකට සිටීමට නොහැකි වීම, නොසන්සුන් වීම, බර අඩුවීම

ගිලීමේ අපහසුව ඇතිකරන හේතු

මුඛය, උගුර, දිව ගලනාලය යන මේවායේ ඇතිවන පේශි ආශ්‍රිත අර්බුද, ඒවා තැනී ඇති ආකාරයේ සිදුව ඇති විකෘතිතා ආදී හේතු ගණනාවක් මේ සඳහා මුල්විය හැකිය.

ග්‍රසනිකාවේ ඇතිවන ගිලීමේ අපහසුව (Pharyngeal dysphagia) ගිලීමේදී උගුරේ ඇතිවන ගැටලුවකි.

ඉහත තත්ත්වය ඇතිවීමට හේතූ 2ක් බලපායි.

මුඛය, උගුර හෝ ගලනාලය ආශ්‍රිත ව්‍යුහමය ගැටලු

කිරි උරාබීමට, ගිලීමට භාවිත වන පේශියක හෝ ස්නායුවක දුර්වලතාවයක් හෝ ඊට අනතුරක් වීම.

ගිලීමේ අපහසුව ඇතිකරන වෙනත් ව්‍යුහමය තත්ත්ව

විදිලිත තොල හා තල්ල (cleft palate and cleft)

තොල දෙකට බෙදීම හා උඩු තල්ලෙහි දිගු අතට ආලියක් (Canal) ඇතිවීම. ජාන බලපෑම නිසා ආහාරයට ඇතිවිය හැකි තත්ත්වයකි.

දත්වල පවතින ගැටලු

මෙහිදී ආහාර දත්වල හොඳින් නොගැටීම හේතු වේ.

විශාල වූ දිව, ස්නායු හා පේශි සමඟ බැඳුණු ව්‍යුහමය රෝග තත්ත්ව, අර්බුද (tumor) හෙවත් ගෙඩි සහ ඉදිමුම්, ස්නායු අනතුරු, මොළයට සිදුවන අනතුරු, පේශි ක්ෂය වීම. එනම් මෙහිදී ආඝාතය (Paralysis) තත්ත්වයක් හෝ දිව, උගුර ගලනාලයේ පේශිවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම, මස්තිෂ්ක වාහිනී අනතුරු (Cerebral Vascular Accidental Stroke), විශාල වූ සෙම් ගෙඩි (Tonsillitis) උගුරෙහි ඇතිවන අර්බුද (ගෙඩි), මවගේ ගර්භාෂය තුළදී වර්ධනය සිදුවන විට ඇතිවන හිස් කබලේ අස්ථි හා උගුර හෝ මුඛයේ ව්‍යුහයේ ඇතිවන ගැටලු. (Cranial facial anomalies), කළල අවදියේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන අසාමාන්‍යතා, ශ්වසන මාර්ගය සහ ගලනාලය අතර අසමානව සම්බන්ධතාවයක් ඇතිවීම.

ගලනාලයේ ඇති කහ පාට අක්‍රීය විම හෝ යාන්ත්‍රණ දුර්වලතාවන්, ගලනාලය අතර මඟ සිහින් වීම, දිගු කලක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයකට (Ventilation) සවිකර ඇතිවිට මුඛයේ සංවේදී බව නැතිවීම, දිගු කලක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයකට සවිකර තැබීමෙන් ස්වර තන්ත්‍රවල ඇතිවන උද්දීපතාවය, නොමේරූ (Premature) හෝ අසාධ්‍ය දරුවන් (Critically ill babies), ස්වර තන්ත්‍ර අකර්මණ්‍ය වි අඝාතයට පත්වීම, ආමාශයේ ඇති අම්ල උගුරට පැමිණීම නිසා උගුරේ ඇතිවන උද්දීපතාවය හෝ එහිදී තුවාල වීම නිසා (ආම්ලිකතාවය නිසා) ඇතිවන කැළැල් මගින් ඇතිවන රෝගී බව (GERN- Gasto Espohgeal Reflun Deisease), ශරීර අවයවයක් මගින් ගලනාලයට පීඩනයක් යෙදීම.

උදා: හෘදය විශාල වීම, පෙනහලු විශාල වීම, තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම, රුධිර වාහිනී, වසාගැටිති ඉදිමීම

ගිලුණු නාසයක් වැනි ආගන්තුක දේහයක් මගින්, වර්ධන අවස්ථා ප්‍රමාද වූ දරුවන් උදා: නොමේරූ දරුවන්

 

ප්‍රතිකාර/ පිළියම්

මෙම තත්ත්වය සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු වන්නේ දරුවාට උත්වසනය (පිට උගුරේ යාම) සිදුවිය හැකි නිසාය. මෙහිදී ආහාර හෝ දියර පෙනහලු තුළට යාමෙන් නියුමෝනියාව වැනි දරුණු පෙනහලු ආබාධ ඇතිවිය හැක. මෙහිදී ලබාදෙන ප්‍රතිකාර තීරණය වන්නේ දරුවාට ඇති ගැටලුවෙහි තීව්‍රතාවය මතය. සමහර තත්ත්ව ශල්‍යකර්ම මගින් නිවැරදි කළ හැක.

උදා: විදිලිත තල්ල, Tracheo Oesphageal Fistula, Oesphageal Atreshia

ගිලීමේ අපහසුතාවය මඟහැරවීමට නම්

සෙමින් ආහාර ගැනීමට දරුවාට උපදෙස් දෙන්න. විශාල ආහාරවේල් වෙනුවට නිතර කුඩා ආහාරවේල් ලබාදීම, මධ්‍යස්ථ සිට තීව්‍ර තත්ත්වයක ගිලීමේ අපහසුවක් ඇතිනම් දියර ආහාර හෝ මෘදු ආහාර ලබාදෙන්න, ඇලෙන සුළු ආහාර උදා: ජෑම්, බටර් වැනි ආහාර ලබා නොදෙන්න, ගිලීමේ පහසුවට ආහාර කුඩා කැබලිවලට කඩා ලබාදෙන්න, බත් වැනි ධාන්‍ය වර්ග හොඳින් අඹරා මව්කිරි සමඟ මිශ්‍රකර බෝතලයක් හරහා ලබාදීම, කිරි බෝතල්වල සූප්පුවේ සිදුරේ විශාලව නොසාදන්න, මෙවිට කිරි පිටඋගුරේ යාම ඇතිවිය හැක. දරුවාට ලබාදිය යුතු ආහාර වුවද මාස 4ක් පමණ යනතුරු ලබා නොදීම, ඔවුන්ගේ නිසි වයස එනතුරු ගිලීමට නොහැකි වීම මීට හේතුවයි. කථන චිකිත්සක (Speech therapist) හෝ වෘත්තීය චිකිත්සක (Occupational therapist) මගින් ක්‍රියාකාරකම් හා ව්‍යායාම කරවීම. එමඟින්,

■ තොල්, දිව, කම්මුල් හා හනුවේ පේශිවල සම්බන්ධීකරණය ශක්තිමත්භාවය, චලන පරාසය වර්ධනය වීම.

■ ආහාර හා තරලවලට ඇති සංවේදී බව අඩුකිරීම, දරුවාට භාවිත කරන සූප්පු, බෝතල් හෝ වෙනත් උපකරණ වෙනස් කිරීම, බීමට ගන්නා දියරවල උකු ගතිය අඩු කිරීම.

 

ආමාශගත අම්ල ගලනාලයට එන GERN ලක්ෂණ දරුවාට ඇත්නම්,

■ රාත්‍රී ආහාරය නින්දට අවම පැය 3කට පෙර ගැනීම හා කෑමෙන් පසු පැය½ක් පමණ වාඩිකර තිබීම.

■ ප්‍රතිආම්ලික ඖෂධ මගින් ආමාශයේ අම්ලය නිෂ්පාදනය අඩු කිරිම.

■ ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධතිය තුළින් වේගයෙන් පහළට යාමට උදව් කිරීම.

- Child care news

 

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00