2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

සුදු රුධිරාණුත් ලෙඩවෙන හැටි!

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 2269

දන්නවාද? ඔබේ රුධිරයේ ප්‍රධාන සංඝටකයක් වන සුදු රුධිරාණුත් ලෙඩ වෙන්නට පුළුවනි. සුදු රුධිරාණු රුධිරයේ දක්නට ලැබෙන්නේ සියයට එකක ප්‍රමාණයක් වන නමුත් ඒවායේ කාර්යභාර්ය සුළුපටු එකක් නම් නොවේ. නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්නට හෙවත් විෂබීජවලින් ඇතිවන රෝගාබාධවලින් ගැලවෙන්නට උපකාර වන්නේ සුදු රුධිරාණුයි.

මේ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය භාර විෂබීජවලට එරෙහි සටන්කරුවා හැටියට සුදු රුධිරාණු හඳුන්වන්නට හැකියි. සුදු රුධිරාණුවලට රෝගාබාධ වැළඳීමෙන් සිදුවන්නේ කෙළින්ම දේහ ප්‍රතිශක්තිය අඩුවීමෙන් විවිධ රෝගාබාධ රැසකට තෝතැන්නක් බවට ශරීරය පත්වීමයි. සුදු රුධිරාණු ලෙඩවීම නිසා ඇතිවන බොහෝ රෝග තත්ත්ව පිළිකා ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

සුදු රුධිරාණු ප්‍රමාණය
ශරීරයේ සුදු රුධිරාණු ප්‍රමාණය අඩු නම් ඒ කියන්නේ HIV/AIDS බඳු රෝගයක් වැළඳී ඇති බවයි. නැතිනම් පිළිකා රෝගයකට ගත් ප්‍රතිකාර හේතුවෙන් ඒවා විනාශ වී ඇති බවයි.

සුදු රුධිරාණු වැඩිවීම
සුදු රුධිරාණු වැඩි නම් එයින් හැඳින්වෙන්නේ ශරීරයට කිසියම් රෝගයක් වැළඳී ඇති බවයි. ශරීරගත වූ බැක්ටීරියාවකට හෝ වෛරසයකට විරුද්ධව සටන් අරඹා ඇති බවයි.

වසා ගැටිති පිළිකාව, ලියුකේමියාව, ඇටමිදුළු ආශ්‍රිත පිළිකා යන මේ තත්ත්වයන්ට ගොදුරු වීම නිසා රුධිරගත සුදු රුධිරාණු ඉහළ යා හැකි බවයි, වෛද්‍ය මතය. Myeloproliferative disorder ලෙස හැඳින්වෙන තත්ත්වය හේතුවෙන් ද නොමේරූ රුධිර සෛල (රතු සහ සුදු) වැඩියෙන් හෝ අඩුවෙන් නිපදවිය හැකියි.

ඖෂධ
සමහර ඖෂධ වර්ග හේතුකොට රුධිරගත සුදු රුධිරාණු ප්‍රමාණය අඩු හෝ වැඩි විය හැකියි.

අධික වෙහෙස, දුම්බීම, ගර්භණී බව

අධික වෙහෙස - මෙය ශාරීරික හෝ මානසික විය හැකියි. එමගින්ද සුදු රුධිරාණු ප්‍රමාණය ඉහළ දැමෙයි. ගර්භණී අවස්ථාව, දරු ප්‍රසූතිය, වගේම දුම් බොන්නන් තුළත් අධික ව්‍යායාම මගිනුත් සුදු රුධිරාණු ප්‍රමාණය ඉහළ යාමට හැකියි. සුදු රුධිරාණු ආශ්‍රිතව හටගන්නා බොහෝ රෝග පිළිකාවන් හැටියටයි හඳුන්වන්නේ. එයින් කවුරුත් දන්නා රෝගය ලියුකේමියාවයි. ලිම්පෝමියා ලෙස හැඳින්වෙන තත්ත්වය වසාගැටිති ආශ්‍රිතව හටගන්නා රෝගයකි. එහිදී සුදු රුධිරාණු අධික ලෙස විශාල වී අසාමාන්‍ය ලෙස පැතිරීම සිදුවෙයි. Multiple Myeloma ලෙස හැඳින්වෙන තත්ත්වයේ දී ප්ලාස්මා සෛල ලෙස හැඳින්වෙන සුදු රුධිරාණු බහුල වී ඒවායින් ශරීර අවයවවලට හානිකර ද්‍රව්‍ය නිකුත් කිරීම සිදුවෙයි.

Myelodysplastive Symdrome නැතිනම් ඇටමිදුළු අඩපණ කරන තත්ත්ව‍යේ දී අවශ්‍ය පමණ රුධිර සෛල නිපදවීම සිදු නොවේ. මෙයද පිළිකාමය තත්ත්වයක් හැටියට හඳුනාගෙන ඇති අතර මහන්සිය, හතිය ආදී සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන නිසා මුල් අවස්ථාවේදී සුදුසුකම් ඇති වෛද්‍යවරයකු හමුව නිසි රෝග පරීක්ෂණයක් නොකළහොත් හඳුනාගන්නට නොහැකි තත්ත්වයකි.
WebMD