2016 අගෝස්තු 24 වන බදාදා

සබ්වේ සබ්මැරීන් කෑවොත් ඉස්තරම්

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 164

සාමාන්‍යයෙන් බර්ගර් එකක් සබ්මැරීන් එකක් කිව්වම ප්‍රසිද්ධ තරමක් ඇඟට ගුණ නැති දෙයක් විදිහටයි. හැබැයි ඒ ප්‍රශ්නය ඉතාම අවම තැනක් ගැනයි අපි මේ කියන්න හදන්නෙ. ඒ තමයි ලෝක ප්‍රකට සබ්වේ (Subway) අවන්හල් ජාලය. 

සබ්වේ අවන්හල් ජාලය තමයි ලෝකයේ තියෙන විශාලතම ක්ෂණික ආහාර අවන්හල් ජාලය. ලෝකයේ රටවල් 100කට වඩා ප්‍රමාණයක පිහිටලා තියෙන මේ අවන්හල් ලංකාවේත් තියෙනවා. කොළඹ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාර් පිහිටලා තියෙන ප්‍රධාන අවන්හල මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය තැනක් වෙලා. මෙතැන තියෙන ප්‍රධානම ආහාරය තමයි සබ්මැරීන්. තමන්ටම ආවේණික රසයක් එක්ක වගේම නැවුම් තක්කාලි, සලාද කොළත් යහමින් යොදලා තමයි මේ සබ්මැරීන් පිළිගන්වන්නෙ.


මේ අවන්හලේ තවත් අපූරැ විශේෂාංගයක් තියෙනවා. ඒ තමයි කිසිම විදිහකට පිටි ආහාර ගන්න අකමැති අයට වුණත් සබ්මැරීනයක රස විඳින්න පුළුවන්කම. ඒ කියන්නේ සබ්මැරීනයේ දෙපැත්තට තියෙන පිටිවලින් සෑදු කොටස් දෙක අත්හැර ඉතිරි සියල්ල චිකන්, මාළු, සලාද කොළ, තක්කාලි හා චීස් වගේ වර්ග සියල්ල ප්ලැටර් එකක් විදිහට ඔබට පිළිගන්වනවා. ඉතින් අමුතුම ආකාරයේ සබ්මැරීන් අත්දැකීමක් වුණත් සබ්වේ ආවොත් විඳින්න පුළුවන්. 


සබ්වේ කාර්ය මණ්ඩලය නම් කියන්නේ ඔවුන් ඉදිරිපත් කරන සබ්මැරීන් වර්ග 19 ඉතා සියුම් රස වෙනස්කම් හරහා රස මිලියන දෙකක් දක්වා වෙනසක් පාරිභෝගිකයන්ට ලබාදෙන්න පුළුවන් කියලයි. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00