අද අපි හුස්ම ගන්නේ වසවිස. කන්නෙ බොන්නෙ වසවිස. ඒ වගේම අපේ ශරීරය තුළත් රසායනික ප්‍රතික්‍රියා නිසා හානිදායක විස ද්‍රව්‍ය නිපදවෙනවා. මතක තියාගන්න අපේ ශරිරයේ මෙවැනි හානිදායක රසායනික ද්‍රව්‍ය හා සටන්කර ඒවා ශරීරයෙන් බැහැර කිරීමට අවයව හා පද්ධති නිර්මාණය වෙලා තිබෙනවා. මෙම නිසාම බොහොමයක් විස අපිටම අපේ ශරීරයෙන් බැහැර කරවීමට හැකියාවක් තියෙනවා. ඉතින් අපි අපේ ශරීරය විස බැහැර කිරීම කරන ආකාරයත්, මෙම ක්‍රියාවලිය නිසිලෙස සිදු නොවුණහොත් ශරීරයට විය හැකි හානිය වගේම මෙම ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගන්න අපිට කිරීමට හැකි දේවල් ගැන කතා කරමු.
විස බැහැර කරන අවයව:
පෙනහළු– අපේ පෙනහළු අපේ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ලබාදෙන අතරම අපේ ආශ්වාසය සමඟ ශරීරයට ඇතුළු වන විෂ වායූන් ප්‍රාශ්වාසය සමඟ පිට කරමින් අපිව ආරක්ෂා කරනවා.
සම- සම විෂ ශරීරයට අවශෝෂණය කර ගැනීම අඩු කරනවා.
ආහාර ජීර්ණ පද්ධතිය - මෙහි ප්‍රධාන කාර්යය ආහාර ජීර්ණය වුවත්, අපගෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආහාර සමඟ ශරීරයට ඇතුළු වන විෂ බැහැර කරන්නත් ආහාර ජීර්ණ පද්ධතිය සමත්. ඒ වමනය හා මළපහ හරහා.
වකුගඩු - රුධිරයෙහි වන විෂ සහිත දෑ රුධිර යෙන් පෙරා මුත්‍රා සමග පිටකරමින් වකුගඩු අපට උපකාර වෙනවා.
අක්මාව - ශරීරයේ ස්වාභාවික විෂහරන ක්‍රියාවලියේදී ප්‍රධානතම කාර්යය කරන්නේ අපේ අක්මාවයි. එය අපේ රැධිරයේ ඇති වසවිසවල රසායනික සංයුතිය ශරීරයෙන් පිට කිරීමට හැකි ලෙස වෙනස් කිරීම හෝ ශරීරයට හානිදායක නොවන ද්‍රව්‍යයකට වෙනස් කොට නැවත රුධිරයට හෝ ආහාර ජීර්ණ පද්ධතියට යැවීමත් නැතිනම් අක්මාව තුළටම තැන්පත් කර ගැනීමට මුදාහැරීමත් සිදුකරනවා.
විෂ බැහැර කිරීම නිසිලෙස සිදු නොවන්නේ ඇයි?
අපගේ ශරීරයේ විස බැහැර කිරීමට යාන්ත්‍රණයක් තිබුණත් ශරීරයට ඇතුළුවන විස සියල්ලම යම් හේතූන් නිසා එයින් බැහැර නොකෙරෙයි. මෙයට අපේ ආහාර ඇවතුම් පැවැතුම් වගේම අද නවීන ලෝකයේ කෘතිම හා ක්ෂණික ආහාරවල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍යත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේමයි ශරීරයේ ඇති අනෙකුත් ලෙඩ රෝගයන් නිසා හටගන්නා සංකුලතාද මෙයට හේතුවිය හැකියි.
වසවිස එලෙස ඉතිරි වූ විට සිදුවෙන්නේ කුමක්ද?
මෙය රෝග පීඩා බොහෝමයකට හේතුවෙන්න පුළුවන්. සමේ රෝග ඉදිමුම් කැක්කුම්වල සිට ක්ෂණිකව පහළවන රෝග මෙන්ම කාලාන්තරයක් ටිකෙන් ටික එකතු වන වස නිසා ඇති වන නිදන්ගත අක්මා වකුගඩු රෝග වැනි අසාධ්‍ය රෝග ඇති කරන්නත් මෙය හේතුවක්.
විස රසායනික ශරීරයේ ඇති කරන හානි:
මෙවැනි විස මූලිකවම ශරීරයේ එන්සයිමවලට හානිකරනවා. ඛනිජ ලවණ මට්ටම වෙනස් කරනවා. එයින් අපගේ අස්ථි පද්ධතියට හානි වෙන්න පුළුවන්. අක්මාව වකුගඩු වැනි අවයවවලට හානි පමුණුවනවා. හෝමෝනවල අසමතුලිතතාවන් වගේම හෝමෝන සම්බන්ධ ගැටලු මතු කරනවා. සෛල පටලයට හානි කරනවා. DNAවලට හානිකර විකෘතියට ලක්කරනවා. ශරීරයේ විෂහරණයට ඇති හැකියාව හීන කරනවා. මේ හැර තවත් බොහෝ රෝග තත්ත්වයන් ඇති කරන්නත් මේ විෂ හේතුවෙනවා.
ශරීරයේ විසහරණ ක්‍රියාවලිය වේගවත්ව සහ කාර්යක්ෂමව පවත්වාගන්න අපට කළ හැකි දේ?
නියම වෙලාවට ආහාර ගනිමින්, නියමිත පරිදි නින්දක් ලබමින්, මානසික පීඩාවන් අවම කර ගනිමින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න. එළවළු, පළතුරු හා කහ, සුදුලූනු වැනි කුළුබඩු යෙදූ ආහාර වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගන්න. බඩවැල් පිරිසුදු කරන කෙඳිති සහිත ආහාර නිතර ආහාර වේලට එකතුකර ගන්න.
ශරීරයෙන් සිදුකරන විෂහරණයට අතිරේකව අවුරුද්දකට දෙවරක්වත් ස්වාභාවික විසහරණ ක්‍රියාවලියක නිරත වෙන්න. වැඩිපුර වතුර බොන්න.
දහඩිය පිටකරන සිරුර වෙහෙස කරන කාර්යයන් කටයුතු දෛනික වැඩකටයුතුවලට එක් කර ගන්න. (yoga, ව්‍යායාම වැනි දෑ) මොකද දහඩිය සමග දශරීරයේ සමහරක් විෂ බැහැර කළ හැකියි. ප්‍රබල කෘතිම පිරිසිදු කාරක, කෘතිම ආහාර, ප්ලාස්ටික් වැනි දෑ පරිභෝජනයෙන් හැකිතාක් වළකින්න.
- Web MD