වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන්නේ හිපොක්‍රටිස්. ඔහු “මනුෂ්‍යයා සතු හොඳම ඖෂධය ඇවිදීමය” යැයි පවසා තිබෙනවා. දැන් කාලේ වෛද්‍යවරයෙක් හම්බවෙන්න ගියත් නිතරම දෙන පොදු උපදේශය තමා දිනකට විනාඩි 15-30ත් අතර කාලයක් ඇවිදින්න කියන එක. ඇත්තටම දිනකට සුළු කාලයක් ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට ලස්සන හැඩැති සිරුරක් ලබාගන්න වගේම, ලෙඩරෝග රැසකින් සුවය ලබාගන්නටත් හැකි වේවි. තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගන්නට හැකියි. දැන් අපි බලමු මොනවාද මේ ප්‍රතිලාභ කියා.
පෙනහළුවල පරිමාව ඉහළ නැංවීම.
ඇවිදීම මගින් ඔබේ සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ඉහළ යාම ප්‍රධානම ප්‍රතිලාභයයි. ඔබේ සිරුර පුරා ඔක්සිජන් රැගෙන යන්නේ රුධිරයයි. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීමෙන් ඔබේ පෙනහළුවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වෙනවා. ඔබේ පෙනහළු නිරෝගි වෙනවා. මුළු සිරුරම ප්‍රාණවත්ව ශක්තිමත් වෙනවා.
හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු වෙනවා.
ඇවිදීම මගින් හදිසි හෘදයාබාධ ඇතුළු හදවත් රෝග ගණනාවක් වැළඳීමේ අවදානම පහවී යන බව American Heart Association පවසනවා. එයට හේතුව වන්නේ ඇවිදීමේ ව්‍යායාමය මගින් අධිරුධිර පීඩනය පාලනය කිරීම, කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සහ රුධිර සංසරණ වේගය ක්‍රමවත් කරන නිසාය.
ඇස් රෝග වැළඳීම අඩු වෙනවා.
ඇවිදීම නිසා හිමිවන ප්‍රධානම සෞඛ්‍යමය ප්‍රතිලාභයක් තමා ඇසේ පීඩනය අඩුවීම. එමගින් පෙනීම වැඩිදියුණු වෙනවා. ඇස් රෝග වැළඳීම අඩු වෙනවා.
දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීම.
ඇවිදීම ඔබට ලෙඩ ගොඩකට මුල්වෙන දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම අඩු කරවනවා. එමෙන්ම අග්න්‍යාශයේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැඟීමත් මෙහි අතුරු වාසියක්. අග්න්‍යාශය දුර්වල වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ දියවැඩියා රෝගයයි. එයින් ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය අඩාල වෙනවා. සිරුරේ ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලිය අඩාල වීම සහ සෛල තුළට ග්ලූකෝස් උරාගැනීමේ අවදානමත් ඇවිදීම නිසා පහ වෙනවා.
ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යමය තත්ත්වය ඉහළ නැගීම.
දිනකට මිනිත්තු 30ක් ඇවිදීම මගින් මහා අන්ත්‍රයේ පිළිකා සෑදීමේ අවදානම අඩු වෙනවා. එමෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කිරීම, මළ බද්ධය අඩු කිරීම වැනි සෞඛ්‍යමය ප්‍රතිලාභත් හිමි වෙනවා.
ඇල්සයිමර් රෝගයෙනුත් ආරක්ෂාව.
ඇවිදීමේ ව්‍යායාමය මගින් ඔබේ මානසික සෞඛ්‍ය ඉහළ නංවනවා. එමගින් ඔබට මානසික රෝග වැළඳීමට ඇති ඉඩකඩ අඩු කරවනවා. එමෙන්ම වයසට යන විට එන ඇල්සයිමර් රෝගයෙනුත් ඔබව ආරක්ෂා කරනවා. එසේ වන්නේ ඇවිදීම මගින් ඔබේ Endorphin හෝර්මෝනය ස්‍රාවය ක්‍රමවත් කරන නිසායි. ඇවිදීම ඔබේ සිත සැහැල්ලුවට පත් කරවනවා. එයින් ඔබ තුළ ඇති ඍණාත්මක සිතුවිලි සහ ආවේග ඉවත් වී යනවා. විශාදය වැනි රෝගී තත්ත්වයන් සුව වෙනවා.
නිර්මාණශීලී හැකියාව ඉහළ යනවා.
එක තැන සිටින්නකුට සාපේක්ෂව පුරුද්දක් ලෙස දිනපතා ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන අයකු තුළ නිර්මාණාත්මක අදහස් ඇතිවන ප්‍රමාණය වැඩි බව පැවසෙනවා.
මස්පිඬු ශක්තිමත් වීම.
ඇවිදීම නිසා ඔබේ මස්පිඬුවල ඇති අනවශ්‍ය මේදය ඉවත් වී, ඔබගේ තරබාරුව නැති වී යනවා. පියවර 10,000ක් ඇවිදීම තරබාරු ඔබට ඉතා හොඳ ව්‍යායාමයක්.
ඇටකටු සහ සන්ධි ශක්තිමත් වීම.
ඇටකටුවල දුර්වලතා මඟහරවන්නටත් මේ ඇවිදීමේ පුරුද්දට පුළුවන්. ආතරයිටිස් රෝගය වැළඳෙන අයට වෛද්‍ය උපදෙස් ලෙස දිනකට මිනිත්තු 30ක් ඇවිදීම නිර්දේශ කරනවා.
කොන්දේ වේදනා සමනය වීම.
වැඩි වෙහෙසක් දරා කළ යුතු ඇතැම් ව්‍යායාමවලදී කොන්දේ අමාරු ඇති වෙනවා. නමුත් ඇවිදීම වැනි අඩු වෙහෙසක් දරා කළ යුතු ව්‍යායාමවලින් කොන්දේ වේදනා අඩු වෙනවා. ඇවිදීම මගින් කශේරුකා පද්ධතියට සහනය සලසනවා. ඒ තුළ රුධිර සංසරණය ඉහළ නංවනවා.ඔබේ සිරුරේ නම්‍යතාවය වැඩි කිරීමට මෙය උපකාර කරනවා.
නහර ගැටගැසීම ඇතුළු දෙපයේ ගැටලු සමනය වීම.
මේ කාලේ මැදිවියට එළඹීමත් සමඟ නහර ගැටගැසීම, දෙපා ඉදිමීම වැනි රෝගී තත්ත්වයන්ට බොහෝ දෙනෙක් ගොදුරු වෙනවා. නමුත් පුරුද්දක් ලෙස ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන අයකුට නම් මෙම ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ.
- Web MD