2020 ජනවාරි 18 වන සෙනසුරාදා

විජලනය දැනුම් දෙන අනතුරු ඇඟවීම්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 838

ඔබ දන්නවා ඇති අපගේ ශරීරයේ බරින් 75‍% කටම වගකියන්නේ ජලයයි. පුද්ගලයෙකුට ජලය නොමැතිව ජීවත්විය හැක්කේ දින කීපයක් පමණි. ශරීරයේ ඇති සෑම සෛලයකම, අවයවයකම සහ පටකවල ජීවය රඳාපවතින්නේ ද ජලය මතයි.

ජලය නොමැති වූ විට ඔබගේ ශරීරයේ මනා ක්‍රියාකාරීත්වය අඩපණ වේ. එම නිසා ඔබගේ ශරීරය සජලනව පවත්වාගැනීම ඉතා වැදගත්ය. සජලනව ශරීරය පවත්වා ගැනීමට නම් දියර වර්ග පානය කර ජලය බහුලව අඩංගු ආහාර පරිභෝජනය කරන්නට ඔබ මතකයේ තබාගත යුතුයි. සමහර තත්ත්වයන් යටතේ ශරීරයෙන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ජලය වැඩියෙන් බැහැර වනබව, අධිකව දහඩිය දැමීම, පාචනය, වමනය, දියවැඩියාව සහ නිතරම මූත්‍රා කිරීම යන කරුණු ශරීරයෙන් අසාමාන්‍ය ලෙස ජලය බැහරවීමට තුඩුදෙන හේතු ලෙස ඉදිරිපත් කළ හැක. මෙසේ සිදුවීමෙන් ශරීරයේ අයනීකරණය වූ තරලයන්ගේ අසමතුලිතතාවයක් ඇති වී එමඟින් ශරීරය විජලනයට පත්වීම මඟින් ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වය අඩපණ වේ.

ශරීරයේ අවශ්‍ය තරම්  ජලය නොමැති වූ විට ඒ ගැන අපට දැනුම් දෙන අනතුරු ඇඟවීම් 5ක් ගැනයි මේ.
(1) හදවතේ වේගවත්/ අපහසුකාරී/ අවිධිමත් ස්පන්දනයන්

පළමුව ඔබ දැනගත යුතු කරුණ වන්නේ, ඔබගේ ශරීරයේ නියමිත ජල ප්‍රමාණය අඩුවීම මඟින් ශරීරයේ ඇති ඛනිජ (ලුණු/සීනි) වල අසමතුලිතතාවයක් ඇතිවෙන බවයි. මෙය ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වයට බලපානු ඇත. මෙම ලක්ෂණ පහළ වෙන්නේ රුධිරයේ ඇති පොටෑසියම් සහ සීනිවල ප්‍රමාණයන් අඩුවීමෙනි. මීට හදවතේ ඉහළ හා පහළ කුහරවල නියමිත වෙලාවට පෙර ඇතිවෙන සංකෝචනයන් හේතු විය හැක. තවද ඔබ දැනගත යුතුයි. අධික දහඩිය දැමීම මඟින් ඇතිවෙන මැග්නීසියම් හීනතාවයද අසාමාන්‍ය හෘද ස්පන්දනයට බලපාන කරුණක් වන බව.

(2) වේදනාකාරී අස්ථි-සන්ධි සහ මස් පිඩු
ඔබ දැන සිටියාද අපගේ අස්ථි සන්ධිවල ඇති කාර්ටිලේජ 65‍%-80‍% අතර ප්‍රමාණයක් සෑදී ඇත්තේ ජලයෙන් බව. එමඟින් අපට පැහැදිලි වන්නේ අප විජලනයට පත්වී ඇතිවිට අස්ථි සන්ධි අතර ඇති කාර්ටිලේජ විනාශවෙන බවයි. දුර්වල කාර්ටිලේජ ඇතිවිට සන්ධි අතර ඇති අස්ථි එකින් එකට ගැටී කාලයත් සමගම ගෙවීයාමකට ලක්වේ. මෙමඟින් අස්ථි සන්ධිවල වේදනාව සහ ඉදිමුම ඇතිවේ. තවද විජලනයට පත්වීම හේතුකොටගෙන ඇතිවෙන මැග්නීසියම් හීනතාවය මඟින් මස්පිඬු පෙරළීමද දෙපාවල මස්පිඬු වේදනා ඇතිවීමටද හේතුවේ. මෙම පීඩාකාරී තත්වයන්ගෙන් බේරී සිටීමට තද කොළපාට පලාවර්ග සහ අලිපේර වැඩි වශයෙන් ආහාරයට ගන්න. මෙම ආහාර ඔබගේ ශරීරයේ ජල ප්‍රමාණය මෙන්ම ඛනිජ ප්‍රමාණයද වැඩි කරයි.

(3) හිසේ රුදාව
හිස්කබල තුළ පිහිටා ඇති මිනිස් මොළය හිස්කබල සමඟ ගැටීම වැළකීමට විශේෂ තරල පද්ධතියක් තුළ ආරක්ෂාකාරීව රඳාපවතී. මෙම ආරක්ෂක තරල පද්ධතිය අප ඇවිදීමේදී සහ දිවීමේදී වැනි ක්‍රියාවලිවල යෙදෙන විට මොළයට ඇතිවිය හැකි හානිවලින් මොළය ආරක්ෂා කරයි. විජලනයට පත්වීම මඟින් මොළයට අවශ්‍ය රුධිර සැපයුමේ අඩුවක් ඇතිවිය හැක. මොළයට සැපයෙන ඔක්ෂිජන් සහ ග්ලූකෝස් ප්‍රමාණය හීනවූ විට ඉතා අසහනකාරී හිසේ රුදාවක් ඇතිවිය හැක.

(4) තෙහෙට්ටුව සහ අලසකම
තරල ප්‍රමාණය අඩුවීම මඟින් රුධිරයේ පරිමාව අඩුවෙන අතර රුධීර පීඩනයද වැඩිවේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මොළයට, සමට සහ මස්පිඬුවලට අවශ්‍ය නියමිත රුධිරය, ඔක්සිජන් සහ පෝෂකයන්ගේ ප්‍රමාණය සැපයීමට හදවතට අමතර ආයාසයක් යොදා ක්‍රියා කිරීමට සිදුවේ. නිදිමත සහ තෙහෙට්ටුවට පත්වීම මෙමඟින් සිදුවේ. මෑතකදී කරන ලද පරීක්ෂණයක් මඟින් ව්‍යායාම කිරීමෙන් පසු නිසි ප්‍රමාණයට ජලය පානය නොකරන ලද කාන්තාවන් විසින් මනෝභාවය තක්සේරැ කිරීමට යොදාගන්නා ප්‍රශ්නාවලියකින් දුර්වල ප්‍රතිඵල ලබාගත් බවට තහවුරු කරගන්නා ලදී. තවද විජලනයට පත්වූ පුද්ගලයන් වැඩි වශයෙන් තෙහෙට්ටුවට සහ අවුල්සහගත තත්වයකට පත්වෙන බවද මෙම පරීක්ෂණය තහවරු කරන ලදී.

(5) වියළි සම සහ තොල්
පළමුව ඔබ දැනගත යුත්තේ අපගේ සමෙන් 30‍% පමණ සෑදී ඇත්තේ ජලයෙන් බවයි. සමේ නියමිත හැඩය, ඇදෙන සුළු භාවය සහ නැවතත් පෙර තිබූ හැඩය ලබාගැනීමට ඇති හැකියාව ජලය මත රඳාපවතී. සමේ නිපදවෙන තෙල් මඟින් ජලය වාෂ්ප වී ශරීරයෙන් බැහැරවීම වළකාලයි. කෙසේ නමුත් නෑම, වියළි සුළඟ, රස්නය සහ සමේ ආසාදන වැනි තත්ත්වයන් ජලය වැඩි වශයෙන් සම තුළින් වාෂ්ප වීමට හේතුවන සාධක වේ. මෙම පුරුදු ඔබගේ සම වේලීමට ලක්කරන අතර සමේ කැසීම් ස්භාවයන් o ඇතිකරයි. අභ්‍යන්තරව විජලනයට පත්වීම මඟින් පළමුව තරල ප්‍රමාණය අඩුවන්නේ සමේ ඇති සෛලවලින්ය. මෙසේ සිදුවන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇති අවයවවල තරල ප්‍රමාණය ආරක්ෂාකාරීව පවත්වා ගැනීමටයි. එමනිසා මෙම තත්වයන්ගෙන් මිදීමට වැඩිපුර ජලය පානය කරන්න. සමේ නිසි ගණත්වය සහ ඝනකම පවත්වා ගැනීමට මෙය මනා පිටුවහලක් වනු ඇත.
- Web MD