දරුවෙකුට උණක් හැදෙනවා කියන්නේ මුළු ගෙදරම වාතාවරණය කනපිට හැරෙන්න තරම් ලොකු හේතුවක්. ඒත් උණ කියන්නේ ලෙඩක් නෙවෙයි. අපේ ඇඟේ තියෙන ලෙඩක් ගැන අපිට පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් විතරයි.
කෙටියෙන්ම උණ ගැන කිව්වොත් උණ කියන්නේ ශරීර උෂ්ණත්වය සමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩිවීම. මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය 37C හෝ 98.60F යි. ශරීර උෂ්ණත්වය වැඩිවීම එහෙම නැත්නම් උණ රෝගයක් නොව රෝග ලක්ෂණයක්. මෙය බොහෝවිට ආසාදනවලදී ශරීරය තුළින් ඇති කරවනු ලබන ස්වභාවික ප්‍රතිචාරයක්. ශරීරයේ ආරක්ෂාව සඳහා ඇතිවන මෙම දැනුම්දීම මගින් පුද්ගලයා ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට යොමු වෙනවා. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය වැඩිවීමකදී නිවසේදී ප්‍රතිකාර කළ හැකි නමුත් උෂ්ණත්වය 102F වඩා වැඩි වූ විට ඒ සඳහා හේතුව සෙවිය යුතුයි.
මිනිසාගේ ශරීර උෂ්ණත්වය වෙනස් වීම සඳහා ආහාර ගැනීම, ව්‍යායාම, නින්ද, දවසේ වේලාව බලපායි. ශරීර උෂ්ණත්වය වැඩිම වේලාව සවස 6.00 වන අතර අඩුම උෂ්ණත්වය පවතින්නේ පාන්දර 3.00 ට වේග ශරීර උෂ්ණත්වය වැඩි වීම යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආසාදන පලවා හැරීම සඳහා ගන්නා එක් ක්රියාමාර්ගයකි. වැඩිවන උෂ්ණත්වය ආසාදන සුව කිරීම සඳහා උපකාරී වේ. අධික ලෙස උෂ්ණත්වය වැඩි වූ විට ආක්ෂේප (Fits) වැනි සංකූලතා වුවද ඇති වීමටද හැක.
උණ ඇතිවිට දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ
සීතල දැනීම, වෙව්ලීම, ආහාර අරුචිය, විජලනය, මානසික අවපීඩනය, වේදනාව, සංවේදීතාව වැඩිවීම, ඈලිමෑලි ගතිය, නින්ද නොයාම, දහදිය දැමීම, පේශී වේදනාව.
උණ ඇති වීමට හේතූ
වෛරස්/ බැක්ටීරියා ආසාධන
ප්රදාහිත තත්ත්ව
උදා: සන්ධි රෝග (Rheumatoid Arthritis), පිළිකා අර්බුද (Malignant tumor), Silicosis (දීර්ඝ කාලීනව Silica දූවිල්ලට නිරාවරණය වීමෙන් පෙනහලුවල ඇති වන රෝගයකි.) කන, පෙනහලු, සම, උගුර, මුත්‍රාශ්‍රය ආදී අවයව තුළ ඇතිවන ආසාධන.
සමහර ඖෂධ
උදා: ප්‍රතිජීවක, අධි රුධිර පීඩනය සඳහා භාවිතවන ඖෂධ, ආක්ෂේප සඳහා භාවිත වන ඖෂධ.
සමහර ප්‍රතිශක්තීකරණ එන්නත්
උදා: ගලපටල, පිටගැස්ම සඳහා භාවිත වන එන්නත, නියුමෝනියාව සඳහා භාවිත වන එන්නත.
ස්වයං සාධක ස්නායු පද්ධතිය ආශ්රිත රෝග (Auto immune disease)
උදා: SLE (systemic Lupus, Erythrmatosis)” ප්රදාහිතල අන්තක (inflammatory bowel disease)
හෝමෝන ආශ්රිත රෝග
උදා: අති තයිරොක්සීන් (Hyperthyroidism)
නීති විරෝධී ඖෂධ මගින්
උදා: Amphetamine, cocaine
- වෛද්‍ය ඩී.එම්.අයි. දිසානායක