නිවසේ දී කාර්යාලයේ දී හෝ මහමඟ හෝ අයකු හට පපුවේ වේදනාවක් ඇති හෘදයාබාධයක ලක්ෂණ වුවහොත් මේ ලෙස ක්‍රියා කරන්න.
• රෝගියා තිරස්ව සැතැපීමට සලස්වන්න. ඇඳක් නැත්තම් සුදුසුතම ස්ථානය බිමයි. පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩ දෙන්න. සිහිමඳ රෝගියකු නම් පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩ දෙන්න. සිහිමඳ රෝගියකු නම් පැත්තකට හරවා තබන්න. (වමනය හා කෙළ පෙණහැල්ලට යෑම වැළැක්වීම පිණිස මෙසේ හරවා තැබීම අවශ්‍යය.)
• දිගාවී සැතපීමට ඉඩක් නැත්තම්, පුටුවක වාඩි වී සිටියාට කම් නැත. එහෙත් ශරීර මට්ටමට එන ලෙස කකුල් ඔසවා බංකුවක් (වැනි දෙයක්) මත තබන්න.
• වාඩි වී සිටීමෙන් හුස්ම ගැනීම පහසු බව රෝගියා පැවසුවහොත් ඒ ඉරියව්වෙන්ම සිටීමට ඉඩ හරින්න.
• තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉනපටි, ටයිපටි ආදිය ඉවත් කරන්න.
• මළපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඳේ දිගා වී සිටියදීම එසේ කිරීමට ඉඩ හරින්න. නැගිටුවා ඇවිද්දවීම වැරදියි.
• වෙනත් හෘද රෝගියකු ළඟපාත සිටීදැයි වහාම විමසන්න. මෙම රෝගීන් ළඟ හදිසි අවස්ථාවක දී දිව යට තබාගත යුතු ටී.එන්.ටී. පෙති ඇත. එබඳු රෝගියකු ළඟ සිටියහොත් ඔහුගෙන් ටී.එන්.ටී. පෙති දෙකක් ඉල්ලා කුඩු කොට, රෝගියාගේ දිව යට තබන්න. විනාඩි දහයකට පසු වේදනාව තවමත් පවතින්නේ නම් තවත් ටී.එන්.ටී. පෙති දෙකක් එලෙසම දෙන්න. පැය භාගයක් ඇතුළත පෙති 06කට වඩා දෙන්න එපා.
• ඇස්පි‍්‍රන් හෝ දියවෙන සුළු ඇස්පී‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප ¼ක පමණ දියකොට රෝගියාට පොවන්න. මෙය ඉතා වැදගත් පියවරකි.
• දහඩිය දැමීම අධික නම් රෙදි කඩකින් පිසදමා සෙමෙන් පවන් සලන්න.
• රෝගියා වටා බොහෝ දෙනා වටවී සිටීම නොමැනවි. එයින් ඔහුට වාතාශ්‍රය නොලැබෙනු පමණක් නොව මානසික අසහනය ද වැඩිවේ.
• ගෑස් අඩංගු බීම, සෝඩා බ්‍රැන්ඩි ආදිය නොදිය යුතුය.
හෘද ශ්වසන පුනර්ජීවනය හෙවත් ශ්වසන ප්‍රථමාධාර ක්‍රමය – මුලික ක්‍රියා පිළිවෙළ
හෘදය ගැස්ම නැවතුණු විට කරනු ලබන ප්‍රථමාධාර ක්‍රමයට හෘද ශ්වසන පුනර්ජීවනය යැයි කියනු ලැබේ. පහත සඳහන් ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් හෝ හෘදයාබාධ රෝගියකු කෙරෙහි දුටු කල්හි හදගැස්ම නැවතුණු බව උපකල්පනය කළ යුතුය.
එනම්:- ශ්වසනය නැවතීම, නාඩිය හසු නොවීම, ශරීරය (වලිප්පුවක දී මෙන්) ගැස්සීම, ඇස් උඩට කරකැවී යාම, ඇඟිලි තුඩු ද නිල් පැහැවීම.
මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
තමාගේ දකුණත මීට මොළවා රෝගියාගේ පපුවේ වම් පැත්තට (ශරීරයට හෘදය මතුපිටට) වැරෙන් තලන්න. ඒ කළ වහාම බාහිර හෘද සම්බාහනය ආරම්භ කළ යුතුයි.
සම්බාහනයේදී කරනුයේ රෝගියාගේ හෘදය, පපු ඇටයත්, කොඳුඇට පේළියත් අතර තෙරුපීමයි. එවිට හෘදයේ ඇති රුධිරය ශරීරයට ගලා යයි. මෙය සාර්ථකව කරනු පිණිස රෝගියාගේ කොඳුඇට පෙදෙස නොනැමී තිබිය යුතුය. එබැවින් රෝගියා බිම වැතිරවීම ඉතා සුදුසුය. අනතුරුව තමාගේ අත් දෙකම රෝගියාගේ පපු ඇටය මැද තබා අඟල් 1 1/2 – 2ක් පමණ පහළට පපු ඇටය එබිය යුතුය. මේ සඳහා තමාගේ සිරුරේ බර උපයෝගී කර ගැනීම යෝග්‍යය.
විනාඩියකට 80 – 100 වාරයක්
විනාඩියට 80 – 100 වාරයක් පමණ මේ බාහිර සම්බාහනය කරන්න. ඕනෑවට වඩා වේගයෙන් සම්බාහනය කිරීමෙන් වැළකෙනු පිණිස එක, දෙක, තුන යනාදී වශයෙන් ගණන් නොකොට එක් දහසයි එකයි. එක් දහසයි දෙකයි. එක් දහසයි තුනයි යන පරිද්දෙන් ගණනය සඳහා උපදෙස් දෙනු ලැබේ. සෑම සම්බාහන හතරකට හෝ පහකට හෝ පසුව කෘත්‍රිම ශ්වසනයක් ද කළ යුතුය.
කෘත්‍රිම ශ්වසනය
පළමුකොට වෙද ඇඟිල්ල රෙදි කඩකින් වෙලා රෝගියාගේ මුව ඇතුළෙහි ඇති සෙම, වමනය, බොරු දත් ආදිය ඉක්මනින් ඉවත් කරන්න. ඉන්පසු රෙදි කඩකින් තේ හැඳි මිටක් වෙලා එය දිවට උඩින් යොදා දිව පිටුපසට වැටී යාම වළක්වාලන්න. (එසේ වැටුණොත් ශ්වසන මාර්ගය අවහිර වේ.)
අනතුරුව රෝගියාගේ නිකට (තමාගේ දකුණු අතින්) හැකි තරම් උඩට (ඉහළට) උස්සා තමාගේ වම් අතින් රෝගියාගේ නාස්පුඬු තදකොට වසාගන්න. (මේ සඳහා තමා රෝගියාගේ දකුණු පැත්තේ සිටිය යුතුය. නාස්පුඬු වසා නිකට උස්සා කට අරින පරිදි ඉහළට උස්සන්න.)
(සෑම සම්බාහන හතරකට වරක්ම කෘත්‍රිම ශ්වසනයක් දිය යුතුය.)
දැන් හැකි තරම් ගැඹුරට හුස්මගෙන තමාගේ මුව, රෝගියාගේ මුවට තදකොට තබා වැරෙන් ඔහුගේ මුව තුළට හැකි තරම් හුස්ම පිඹින්න. රෝගියාගේ මුව මත ලේන්සුවක් එළා මෙය කළාට වරදක් නැත. හරියට මෙය කළහොත් රෝගියාගේ පපුව හුස්ම නිසා පිම්බෙනු ඇත. දැන් දෑතම ඉවත්කොට යළිත් බාහිර සම්බාහනය අරඹන්න. මේ අතර වෛද්‍යාධාර පැතිය යුතුයි.