මේ කාලයේ බහුලව පැතිර යන රෝගී තත්ත්වයක් වන්නේ වෛරස උණ සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගයයි. මේ බොහෝ රෝගවල ප්‍රධාන ලක්ෂණ ප්‍රතිශ්‍යා ලක්ෂණමය. මේවා නිසි ලෙස හඳුනාගෙන කලට වේලාවට ප්‍රතිකාර නොගතහොත් නිව්මෝනියා බඳු මාරාන්තික තත්ත්වයකට පෙරුළීමට හැකිය. කුඩා දරුවන් සෙම් රෝග සඳහා නිරන්තරයෙන් ගොදුරුවීම දක්නට හැකි තත්ත්වයකි. ගර්භනී මව්වරුන් සහ 65ට වැඩි මහළු අයද මේ අතරට එක්වෙති. සෙම් රෝග අතර සාමාන්‍යයෙන් උණ, හෙම්බිරිස්සාව ලෙස හඳුන්වන සෙම්ප්‍රතිශ්‍යාව වැඩිපුරම ඇතිවිය හැකි රෝගී තත්ත්වයයි. පීනස් රෝග තත්ත්වයත් වැසි කාලයට වැඩිවීම සුලබයි. කැස්ස, ඇදුම වැනි රෝග තත්ත්ව ද වැඩිපුරම දැකිය හැක්කේ වර්ෂා කාලයේදීයි. අපි අද මේ ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ ගැන සොයා බලමු.
ප්‍රතිශ්‍යාව
මෙය කුඩා දරුවන්ට සෑදීමේ හැකියාව වැඩියි. ස්පර්ශයෙන් හා කිවිසුම් යාම හේතු කොටගෙන පැතිර යන විෂබීජ හේතුවෙන් බෝවීම වැඩිවිය හැකියි. ප්‍රතිශක්තිය අඩු අයට හා විවිධ ලෙඩ රෝග වැළඳී සිරුර දුර්වල තත්ත්වයේ පසුවන අයට මේ කාලයේ ප්‍රතිශ්‍යාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළය.
මොනවද මේ ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ
උගුරේ ඇතිවන වෙනස්කම් මත සිදුවන පීඩාකාරී බව අපට ප්‍රතිශ්‍යාව හඳුනා ගැනීමට හැකිවන මූලික ලක්ෂණයකි. උගුර කැසීම හා උගුරේ අපැහැදිලිතාවය වැනි රෝගාබාධ ඇතිවීම මෙහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. නිතර නිතර එක ළඟ කිවිසුම් පිටවීමද ප්‍රතිශ්‍යාවේ තවත් මූලික ලක්ෂණයක්ය. ඉතාම ආසන්නවම ප්‍රතිශ්‍යාව වැළඳීමේ ලකුණු පහළ වන්නේ එවිටයි.
මෙහිදී නොකඩවා කිවිසුම් යාම ඇතිවේ. කිවිසුම් යාමත් සමඟ සොටු දියර ගැලීම ඇති වේ. සමහරවිට සිරුර සීතල කර උණ රෝග තත්ත්වය ඇතිවේ. පසුව එය වැඩිවත්ම හිසරදය හා මාංශපේශිවල වේදනාව හන්දිපත් අමාරැව දක්වා පැමිණ සිරුරේ අප්‍රාණිකත්වය මෙන්ම උද්‍යෝගිමත් බව නැතිකළ හැකියි. කිසිදු වැඩක් පලක් කිරීමට සිත දෙන්නේ නැත. අලස බව ඇති කරයි. ඔළුව බර ගතිය සේම ඔළුව ඔබාගෙන නින්දට යෑමට බල කෙරෙන බව හැඟෙයි. ඇස් කැසීම, ඇස්වලින් කඳුළු වැගිරීම, ඇස් රතුවීම, මුහුණ රෝස පාටවීම, හිරු එළිය දෙස බැලීමේ අපහසුව, නාසය හිරවීම, හුස්ම ගැනීමේ අපහසුව ඇති විය හැකියි.
කහපාටට සෙම පිටවීම
කහපාටට, කොළ පාටට හෝ දුඹුරු වැනි පාටවලින් සෙම පිටවිය හැකියි. එයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් නිව්මෝනියා රෝග තත්ත්වය දක්වා වර්ධනය විය හැකියි. මේ නිසා රෝගයට නිසි ප්‍රතිකාර අත්‍යවශ්‍ය බැවින් කල් නොයවා ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්ය.්
ප්‍රතිශ්‍යා හෝ ඉන්ෆ්ලුවන්සා ලක්ෂණ ඇතිවිට කළයුතු දේ.
උණු ජලය භාවිතය, බර ආහාර නොගැනීම, සැහැල්ලු ආහාර උණුවෙන් ගැනීම.
උණුසුම් ඇඳුම් ඇඳීම, ස්නානය නොකිරීම, ශීතකරණයේ තබා ඇති ආහාර නොගැනීම.
තද අව් රශ්මියේ නොසිටීම, දූවිලි නොවැදීම, ඇල් ජලය භාවිත නොකිරීම, විදුලි පංකා සහ ශීත කළ කාමරවල නොසිටීම සහ හොඳ වාතාශ්‍රයක් පවත්වා ගැනීම.
සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටීම, හැමවිටම අත් පිරිසුදුව තබා ගැනීමත් ප්‍රතිශ්‍යාවෙන් වැළකී සිටීමට උදව් වෙයි.
උණු වතුර වාෂ්පය, උණු වතුරට දෙහි කොළ දමා නැගෙන වාෂ්පය, කොත්තමල්ලි හැලියේ වාෂ්පය ආදී මෙම කවර වර්ගයක වාෂ්පය ඉරීම සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදී ඔබට සහනයක්ම ගෙන දීමට සමත් වේවි.
ආරක්ෂක පියවර
රෝගියකු කිවිසුම් අරින හෝ කහින තැනක ඔබ සිටියහොත් මඳ වේලාවක් හුස්ම නොගෙන හුස්ම අල්ලාගෙන සිටීම එක් ආරක්ෂාකාරී පියවරකි. නැතිනම් මුඛ ආවරණ පැළඳිය යුතුය.
උදේ සවස ලුණු වතුරෙන් කට සේදීම. ප්‍රතිශ්‍යාව ඇති අයෙක් තුවාය භාවිත කිරීම වෙනම සිදුකළ යුතුයි. තමා පරිහරණය කරන බඩු භාණ්ඩ වෙනම භාවිත කිරීම අන් අයට එය බෝවීම වැළැක්වීමට හොඳම උපක්‍රමයකි. ලේන්සු, පිඟන්, කෝප්ප වැනි භාණ්ඩ මෙහිදී තමාටම කියා වෙන්කර ගන්න. සැහැල්ලු ආහාර වර්ග ගැනීම ගුණයි. උණුසුම් පාන වර්ග ගැනීම යහපත්ය. අව්වේ, වැස්සේ, පින්නේ යාම හොඳ නැත. සීතල වතුර සමහරුන්ට ස්පර්ශය පවා නුසුදුසුයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින සිරුරේ වෙනස්කම් මත රෝගී බව පෙන්නුම් කරන නිසාය. මහන්සි වීම, නිදිවැරීම හොඳ නැත. උදෑසන 10 - 11 වනවිට උණුසුම් ජලයෙන් මුහුණ කට හෝ ඇඟ සේදීම කළ හැකියි.
ඉන්ෆ්ලුවෙන්සාව
ප්‍රතිශ්‍යා තත්ත්වයන් සුව නොවී දීර්ඝ කාලයක් පැවතුණහොත් වහා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත පැමිණීම වඩාත් යෝග්‍යය. විශේෂයෙන්ම තද උණ දිගටම පැවතීම මෙන්ම හිසරදය හුස්ම ගැනීමේ අපහසුතාව, උත්සන්නවන කැස්ස, උගුරේ රැදාව, හන්දිපත් රුදාව, මස් පිඬුවල වෙහෙස ගතිය දිගටම පැවතීමත් ඇතැම් අවස්ථාවල වමනය ඇතිවීමත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ උණ රෝගයේ ලක්ෂණයකි. මේ අවස්ථාවේ වෛද්‍ය උපකාර පැතිය යුතුමය.
මුව වැස්මක් හරියට පළඳින හැටි:
වාතය ඔස්සේ පැතිර යන ලෙඩවලින් ගැලවෙන්නට පහසුම පූර්ව ආරක්ෂණ ක්‍රමය තමා සෞඛ්‍යාරක්ෂිත මුවවැස්ම. හැබැයි එය හරියට පැළඳිය යුතුයි. ෆාමසියෙන් ගන්නා මුවවැස්මක තද නිල්-කොළ පාට පැත්ත එහි ඉදිරි පැත්තයි. ලා නිල්පාට හුරු සුදුපාට පැත්ත රැළි සහිත පෙරණය සහිත ඇතුළු පැත්තයි. විසබීජ පෙරා දමන්නේ මේ පැත්තෙනුයි. ඉතින් ඔබේ ශරීර සෞඛ්‍යය අනුව එහි නියමිත පැත්ත නියම දිසාවට සිටින්න පැළඳිය යුතුයි.
ඔබ පරිසරයේ විෂබීජ වලින් ආරක්ෂා වන්න නම්:
ඔබ නිරෝගී නම් විෂබීජවලින් ගැළවෙන්න නම් මාස්ක් එකේ තදනිල් පාට පැත්ත මුහුණට ස්පර්ශ වන සේ ඇතුළටත් ළා පැහැති ෆිල්ටරය ඇති පැත්ත පිටතටත් සිටින සේ එය පළඳින්න.
ඔබ රෝගියෙක් නම්:
ඔබෙන් පිටතට විසබීජ යාම වැළැක්වීම සඳහා ෆිල්ටරය සහිත ඇතුළු පැත්ත ඇතුළටත්, තද පැහැති ඉදිරිපස පිටතටත් තිබෙන පරිදි එය පළඳින්න.
► සුගත් පී. කුලතුංග ආරච්චි