සුදුලූනු හා මී පැණි එකට මිශ්ර කිරීමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකියි. අපේ පැරුන්නන් දිනපතා භාවිතා කළ මේ රහස් ප්රතිශක්තිකරණ වට්ටෝරැව ගැන ඔබ මෙයට පෙර දැන සිටියාද?
ආහාර රසකිරීමට වගේම සුදුලූනු සතු ප්රබල ප්රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු ලූනු සතු වෙනවා. තවද සුදු ලූනු තුළ අඩංගු වෙන ඇලිසින් නමැති පෝෂණ සංසටකය මගින් කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම, රුධිර නාල තුළ ලේ කැටි ඇති වීම වැළක්වීම, පිළිකා සෛල විනාශ කිරීම හා සිරුරට අහිතකර බැක්ටීරියා මර්ධනය කිරීම සිදු කරනවා.
සුදුලූනු තුළ කැලරි ගොඩක් අඩංගු නොවුණත් මැන්ගනීස්, විටමින් B6, විටමින් C, සෙලේනියම් හා ෆයිබර් වැනි පෝෂණ සංගටකයන්ගෙන් කිසිදු අඩුවක් නෑ. සුදුලූනු මගින් අසාදන වලට විරුද්ධව සටන් කිරීම සඳහා ඔබේ සිරැරේ ප්රතිශක්තිය වර්ධනය කරනවා.
මෑතකදී කරන ලද සමීක්ෂණයකදී සොයාගත් කරුණු අනුව සුදුලූනු දිනපතා අනුභව කිරීම මගින් සෙම්ප්රතිශ්යාව වැළදීම 63 කින් අවම කර ගන්න පුළුවන්. ඒ වගේම මී පැණි කියන්නෙත් ප්රතිඔක්සිකාරක, එන්සයීම හා යකඩ, සින්ක්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, සේලේනියම් වැනි ඛණිජ ලවණ වලින් පොහොසත් ආහාරයක්.
තවද මී පැණි තුළ විටමින් B6, තයමින්, රයිබෝෆ්ලෙවින් හා නයමින් වැනි පෝෂණ සංඝටකද අඩංගු වෙනවා. වෙළඳපොලේ විකිණීමට තබා ඇති සකස් කරන ලද මී පැණි ගුණාත්මක භාවයෙන් අඩුයි. එම නිසා රසයෙන් හා පෝෂණ ගුණයෙන් වැඩි පිරිසිදු නැවුම් මී පැණි සොයාගන්න උත්සාහ කරන්න. මී පැණි තුළ අඩංගු වන යහපත් ග්ලයිසේමික් දර්ශක අගය නිසා ආහාර ජීර්ණය විධිමත් කිරීම, කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම, ශරීර බර පාලනය කිරීම සිදුකරනවා. මී පැණි සතු ප්රතිඔක්සිකාරක හා ප්රතිබැක්ටීරියා කාරක බලය මගින් ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම සිදු වෙනවා.
දැන් අපි බලමු මී පැණි හා සුදුලූනු භාවිතයෙන් ශරීරයේ ප්රතිශක්තිය වඩවන බලගතු බෙහෙතක් සාදා ගන්නා අන්දම.
සුදුලූනු ගෙඩි 3ක්
මී පැණි කෝප්පයක්
මුඩිය හොදින් වැසිය හැකි ජෝගුවක් (උස ජෑම් බෝතලයක් වගේ හොඳයි)
සාදා ගන්නා ආකාරය
ප්රථමයෙන් සුදුලූනු බික් ටික ගලවා වෙන්කර ගන්න. දැන් ඒවායේ පොතු සුද්ධ කරගෙන හිස් ජෑම් බෝතලය තුලට පුරවා ගන්න. දැන් සුදු ලූනු බික් අතර ඇති හිඩැස් හොඳින් පිරෙන සේ මී පැණි වක් කරන්න. හැන්දකින් එහා මෙහා කරමින් වායු බුබුළු නොසිටින සේ මී පැණි පුරවන්න.
අවසානයේ මුඩිය තදින් වසා උෂ්ණත්වයට නිරාවරණය නොවන අයුරින් ශීතකරණයේ හෝ කාමර උෂ්ණත්වයේ දින කිහිපයක් තබන්න.
ඔබට සෙම්ප්රතිශ්යාවක් හෝ වෙන යම් රෝගයක් වැළඳීගෙන එනවිටම/ මූලික රෝග ලක්ෂණ පහළ වෙනකොටම මෙයින් හැන්දක් අනුභව කරන්න. රෝගය සුවවෙන තුරුම දිනකට කිහිපවරක් මෙය සිදු කරන්න. රෝග ලක්ෂණ ඉක්මණින් පහවී ඔබට ක්ෂණික සුවයක් ලැබේවි. ඒ වගේම දිනපතා උදෑසන අවදි වූ සැණින් මින් හැන්දක් පාරිභෝජනය කිරීම පුරුද්දක් කර ගන්න. ඒ මගින් ඔබේ ප්රතිශක්තිය වර්ධනය වී ලෙඩ රෝග වලින් පහසුවෙන් වැළකී ඉන්න ඔබට හැකි වේවි.
Neutrition news.