2020 ජුනි 27 වන සෙනසුරාදා

ඇවිදීම එපාකරන උකුලු සන්ධියේ ඔස්ටියෝ ආතරයිටිස්!

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1224

බොහෝ විට වයස්ගත වීමත් සමඟ උකුල සන්ධියේ ඇතිවන මෙම රෝග තත්ත්වය නිසා එම සන්ධියේ තද ගතිය සහ වේදනාව ඇති වේ. එම නිසා ඇඳෙන් නැගිටීම, ඇවිදීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමේදී දැඩි අපහසුතාවයක් ඇති වේ. ආතරයිටීස් ගණයට අයත් රෝග තත්ත්වයන් සැලකූ විට මෙහි වඩාත් බහුලම රෝග තත්ත්වය වනුයේ ඔස්ටියෝ ආතරයිටීස් රෝග තත්ත්වයයි.

ඔස්ටියෝ ආතරයිටීස් රෝග තත්ත්වය අතේ, දණහිසේ, උකුලේ, සුෂුම්නාවේ වැනි ඕනෑම ස්ථානයක පිහිටි සිරුරේ සන්ධියකට මෙම රෝග තත්ත්වය ඇති විය හැක.

රෝගී තත්ත්වය ඇතිවන හැටි?

උකුල සන්ධිය මත දිගුකාලීනව දිගින් දිගටම භාවිතය නිසා ඇතිවන ආසාත්මිකතාවය නිසා මෙම රෝගී තත්ත්වය ඇති වේ. මෙම රෝගී තත්ත්වය නිසා සන්ධියේ කාටිලේජයට හානිවන අතර එයට සම්බන්ධ අස්ථියට ද හානි වේ.

රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවන අවදානම් සාධක මොනවාද?

සන්ධියට සිදු වූ අනතුරු, වයස්ගත වීම. කාන්තාවන් හට මෙම රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි වේ. ස්ථූලතාවය, ජානමය වෙනස්කම් නිසා ඇතිවන කාටිලේජ ගැටලු, උකුල සන්ධියේ අස්ථිවල වෙනස්කම්.

රෝග ලක්ෂණ මොනවාද?

උකුල සන්ධියේ ඉදිමීම, වේදනාව සහ අල්ලන විට වේදනාවක් දැනීම.

ඇතැම් අවස්ථාවලදී වේදනාව ඉකිලියේ, කලවයේ, තට්ටමේ හෝ දණහිසේ වුවද ඇති විය හැක.

ඇතැම් විට මෙම වේදනාව තියුණු වේදනාවක් විය හැකි අතර ඇතැම්විට විහිදුණු වේදනාවකි.

ඇඳෙන් නැගිටින විට සහ දිගු වේලාවක් වාඩි වී සිට නැගිටින විට සන්ධියේ ඇතිවන තද ගතිය.

අස්ථි එකිනෙක ගැටෙන බව දැනෙන අතර එම අවස්ථාවේදී අස්ථි ගැටෙන ශබ්දය ඇසේ.

නැවීම වැනි දෛනික ක්‍රියාකාරකම් සිදු කිරීම අපහසු වීම.

උකුල සන්ධියේ ඔස්ටියෝ ආතරයිටීස් රෝගය රෝග විනිශ්චය සිදු කරන්නේ කෙසේද?

මෙහිදී වෛද්‍යවරයා උකුලු සන්ධිය සායනිකව පරීක්ෂා කර බලයි. රෝග ලක්ෂණ ඔස්සේ විවිධ පරීක්ෂණ මගින් රෝග විනිශ්චයට එළඹේ. උදා - x-ray reports

රෝගයට ඇති ප්‍රතිකාර මොනවාද?

මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී මූලිකවම බලාපොරොත්තු වන්නේ වේදනාව සමනය කිරීම සහ රෝගියාගේ දෛනික ක්‍රියාකාරීත්වයට ඇතිවන බලපෑම අවම කිරීමයි.

වේදනාව සමනය සඳහා අයිස් පැක් තැබීම.

භෞත චිකිත්සාව සහ වේදනානාශක ලබා දීම. (පැරසිටමෝල්, NSAID කාණ්ඩයට අයත් සෙලකොක්සිබ් වැනි ඖෂධ)

ශෛල්‍යකර්මයක් මගින් - කෘත්‍රීම උකුලු සන්ධියක් බද්ධ කිරීම.

මෙම රෝගී තත්ත්වයේදී රෝගියාට ලබා දෙන උපදෙස් මොනවාද?

ප්‍රමාණවත් පරිදි විවේකයක් ගැනීම, සැරයටියක් භාවිතය, තරබාරු බව පාලනය, නිසි පරිදි ව්‍යායාම සිදු කිරීම.

Nurogen@sugath

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00