2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

නින්දෙන් ගෙරවීමට හේතුව මෙන්න!

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1261

ඔබත් නින්දෙන් ගොරවන්නෙක්ද? නැත්නම් තමන්ගේ සහකාරයා සහකාරියගේ ගෙරවිල්ලෙන් නිදි නැති රාත්‍රියකට හිමිකම් කියන්නෙක්ද? නින්දෙන් ගෙරුවීමට හේතුවන කාරණා ගැනයි මේ.
ගෙරවිල්ලට හේතුවන්නේ උගුරේ ඉහිල් වූ මාංශ පඨක ඔබ හුස්ම ගන්නා විට කම්පනයට පත්වීමයි. මේ සඳහා ඔබේ මුඛයේ අභ්‍යන්තර ස්වභාවික හැඩය, ශරීර සෞඛ්‍ය තත්ත්වය, ශරීර බර වගේ බොහෝ කාරණා බලපානවා. නාසයෙන් හුස්මගැනීම වළක්වන ඕනෑම කාරණයක් ගෙරවීමට හේතුවක් වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව, නාසයේ මස්දලු වැඩීම ඒ වගේ හේතු. නමුත් මේ තත්ත්වය දිගටම පවතිනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

නිදාගන්නා පැත්ත

උඩු අතට නිදාගන්නා විට මේ තත්ත්වය වැඩියි. මේ නිසා නිදාගන්නා ඉරිව්ව වෙනස් කළ යුතුයි.

නාස් සිදුර

ඊළඟට නාසයේ නාස්පුඬුවල හැඩයත් ගෙරවිල්ලට බලපානවා. එක් නාස් සිදුරක් අනෙකට වඩා කුඩාවීම තමයි ප්‍රධාන හේතුව.

මුඛ කුහරයේ හැඩය

මුඛයේ හැඩයත් ගෙරැවිල්ලට බලපානවා. නාසයත් මුඛයත් වෙන්කරන උඩුහනුව සම්බන්ධ මුඛයේ ඉහළ කාටිලේජ කොටස පහත්ව තදට පිහිටා ඇතිනම් වාතය ගමන් ගන්නා මාර්ගය අවහිර විය හැකිය. උපතින් මේ තත්ත්වය ආවත් දේහබර වැඩිවන විට මේ තත්ත්වය තවත් ඉහළ යයි. මෙවිට බර අඩුකර ගන්නට ක්‍රියා කරනවා වගේම එයින් ප්‍රතිඵලයක් නොවේ නම් ශල්‍යකර්මයක් කරා යන එක හොඳයි.

සමහර ඖෂධ

සමහර ඖෂධ නිසාත් උගුර ආශ්‍රිත පේශි ඉහිල් වී ගෙරවිලි සද්ද පිටවෙනවා. ආතතිය වළක්වන සහ සමනකාරක ඖෂධ බොහෝවිට මෙයට හේතුවක්. වෛද්‍ය උපදෙස් මත එබඳු ඖෂධ වෙනස් කළ යුතුයි.

උදේ නැගිටින විට උගුර කට වියළී ගොස් ඇති ස්වභාවයක් දැනෙනවා නම්, කෙඩෙත්තු ගතිය සහ තවමත් නිදිමත ගතිය දැනෙනවා නම් වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගත යුතුයි. එයින් හැඟෙන්නේ නිසි පරිදි හුස්මගැනීම සිදුවී නැති බවයි. එවිටත් ගෙරවීම සිදුවෙනවා. මේ තත්ත්වය දිගටම තිබුණොත් ඔක්සිජන් අඩුවීම නිසා මරණීය අවදානමක් ඇතිවිය හැකිය. මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලද යුතුය.

 Web MD

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00