2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පුටු රත්කරන්නන්ට ලෙඩ ගොඩාක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 414

අපි කුමන හෝ කාර්යයක එක දිගටම නිරත වෙනවානම් එයින් සුළු හෝ අපහසු බවක් අත්විඳිනවා. පාසලේදී, කාර්යාලයේදී, නිවසේදී ප්‍රමාණය ඉක්මවා වාඩි වී සිටින්න අපි යොමු වී තිබුණත් ඒ තුළින් ඇතිවන බලපෑම් නිසා අපගේ රුධිර නහරවලට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් කීපයක් තිබෙනවා. ඒ තුළින් රුධිර සංසරණය ප්‍රමාද වීමත්, නහර හැකිළීමත් සිදුවෙනවා. තවත් අතුරු ආබාධ රැසකුත් ඇතිවෙනවා. මොනවද ඒ අතුරු ආබාධ.

දෙපාවල ආබාධ
දිගින් දිගටම වාඩි වී සිටීම තුළින් වළලු කර ඉදිමීම මෙන්ම නහර ඉදිමුමද ඇති විය හැකියි. නමුත් ඊට අමතරව මෙම තත්ත්වය නිසා ලේ නහරවල ලේ කැටිගැසීමද සිදුවෙනවා.

අස්ථිවල දුර්වලතා
නොකඩවා ක්‍රියාකාරකම් හෙවත් කාර්යයන්වල අඩු වශයෙන් නිරත වීමෙන් ඔස්ටියෝපොරොසිස් තත්ත්වය හටගැනීමේ ප්‍රවණතාවන් තිබෙනවා. ඒ තුළින් සිදුවන්නේ අස්ථි බිඳ වැටීමයි.

පසු ප්‍රදේශයන්හි වේදනා
සිටගෙන සිටිනවාට වඩා ඉඳගෙන සිටීම තුළින් කශේරුකාවට ඇතිවන බලපෑම වැඩි බව සොයාගෙන තිබෙනවා. මෙසේ දිගින් දිගටම වාඩිවී සිටීම තුළින් පිටුපස අස්ථිවල සන්ධි බිඳවැටීමේ අවදානමට ලක්වීම සිදුවෙනවා.

බෙල්ල සහ උරහිස ඇදීමට ලක්වීම
වාඩිවී සිටින අතරතුරදී බෙල්ල ඉදිරියට තබා ගැනීම නිසා ගෙල මෙන්ම කශේරුකාවද තුවාල වීම සිදුවෙනවා.

උකුල ආශ්‍රිත වේදනා
නිරන්තරයෙන් වාඩිවී සිටීමෙන් උකුල තද වීම මෙන්ම සංචලතාවට බාධා වීම්ද සිදුවෙනවා.

ආහාර ජීර්ණයේ ගැටලු
ආහාර අනුභව කිරීමෙන් පසුව වාඩිවී සිටීම හේතුවෙන් උදරය හැකිළීම මෙන්ම එමගින් ආහාර ජීර්ණයද ප්‍රමාද වෙනවා.

අග්න්‍යාශය ආශ්‍රිත ගැටලු
නොකඩවා ඉඳගෙන සිටීමෙන් ඉන්සියුලින් නිපදවීමේ සමබර බව නැතිවෙනවා. මේ නිසා එය දියවැඩියාව ඇතිවීමට බලපානවා.

හදවතට සිදුවන හානිකර බව
අඩු රුධිර සංසරණය නිසා මාංශපේශීන්වලින් මේදය දහනය අඩුවීම මෙන්ම, ධමනිවල මේද අම්ල අවහිර වීමද නිතරම වාඩිවී සිටීම මගින් සිදුවෙනවා.

මොළයේ ඇතිවන හානිකර තත්ත්වය
රුධිර සංසරණය අවම වීම නිසා මොළයට ඔක්සිජන් ළඟාවීමද අඩු වෙනවා. මෙසේ ප්‍රමාද වීම නිසා එහි ක්‍රියාකාරිත්වය සහ හෝමෝන ස්‍රාවයන් අසමබර වීමට ද එය හේතු වෙයි.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00