පෙනහළු පිළිකාව දැන් සීඝ්රයෙන් පැතිර යමින් පවතින සෞඛ්‍ය අවදානමක් බවට පත්ව තිබේ. දුම්පානය පෙනහළු පිළිකාව සඳහා බරපතළ ලෙස බලපාන ප්‍රධාන සාධකයකි. නමුත් එකම සාධකය එය නොවේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුව ඇති වායු දූෂණය දැන් ගම්බදටත් පැතිර ඇති නිසා එයද පෙනහළු පිළිකා රෝගීන් වැඩිවීමට හේතුපාදක වී තිබේ.
හඳුනාගැනීමේ හොඳම පරීක්ෂාව
පෙනහළුවල X Ray ඡායාරූප මගින් පිළිකාව හඳුනාගැනීමට හැකිය. සෙම පරීක්ෂාවත්, මේ මගින් අවදානම් තත්ත්වයක් ඇති බව සොයාගතහොත් පෙනහළු ජීව කොටස් පරීක්ෂාවකුත් සිදුකරනු ලැබේ. මේවා කිසිවක් වේදනාත්මක පරීක්ෂාවන් නොවේ. රජයේ සෑම රෝහලකම මේ සඳහා වෙනම සායන පැවැත්වෙයි.
CT ස්කෑන් මගින්ද පෙනහළු පිළිකාව හඳුනාගත හැකිය. අමෙරිකානු වෛද්‍ය උපදේශය වී ඇත්තේ වයස 55ත් 80ත් අතර අයට වසරකට වරක් පෙනහළු පරීක්ෂාවක් කරගන්නා ලෙසයි. වැඩියෙන්ම දුම්බොන සහ වසර 15කට පෙර දුම්බීම අත්හැරි වූ අය පවා මේ පරීක්ෂාවට ලක්වීම වඩාත් සුදුසුය. මේ හැර COPD නමින් හඳුන්වන පරීක්ෂාව මගින්ද පෙනහළුවල අසාමාන්‍ය සෞඛ්‍ය තත්ත්ව ගැන කලින්ම හඳුනා ගන්නට හැකිය.
• දුම් නොෙබාන අයටත් හැදෙන්නේ ඇයි?
රෙඩොන් වායුව
දුම් නොබීවත් දුම්බොන තැනක සිටියත් ආශ්වාස කරන දුම නිසා පිළිකාව හටගන්න හැකියි. මේ හැර වායු සමීකරණ යන්ත්‍ර තුළද භාවිතා වන ස්වභාවික පසේද පවතින රෙඩෝන් වායුව දීර්ඝකාලීනව ආශ්වාසයට ලක්වීමද පෙනහළු පිළිකාවන්ට හේතුවිය හැකි බව සොයාගෙන තිබේ. රෙඩොන් වායුව දුම්බීම ළඟට පෙනහළු පිළිකාව සඳහා හේතුවන මූලිකම සාධකයයි.
ඇස්බැස්ටෝස්
ඇස්බැස්ටෝස් වලින් නිකුත් වන සියුම් කෙඳිති ආශ්වාස වාතය සමඟ පෙනහළු තුළට වැදී එහි අභ්‍යන්තරයට කා වැදීමෙන් පිළිකා සෑදිය හැකියි.
ජානමය හේතු
පෙනහළු පටක තුළ සෛලයන්හි ඇති DNA වල සිදුවන විකෘතීන් නිසාද පෙනහළු පිළිකා හටගන්නා බව සනාථ වී තිබේ. මේ සඳහා හේතුසාධක බොහෝමයකි.
වායු දූෂණය
දූවිලි, දුම් සහ රසායන ද්‍රව්‍ය වාතයේ බහුලවීම නිසා ඇතිවන දූෂිත තත්ත්වය පෙනහළු පිළිකාවන්ට තවත් ප්‍රධාන හේතුවකි.
ආහාර
අප ලබාගන්නා ආහාර නිසා ශරීරයේ ඇතිවන වෙනස්කම් අතරට පෙනහළු පිළිකාවද අයත්ය. නිදසුනක් ලෙස රැධිරයේ සීනි අධිකවීම පෙනහළු පිළිකාවට මං පාදයි.
පෙනහළු ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂාව
පෙනහළුවල ක්‍රියාකාරීත්වය හෙවත් PFT මගින් පෙනහළු සෞඛ්‍ය සම්පන්න ලෙස ක්‍රියාත්මක වෙනවාද යන්න පරීක්ෂාවට ලක්වෙයි. මේ සඳහා භාවිත උපකරණයට වෛද්‍ය උපදෙස් අනුව ආශ්වාස ප්‍රශ්වාස කිරීම මගින් පෙනහළුවල වාතය දැරීමේ ධාරිතාව ඇතුළු කරුණු රැසක් වාර්තාගත වෙයි.
ප්‍රතිකාර තිබෙනවාද?
මුල් කාලයේ හඳුනාගන්නා පිළිකාව ඖෂධ ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්කළ හැකිය. නොඑසේ නම් විකිරණ සහ රසායන ප්‍රතිකාර මෙන්ම ශල්‍යකර්ම මගින්ද පෙනහළු පිළිකාව මර්දනය කරන්නට හැකිය.
සුගත්