2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ඇඟ ඇතුළේ වතුර පිරෙන ලෙඩේ Edema

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 851

ඔබේ පාදවල පතුල්, වළලුකර, පාද, දෑත් සහ බාහු වැනි ප්‍රදේශ  නිතරම ඉදිමුණු ස්වරූපයක් ගන්නවාද? මේ දේ සිදුවන්නේ ශරීරයේ ඇති පටකවල  අනවශ්‍ය ලෙස ජලය රැඳෙන “edema” යනුවෙන් හඳුන්වන සෞඛ්‍ය ගැටලුව නිසයි. (වෙනත් සෞඛ්‍ය ගැටලු නිසාත් ශරීරය ඉදිමෙන බව කරැණාවෙන් සලකන්න)

මේ තත්ත්වය ඇතිවන්නට බලපාන ප්‍රධානතම හේතුවන්නේ ගර්භනී වීම, එකතැන වාඩි වී හෝ සිටගෙන සිටීම, ශාරීරිකව ක්‍රියාශීලී නොවීම, ඔසප් වීම, ව්‍යායාම නොකිරීම සහ විවිධ ඖෂධ වර්ග ලබාගැනීම වැනි විවිධ හේතු නිසයි.

මේ “edema” තත්ත්වය කිසිම භයානක තත්ත්වයක් නොවන අතර ඇතැම් අවස්ථාවලදී මේ නිසා හදවත් ගැටලු සහ වකුගඩුවල ගැටලු වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. මෙම නිසා මේ සෞඛ්‍ය ගැටලුව ඇතිවූ සැණින් ප්‍රතිකාර ක්‍රමයකට එළැඹීම තමයි ඉතාමත් වැදගත් වන්නේ.

“edema” තත්ත්වය ඇතිවන්නට බලපාන හේතු 6 ක් සහ ශරීරයේ ඉදිමීම සහ ශරීරයේ රැඳුණු ජලය ඉවත්කරගන්නට ඵලදායීම ක්‍රම කිහිපයක් දැන් අපි ඔබට කියලා දෙන්නම්.

01. අධික ලෙස සෝඩියම් ශරීරයට ලබාගැනීම

ඔබ සෝඩියම් බහුල ආහාර රටාවකට හුරුවී සිටිනවා නම්, ඒ වගේම අඩුවෙන් ජලය පානය කරනවා නම් ශරීරය විසින් එහි අවශ්‍යතා සඳහා තැන්පත්ව ඇති ජලය භාවිතා කරනවා. එහි අතුරැ ඵලයක් වන්නේ ශරීරය සිය පැවැත්ම සඳහා ජලය තැන්පත් කරගැනීමයි. මේ නිසා ඔබ විසින් සිදුකළ යුත්තේ සෝඩියම් අඩංගු වන ආහාර වර්ග මොනවාද කියා සොයාබලා ඒවායින් ඈත් වී සිටීමයි.

ලුණුවලට අමතර සෝඩියම් අඩංගු වන වෙනත් ආහාර වන්නේ ටින් කළ එළවළු වර්ග, විවිධ රසකාරක කුඩු වර්ග, සැකසූ මස් සහ වෙනත් සැකසූ ආහාර වර්ගයි.

02. මැග්නීසියම් ඌනතාවය

මැග්නීසියම් ඌනතාවය නිසාත් “edema” සෞඛ්‍ය ගැටලුව ඇතිවනවා. මේ ඛනිජ වර්ගය ශරීරයේ විවිධ ජෛවක්‍රියාවන් සඳහා අවශ්‍ය වන ඛනිජයක්. එම නිසා මැග්නීසියම් ඌනතාවය ඇතිවීමෙන් ශරීරය තුළ ජලය රඳවාගැනීම ඇතුළුව ශරීරයේ ක්‍රියාකාරීත්වයන් අකර්මණ්‍ය කරනු ලබනවා.

මේ සෞඛ්‍ය ගැටලුවෙන් පසුවන ඔසප් වීමට ආසන්න කාන්තාවන්ට දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 200 ක් පමණ ලබාගැනීම මගින් සුවයක් ලබාගත හැකි බව එක්තරා අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.
ඔබත් මෙම සෞඛ්‍ය ගැටලුවෙන් පීඩා විඳිනවා නම් මැග්නීසියම් බහුල ආහාර පරිභෝජනය කරන්න, නැත්නම් මැග්නීසියම් අතිරේකයන් ලබාගන්න. (වෛද්‍ය උපදෙස් මත)
මැග්නීසියම් බහුල ආහාර ලෙස ඔබට මේවා පරිභෝජනය කරන්නට පුළුවන්.

වියළි පළතුරු

නිවිති

තද කොළ පැහැති එළවළු

අඳුරු පැහැ චොකලට්

ඇට වර්ග

අලිගැටපේර

පෙයාස්  සියලුම ධානය වර්ග

03. විටමින් B6 ඌනතාවය

විටමින් B6, ශරීරයේ ජලය සමතුලිතතාවයට බලපෑම් ඇතිකරන නිසා එහි ඌනතාව මගින්  “edema” සෞඛ්‍ය ගැටලුව ඇතිවෙනවා.

“Journal of Caring Sciences” සඟරාවේ සඳහන් වන්නේ ජලය තැන්පත් වීමේ සෞඛ්‍ය ගැටලුවෙන් පීඩාවිඳි පුද්ගලයන් දිනපතා විටමින් B6 ලබාගැනීමෙන් පසු ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ බවයි.

මේ විටමින් වර්ගය ජලයේ දියවන නිසා නිසි ක්‍රියාකාරීත්වය නියමාකාරයෙන් පවත්වාගැනීම සඳහා එයට තවත් සාධක අවශ්‍ය වෙනවා.

විටමින් B6 අන්තර්ගත වන ආහාර වශයෙන් ලෙල්ල සමඟ අර්තාපල්, කුකුළු මස්, හරක් මස්, කළුකුම් මස්, බලමාළු, වියළි පළතුරු, කෙසෙල්, සූරියකාන්ත මල්ඇට හඳුන්වන්නට පුළුවනි. 

04. පොටෑසියම් ඌනතාවය

පොටෑසියම් ඛනිජය මගින් ශරීරයේ සෛල, පටක සහ අවයවවල නිසි ක්‍රියාකාරීත්වය රැකදෙනවා. ඒ වගේම, එමගින් ශරීරයේ සාමාන්‍ය ජලය මට්ටමද පාලනය කරනු ලබනවා.

ශරීරයේ පොටෑසියම් ඌනතාවය ඇතිවන්නේ පොටෑසියම් සරු ආහාර ලබානොගැනීමත්, ලුණු අධික ආහාර ලබාගැනීමත් යන කරුණු මතයි.

මේ තත්ත්වය නිසා “edema” තත්ත්වයත් ශරීරයේ බර ඉහළ යාමත්, මාංශපේශී ඉරීම සහ පෙරළීම වැනි සෞඛ්‍ය ගැටලුත් ඇතිවෙනවා. පොටෑසියම් මගින් ශරීරයේ සෝඩියම් මට්ටම පහළ දමන නිසා ලෙහෙසියෙන්ම මේ “edema” රෝගී තත්ත්වයට සුවය ලබාගන්නට පුළුවන්.

කොමඩු, පැණි කොමඩු සහ “rockmelon” ඇතුළු පළතුරැ සියල්ලගේම වාගේ පොටෑසියම් අන්තර්ගත වෙනවා.

05. විජලනය

ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකරන අවස්ථාවලදී විජලනය ඇතිවෙනවා. විජලනය ඇතිවූ විට ශරීරය විසින් පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ජලය ශරීරය තුළ තැන්පත් කරගැනීමක් සිදුවෙනවා. එමනිසා අත් සහ පාද ඇතුළුව ශරීරයේ විවිධ ස්ථාන ඉදිමීමක් ඇතිවෙනවා. මේ තත්ත්වය මඟහැරවීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය සහ පොටෑසියම් බහුල යුෂ වර්ග පානය කරන්න. ඒ වගේම, ඔබ සෝඩා වර්ග සහ කෝපි වැනි පානයන් පානය කිරීමෙන් වළකින්න.

06. සැකසූ ආහාර අධිකව පරිභෝජනය කිරීම

අපි කලින් සඳහන් කළ ආකාරයට සෝඩියම් සහ සීනි මගින් මේ සෞඛ්‍ය ගැටලුව ඇතිවෙනවා. ඉතින් මේ දේවල් සැකසූ ආහාරවල බහුල වන නිසා මේ සෞඛ්‍ය ගැටලුව ඇතිවන්නට මුල්වන තවත් එක් කරැණක් ලෙස සැකසූ ආහාර හඳුන්වා දෙන්නට පුළුවන්.

අප කවදත් සඳහන් කරන ආකාරයට මෙවන් ක්‍ෂණික ආහාර වර්ගවල අඩංගු වන සීනි සහ කෘත්‍රිම රසකාරක මගින් ශරීරයේ ඉනිසියුලින් මට්ටම අඩුකර රුධිරයේ සීනි මට්ටම වැඩිකරනු ලබනවා. ඒ වගේම වකුගඩු, අක්මාව වැනි ශරීරය කොටස්වලටද මේවායේ අඩංගු විවිධ විස සහිත රසායන ද්‍රව්‍ය (රසායනික, වර්ණ කාරක, කල්තබාගැනීමේ ද්‍රව්‍ය) දැඩි හානියක් කරනවා.

ප්‍රතිකාර:

පාදවල සිදුවන ඉදිමීම්වලදී සුවය ලබාගත හැකි ප්‍රතිකාර කිහිපයක් මේ.

පාද සම්බාහනය මගින් ඉදිමුම ඉවත් කරගත හැකියි. ඉදිමුම ඇති ස්ථානවල මඳ උණුසුම් තල තෙල් හෝ ඔලිව් තෙල් ආලේප කර උඩු අතට සෙමින් අතගෑම කළ යුතුයි. මෙයද රුධිර ගමනය පහසු කර සුවය ලබාදෙන්නකි. 

එප්සම්සෝල්ට් ඉදිමුම් බස්සවන සහ වේදනාව නසන ඉක්මන්, හොඳම ප්‍රතිකාරයකි. උණුසුම් ජලයට එප්සම් කෝප්ප බාගයක් පමණ දමා සාදාගන්නා වතුර බේසමක විනාඩි 15-20 ක් පමණ පාද බහා සිටින්න.

එමනිසා ඔබට හැකි පරිදි සැකසූ ක්‍ෂණික ආහාරවලින් ඈත් වී සිටින්න. 

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00