ලොව පුරා පුද්ගලයින් රැසක්ම නින්දේදී මස්පිඬු පෙරළීම නිසා පීඩා විඳිනවා. මේ තත්ත්වය ඉතා වේදනාකාරී වන අතර නින්දටද බාධා ඇති කරනවා. තප්පර ගණනාවක් හෝ විනාඩි කිහිපයක් දැඩි වේදනාවක් දෙමින් මෙම මස්පිඬු පෙරළීම නිතරම ඇති වන්නේ පාදයේ බත් කෙන්ඩෙයි.
මෙම සෞඛ්‍යය ගැටලුව වයස අවුරුදු පනහ ඉක්මවූ කාන්තාවන්ට සහ පිරිමි පුද්ගලයින්ට නිරන්තරයෙන් ඇති වනවා. මෙම සෞඛ්‍යය ගැටලුවේ “Nocturnal” ලෙස හඳුන්වන බහුලව ඇතිවන අපහසු තත්ත්වය සහ පාදයේ වෙහෙස නිසා ඇති වන “restless leg syndrome (RLS)” තත්වය යන දෙකම නිරන්තරයෙන් ඇති වන්නේ නින්දේදී වුවත් මෙම තත්ත්වයන් දෙකෙහි රෝග ලක්‍ෂණ එකිනෙකට බොහෝ වෙනස් වනවා.
මෙන්න වෙනස්කම් කිහිපයක්:
“RLS” නිසා වේදනාවක් ඇති නොවන අතර “nocturnal” තත්ත්වය නිසා වේදනාවක් ඇති වනවා.
“RLS” තත්ත්වයේදී පාදය චලනය කිරීම මගින් වේදනාවට සහනයක් සැලසෙන අතර “nocturnal” තත්ත්වයේදී එසේ නොවෙයි.
“RLS” ඇති වූ විට පාදයට දැඩි අපහසුවක් ඇති වනවා.
“RLS” තත්ත්වය යටතේදී පාදය චලනය කිරීමට හැකි වුවත් “nocturnal” තත්වයේදී එසේ කිරීමට අපහසුයි.
මස්පිඬු පෙරළෙන “nocturnal” තත්ත්වය ඇතිවීමට බලපාන කරුණු තවමත් සොයාගෙන නොමැති වුවත් පහත සඳහන් වන කරුණු නිසාත් මස්පිඬු පෙරළීම ඇතිවන්න පුළුවනි.
• වැඩි වේලාවක් කොන්ක්‍රීට් පොළවේ සිටගෙන සිටීම හෝ ඇවිදීම • විජලනය හෙවත් ශරීරයේ ජලය අඩුවීම • පාර්කින්සන් රෝගය •ස්නායු රෝග • වැරුදි ඉරියව්වෙන් වාඩිවී සිටීම • ගර්භණිභාවය • එකම ස්ථානයක වැඩි වේලාවක් වාඩිවී සිටීම • ඇල්කොහොල් සඳහා ඇබ්බැහිවීම • පතුල් පැතලි වීම • දියවැඩියාව
මස්පිඬු පෙරලීමේ “Nocturnal” තත්ත්වය සුවකිරීම සහ වළක්වා ගැනීම සඳහා සිදුකළ හැකි පිළියම්
ඔබේ ශරීරය අනවශ්‍ය ලෙස විජලනය තත්වයට පත් වනවා නම් එය “nocturnal” තත්ත්වයට බලපාන ප්‍රධානතම හේතුව වනවා. ඔබත් නිරන්තරයෙන් රාත්‍රී මස්පිඬු පෙරළීමෙන් පීඩා විඳිනවා නම් දිනකට අවශ්‍ය ජලය නිසි ලෙස පානය කරන්න.
වැළැක්වීම සඳහා පිළියම්
කකුල ඇඳමත දිග හැර පාදපතුල ඉදිරියට පසුපසට නවන්න.
පිහිනීම හෝ ජලය තුළට කකුල් දමා ව්‍යායාම සිදු කර මාංශ පේශී වර්ධනය කරගන්න.
කාන්තාවක් නම් අඩි උස පාවහන් පැළඳීමෙන් වළකින්න.
මැග්නීසියම් සහ පොටෑසියම් අතිරේකයන් ලෙස ලබා ගන්න.
නිදාගැනීමට ආසන්නයේ උණු ජලයෙන් පාද තවන්න. උණු ජලය ස්නානය කරන්න.
මස්පිඬු ඝනවීම වළක්වා ගැනීම සඳහා කටු චිකිත්සාවත් යහපත්. මස්පිඬු ඉහිල්කරන යෝගත් වැදගත්.
මස්පිඬු පෙරළුණු විට කුමක් කළ යුතුද?
ඔබ නිතර මස්පිඬු පෙරළීමට මුහුණ දෙන අයෙක් නම් මස්පිඬු පෙරළීම නිසා ඇතිවන අධික වේදනාව සුවකර ගැනීමට නිසි දැනුම ඔබ සතුව තිබිය යුතු වනවා.
එවන් අවස්ථාවකදී ඔබ,
බිම වාඩිවී පාද ඔබ ඉදිරියට දිගහරින්න. ඉන්පසුව මස්පිඬු පෙරළී ඇති පාදයේ පතුල ඔබ දෙසට අදින්න. ඉන්පසුව සෙමින් නැගිට සුළු වේලාවක් ඇවිදින්න. මෙම අවස්ථාවේදී ඔබේ පාද සෙලවීම මගින් රුධිර සංසරණය වේගවත් වන බව මතක තබා ගන්න. එම ස්ථානය වක්‍රාකාරව මෘදුව සම්භාහනය කරන්න.
සුගත්