2018 මාර්තු 03 වන සෙනසුරාදා

විටමින් B12 අඩු වුණොත් ලෙඩ ගොඩක්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2387

විටමින් B 12  අඩු වු‍ණොත් ලෙඩ ගොඩක්

විටමින් B 12 කියන්නේ අපේ ශරීරයට අවශ්‍යම වන පෝෂණ අතිරේකයන් අතරින්  එකක්. විටමින් B 12 ශරීරයේ සෑම සෛලයකම පරිවෘත්තීය ක්‍රියාවලියට නැතිවම බැරි විටමින් වර්ගයක්. දිගු කලක් තිස්සේ ශරීරයට විටමින් B 12 ඌනතාවය ඇති වූවිට ස්නායුක ගැටලු ඇතුළුව දිගු කල් පවතින සෞඛ්‍ය ගැටලු රැසක්  ඇති වනවා.

විටමින් B 12 ඌනතාවය ගැන පෙන්නුම් කරන භයානක රෝග ලක්‍ෂණ කිහිපයක් ගැනයි මේ.

හිස කරකැවිල්ල

නිරන්තරයෙන් ඇතිවන හිස කරකැවිල්ල තමයි විටමින් B 12 ඌනතාවයේ ප්‍රධානතම රෝග ලක්‍ෂණය වන්නේ. ඔබට පඩි පෙළක් නගිනවිට හෝ බසිනවිට නිතරම වාගේ හිස කරකැවෙනවා නම් නැත්නම් වාඩිවී සිටින පුටුවකින් ක්‍ෂණිකව නැගිටිද්දී හිස කරකැවෙනවා නම් ඔබ මේ පිළිබඳ දැඩි අවධානයක් යොමුකර මේ විටමින් B 12 සිරැරට ලබා ගැනීමට අවශ්‍ය  වෛද්‍ය උපදෙස් පතන්න.

නිතර යම් දෑ අමතක වීම

ඔබට නිරන්තරයෙන් සරල දෑ අමතක වනවා නම්, උදාහරණයක් ලෙස ඔබේ යතුරු තැබූ ස්ථාන සහ ඔබගේ මිතුරන්ගේ නම් වැනි දෑ. මෙමඟින් විටමින් B 12 ඌනතාවය පිළිබඳව කියැවෙනවා.

මේ අමතකවනසුළු බව ඇති වූවිට මිනිසුන් සිතන වැරදි දෙයක් තමයි ඔවුන්ට “dementia” හෝ “Alzheimer’s” රෝගය ඇති බව. ඔබ රැධිර පර් යේෂණයක් සිදු කරන්න. වෛද්‍ය උපදෙස් මත විටමින් B 12 සහ මතකය වර්ධනය වන අතිරේකයන් ලබාගන්න.

මාංශ පේශී දුර්වල වීම

ඔබේ මාංශ පේශී දුර්වල වී ඇත්නම් ඔබ සුළු බරක් එසවුවත් එය විශාල බරක් ලෙස දැනෙනවා. මාංශ පේශීවල සෛල වෙත ඔක්සිජන් සහ විටමින් B 12 නිසි පරිදි නොලැබීම නිසා මාංශ පේශී දුර්වල වීම සහ මැලිකම ඇති වනවා. එම නිසයි ඔබට සුළු බරක්වත් එසවිය නොහැකිව මාංශ පේශී වේදනාවන් ඇති වන්නේ. මේ සඳහා සිරැරට ඕනෑ කරන විටමින් ප්‍රමාණය ලබා ගත යුතු වන්නේ වෛද්‍ය උපදෙස් මතයි. 

සුදුමැලි  සම

ඔබේ සම සුදුමැලිවී කියා ඔබට හැඟෙනවා නම් එමඟින් කියවෙන්නේ විටමින් B12 ඌනතාවයයි. එනම් ශරීරයේ රතු රුධිර සෛල “erythrocytes”වල ඌනතාවයයි. මේ හේතුව නිසා ශරීරය තුළ “bilirubin” ප්‍රමාණය වැඩි වශයෙන් නිපදවෙනවා. එම නිසා සම සුදුමැලිවීම ආරම්භ වනු ලබනවා.

ඇඟ පොපියන  ස්වභාවය  

විටමින් B 12 ඌනතාවය ඇතිවීම නිසා පරාවින්දනය “paresthesia” නමින් හඳුන්වන රෝගය හටගන්නවා. මේ රෝගය ඇති වූවිට විශේෂයෙන්ම අත් සහ පාදවල ඇතුළුව ශරීරයේ සෑම ස්ථානයකම කටුවකින් අනිනවා වගේ පොපියන ස්වරෑපයක් සමඟ හිරිවැටී මලානික වූ ස්වරෑපයක් ඇති වනවා.

‍මෙසේ සිදුවන්නේ විටමින් B 12 ඌනතාවය ඇති වීමෙන් ශරීරයේ රතු රැධිර සෛල නිපදවීම අඩපන වී ස්නායු පටකවලට ඔක්සිජන් ලැබීම අඩු වීමෙන් ස්නායුවලට ආබාධ සිදුවීම නිසයි.

ශරීරයට බලවත් වෙහෙසක් ඇති වීම්‍

ඔබ රාත්‍රියට නිසි පරිදි නින්දක් ලැබුවත් ඔබට දැඩි තෙහෙට්ටුවක් දැනෙනවා නම් එයත් විටමින් B 12 ඌනතාවයේ ලක්‍ෂණයක් වනවා. මෙවන් ආකාරයට තෙහෙට්ටුවක් ඇති වන්නේත් ශරීරයේ විටමින් B 12 ඌනතාවය ඇති වීම මඟින් රතු රුධිර සෛල නිපදවීම අඩපණ වීම නිසා ශරීරය කරා ඔක්සිජන් සැපයීම ප්‍රමාද වූ විටයි.

ඇස්වල ලෙඩ රෝග ඇති වීම

දිගු කලක් තිස්සේ විටමින් B 12 ඌනතාවයෙන් පෙළීම නිසා ඇස් පෙනීමේ දුර්වලතා ඇති වනවා. ඇස් පෙනීමට උපකාර වන ස්නායුවලට හානි වීම නිසා පෙනීම බොඳ වීම, ආලෝකයට අධි සංවේදීතාවය නිසා කඳුළු ගැලීම සහ දර්ශන දෙගුණ වී පෙනීම වැනි ගැටලු ඇති හට ගනියි. වෛද්‍ය උපදෙස් මත විටමින් අතිරේකයන් ලබාගැනීමෙන් මේ සෞඛ්‍ය ගැටලුවෙන් මිදෙන්නට පුළුවන්.

විටමින් B 12 මඟින් අත්වන සෞඛ්‍ය වාසි 

හෘද රෝග සහ ආඝාතය වැනි තත්වයන් වැළකීම

ශරීරයේ “homocysteine” නමැති ඇමයිනෝ අම්ල මට්ටම වැඩි වීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම  ඉහළ යනවා. මේ නිසා හදවත් රෝග වැඩි වීමේ අවදානමත් ඉහළ යනවා. 

ශරීරයේ විටමින් B 12 ඌනතාවයක් ඇති වූවිට මේ ඇමයිනෝ අම්ල මට්ටමත් ශරීරය තුළ වැඩි වන බව සොයා ගෙන තිබෙනවා. එම නිසා නියමිත මට්ටමට ඇති විටමින් B 12 මඟින් ශරීරයේ “homocysteine” මට්ටම පහළ දමා හදවත් රෝගවලින් සහ ආඝාතය වැනි භයානක රෝගී තත්ත්වවලින් අපිව ආරක්‍ෂා කර දෙනවා.

ස්නායු ආබාධ වැළකීම

විෂ සහිත සංඝටකවලින් සහ විෂබීජ මඟින් ආරක්‍ෂා වීම සඳහා ස්නායු සතුව ස්වභාවිකවම සැදුම් ලත් සෛල ආවරණයක් තිබෙනවා. මේ ආරක්‍ෂාව බිඳ වැටුණුවිට ලෙහෙසියෙන්ම ස්නායුවලට හානි සිදුවී ස්නායු ආශ්‍රිත ආබාධ ඇති වනවා. එම නිසා ස්නායු සෛල මියයෑමට පත්වී මොළයට නිකුත් කරනු ලබන සහ මොළය විසින් ලබා ගන්නා සංඥා සම්ප්‍රේෂණයට බාධා  ඇති වනවා. මේ තත්ත්වයත් විටමින් B 12 නිසි පරිදි ලබා ගැනීම මඟින් වළක්වා ගන්නට පුළුවන්.

ශරීරයට අවශ්‍ය වන ශක්තිය සැපයීම

විටමින් B 12 මඟින් ශරීරයේ සෛලවලට අවශ්‍ය වන ශක්තිය නිසිපරිදි සපයා දී ශරීර සෛල ප්‍රබෝධමත්ව, සෞඛ්‍යයමත්ව සහ මනා පෝෂණයෙන් යුතුව තබනවා. මේ නිසා  විටමින් B 12 ඌනතාවයක් ඇති වූවිට ශරීරයේ සෛල දුර්වල වී ශරීරය තෙහෙට්ටුවට පත්කර ශරීරය දුර්වල කරනු ලබනවා.

ශරීරයේ තිබෙන කාබෝහයිඩ්‍රේට භාවිතයට ගත හැකි ග්ලූකෝස් බවට පත්කර ගන්නා  පරිවෘත්තීය ක්‍රියාවලියට විටමින් B 12 නිසි ලෙස අවශ්‍ය වනවා. (ශරීරයට ශක්තිය නිපදවීමේ දී මෙය අත්‍යාවශ්‍ය ක්‍රියාවක්)

ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර කිරීම

විටමින් B 12 මඟින් ආහාර ජීර්ණයට අවශ්‍ය වන එන්සයිම නිපදවීම වේගවත් කර අප ලබාගත් ආහාර කොටස් දිරවීම වේගවත් කරනු ලැබීමත් සෞඛ්‍යය සම්පන්න පරිවෘත්තීය ක්‍රියාවලියක් ඇතිකිරීමත් සිදුකරනවා.

ඒ වගේම මේ විටමින් වර්ගය මඟින් ආහාර ජීර්ණ මාර්ගය තුළ සිටින හානිකර බැක්ටීරියාවන් විනාශ කර අවශ්‍ය වන බැක්ටීරියාවන් පමණක් තබා ගැනීමත් සිදුවනවා.

මළපහ කිරීමේදී ඇතිවන ගැටලු,  ලිංගාශ්‍රිත කැන්ඩිඩා “candida”  නම් රෝගය මෙන්ම  ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වෙනත් රෝග පවා මේ විටමින් B 12 මඟින් සමනය කරනු ලබනවා.

රතු රුධිර සෛල නිෂ්පාදනය වේගවත් කර රක්තහීනතාවය දුරලයි.

විටමින් B 12 මඟින් ශරීරයේ රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීම වේගවත් කරවන නිසා ශරීරයට මහත් තෙහෙට්ටුවක් සහ පීඩාවක් ගෙන දෙන රක්තහීනතාවයෙනුත් ලෙහෙසියෙන්ම සුවය ලබා දෙනවා.

අස්ථිවලට සුවදායක වීම

සන්ධි වේදනාවලින් සහ ඔස්ටියෝපොරෝසීස් වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන්ට විටමින් B 12 වෛද්‍යවරැන් විසින් නිර්දේශ කරනු ලබනවා.
කළින් සඳහන් කළ ආකාරයටම විටමින් B 12 මඟින් ශරීරයේ  “homocysteine” ඇමයිනෝ අම්ල මට්ටම පාලනය කරනු ලබන නිසා මෙවන් අස්ථි වේදනාවකින් පසුවන රෝගියෙක්ට විටමින් B 12 අතිශය වැදගත් වනවා.

විටමින් B 12 සරු  ආහාර කිහිපයක් සහ ඒවා තුළ අන්තර්ගත ප්‍රමාණ

හරක් මස් සහ කුකුළු අක්මාව – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම් 81

සැමන් – ග්‍රෑම් 108 තුළ මිලි ග්‍රෑම් 19.5

හුරුල්ලා – ග්‍රෑම් 143 තුළ මිලි ග්‍රෑම්7

කුම්බලාවා – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම්3

සාර්ඩින් “Sardines” මත්ස්‍යයින් – කෝප්පයක මිලි ග්‍රෑම් 3

බලයා – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම් 3

“Trout” මත්ස්‍යයින් – ග්‍රෑම් 143 තුළ මිලි ග්‍රෑම් 1

යෝගට් – යෝගට් කෝප්පයක මිලි ග්‍රෑම් 1.3

කළුකුම් – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම් 1.1

රත් නොකළ කිරි – කෝප්පයක් තුළ මිලි ග්‍රෑම් එකක්

බැටළු මස් – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම් 0.8

මස් මාළු ආහාරයට නොගන්නා පුද්ගලයන්ට විටමින් B 12 ලබාගත හැකි ආහාර

ධාන්‍ය වර්ග, චීස්, යීස්ට්, සෝයා කිරි, ආමන්ඩ් කිරි, පොල් කිරි

 

 

 සුගත්