පෙනහළු පිළිකා, චර්ම පිළිකා, පියයුරු පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැනි වෙනත් පිළිකා වර්ග මෙන් නොව මුත්‍රාශයේ ඇතිවන පිළිකාව හඳුනාගැනීම තරමක් අපහසුය.මුත්‍රාශයේ ඇතිවන පිළිකාව සතු රෝග ලක්ෂණ පවා හඳුනාගැනීම තරමක් අපහසු වන අතර, මෙම පිළිකා තත්ත්වයේ රෝග ලක්ෂණ වෙනත් රෝග හා වැරදි ලෙස වටහාගැනීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසයි මුත්‍රාශයේ පිළිකාව සෑදී මියයන පිරිස වැඩි වන්නේ.
මුත්‍රාශයේ පිළිකාව යනු ඇත්ත වශයෙන්ම කුමක්ද?... එය හට ගන්නේ කෙසේද?…
අනෙක් පිළිකා වර්ගයන් වගේම මෙහිදී සිදුවන්නේත් මුත්‍රාශයේ සෛල අධිවර්ධනය වීම මගින් පිළිකා තත්ත්වය හටගැනීමයි.
මෙවන් අවස්ථාවලදී පිළිකා නොවන මුත්‍රා මාර්ගයේ ආසාදනයන් සහ වකුගඩුවල ගල් හටගැනීම වැනි තත්ත්වයන් සහ “papilloma” සහ “fibroma” ලෙස හඳුන්වනු ලබන පටකවල අසාමාන්‍ය වර්ධනයන් ද ඇතිවිය හැකියි.
මුත්‍රාශයේ ඇතිවන පිළිකා වර්ග
Invasive Bladder Cancer :- මෙය සම්බන්ධක පටකවල සහ මුත්‍රාශයේ බිත්තියෙහි මාංශපේශීවල වර්ධනය වන පිළිකා තත්ත්වයක්.
non-invasive Bladder Cancer :- මෙය මුත්‍රාශය තුළ ඇති අපිච්ඡද පටක සෛල තුළ හටගනු ලබන පිළිකා තත්ත්වයක්.
මුත්‍රාශයේ පිළිකාව සඳහා ප්‍රතිකාර ක්‍රම
පිළිකාවේ වර්ගය, කාණ්ඩය සහ වර්ධිත තත්ත්වය අනුව පිළිකාව සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාර ක්රමයන් වෙනස් වනවා.
මුත්‍රාශයේ ඇතිවන පිළිකාව සඳහාත් සිදුකරනු ලබන සාමාන්‍ය ප්‍රතිකාර ක්රමයන් වන්නේ සැත්කම් සිදුකිරීම, විකිරණ භාවිතය, රසායනික චිකිත්සාව “chemotherapy” සහ ප්‍රතිශක්ති චිකිත්සාව “immunotherapy” වැනි ප්‍රතිකාර ක්‍රමයි.
මුත්‍රාශ පිළිකාවේ රෝග ලක්ෂණ
මුත්‍රාශයේ ඇතිවන පිළිකාවේ රෝග ලක්ෂණ ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදන්නට පුළුවන්.
පෙර සලකුණු
මුත්‍රා සමඟ රුධිරය පිටවීම.
මුත්‍රා කිරීමට දැනෙන අපහසුව සහ මුත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල.
මුත්‍රා කිරීමට අවශ්‍ය වන විට මුත්‍රාශය ප්‍රදේශයේ වේදනාවක් හටගැනීම.
නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.
පිළිකාව ඇතිවූ පසු රෝග ලක්ෂණ
ආහාර අරැචිය සහ ශරීරයේ බර අඩුවීම.
මළපහ කිරීමේ පෙර රටාවන් වෙනස් වීම.
ශ්‍රෝණි ප්‍රදේශයේ, ගුද මාර්ගයේ, මුත්‍රාශයේ හෝ ඒ ආශ්රිත අස්ථිවල වේදනාවක් ඇතිවීම.
උකුළු ප්‍රදේශයේ ඉදිමුම.
ශරීරයේ රැධිරය අඩුවීම.
උණ හෝ පාද ඉදිමීම.
මුත්‍රාශයේ ඇතිවන පිළිකාවෙන් වැළකීම සඳහා සිදුකළ හැකි දෑ
වයස, ලිංග භේදය, උපතින්ම උරුම වන මුත්‍රාශය ආශ්රිත ගැටලු සහ විවිධ හුරැපුරැදු වැනි හේතූන් නිසා මුත්‍රාශයේ පිළිකාව ඇතිවන්නට පුළුවන්.
පිළිකා අවධානම වැඩි වශයෙන් ඇතිවන්නේ මෙම හේතූන් මගින් විෂ සහිත සංඝටකයන් ශරීරයේ තැන්පත් වීම නිසයි.
එළවළු සහ පළතුරැ වැඩි වශයෙන් ආහාරයට ගන්න.
විවිධ වර්ගවල එළවළු සහ පළතුරැ ඔබට හැකි පරිදි ආහාරයට ගන්න. එළවළු සහ පළතුරැ සතුව තන්තු සහ පිළිකාව මර්ධනය සඳහා උපකාර වන ප්‍රතිඔක්සිකාරකයන් අන්තර්ගත වන නිසා මුත්‍රාශයේ ඇතිවන පිළිකාවෙන් ආරක්ෂා වීමට එළවළු සහ පළතුරු අනුභවය ඉතා වැදගත් වනවා. තන්තු ආහාර ජීර්ණ පද්ධතිය සුවදායක කරන අතර ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකාව ඇතිවීමට පෙර ඒ හා සමඟ සටන් වදිනවා.
වැඩි වශයෙන් ජලය පානය කරන්න.
දිනපතා ජලය වැඩි වශයෙන් පානය කිරීම මගින් මුත්‍රා වර්ධනය වැඩිවීමක් සිදුවෙනවා. මුත්‍රා සමඟ වකුගඩුවලින් විෂ සහිත සංඝටකයන් පෙරීයෑම වැඩිවීම නිසා එම සංඝටකයන් මුත්‍රාශයේ ඉතිරි නොවී ශරීරයෙන් පහසුවෙන්ම ඉවත් කර ගන්නට පුළුවන්.
රසායනික ද්‍රව්‍යයන්වලට නිරාවරණය වීම සීමා කරන්න.
අද වන විට රසායනික ද්‍රව්‍ය හා කාර්යයන් සිදුකරන රැකියා බොහෝ සෙයින් වැඩිවෙලා. ඔබත් මෙවන් රුකියාවක් සිදුකරනු ලබන අයෙක් නම් ආරක්ෂිත උපාංග භාවිතා කිරීමට සැලකිලිමත් වන්න. ඒ වගේම, රසායනික ද්‍රව්‍ය කරා නිරාවරණය වීම හැකිතාක් අඩු කරන්න.
ඔබ සැකසූ ආහාර නිතරම ලබාගන්නවා නම් එම ආහාර වර්ග වෙනුවට සෞඛ්‍යය සම්පන්න අහාර ලබාගන්න.
ඒ වගේම, පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍යයන් භාවිතය වෙනුවට ස්වභාවික පිළියම් ද රසායනික රෑපලාවන්ය නිෂ්පාදිතයන් වෙනුවට ස්වභාවික පිළියම්ද භාවිතා කරන්න.
දුම්පානයෙන් වැළකෙන්න.
දුම්පානය කිරීමෙන් ද අහිතකර වන රසායනික ද්‍රව්‍ය 5000කට වැඩි ප්‍රමාණයක් ශරීරගත වනවා. දුම්පානය කිරීමෙන් සහ දුම්පානය කරන පුද්ගලයන් අසල සිටීමෙන් ද වළකින්න.
සුගත්