දරුවකු නොලැබීම ගැන දුකින් තැවෙන කාලය දැන් හමාරයි. දරුවෙක් ලැබීමේ හැකියාව නැතිනම් එනම් මඳසරු භාවයෙන් යුතුනම් ඒ සඳහා දැන් ප්‍රතිකාර ඕනැ තරම් තිබේ. මේ කතාබහ ඒ ගැනයි.
♦ මඳසරුභාවය ඇතිදැයි දැනගත හැක්කේ කෙසේද?
දරුගැබක් බලාපොරොත්තුවෙන් වසරක පමණ කාලසීමාවක් සතියකට දෙතුන් වතාවක් වත් සංසර්ගයේ යෙදී ඇතත් දරු ගැබක් හට නොගන්නේ නම්, පරීක්ෂාවක් සඳහා යොමුවීම සුදුසුයි.
♦ මඳසරුභාවය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමුවිය යුතු අවස්ථා:
කාන්තාවට වයස අවු. 35කට වඩා වැඩිනම්.
අධික ස්ථූලභාවයෙන් පෙළේ නම්.
ආර්ථව චක්‍රය මාස 3ක් හෝ ඊට වැඩි කාන්තාවන්.
යෝනි පරීක්ෂාවේදී අසාමාන්‍යතා හඳුනාගෙන තිබීම.
වෘෂණ කෝෂ ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නේ නම්.
වෘෂණ කෝෂ සම්බන්ධ හදිසි අනතුරු සිදුවී තිබීම.
♦ දරුවකු පිළිසිඳ ගැනීමට අත්‍යවශ්‍ය කරුණු 3 කි.
හොඳ තත්ත්වයේ ශුක්‍රාණු ප්‍රමාණවත් සංඛ්‍යාවක් නිපදවීම.
සරු ස්ත්‍රී බීජ ක්‍රමවත්ව නිෂ්පාදනය වීම හා පිටවීම.
ස්ත්‍රියකගේ සරු කාලය තුළ පුරුෂයා සමඟ ලිංගිකව එක්වීම.
ඩිම්බය හා ශුක්‍රාණුව එක් වී (සංසේචනය) හට ගන්නා කලලය ගර්භාෂයේ තැන්පත් වීම.
පුරුෂයාගේ ශුක්‍රාණුවල සරු බව අඩුවීමට හේතුවන සුලභ සාධක
දියවැඩියාව, කම්මුල්ගාය, ක්ෂය රෝගය හා සමාජ රෝග තත්ත්වයන්.
මත්කුඩු, මත්පැන් සහ දුම්පානය
වෘෂණ කෝෂවලට සිදුවී ඇති අනතුරු
ඇතැම් ඖෂධ වර්ග.
වයස අවු. 55 පසුවූ පසු ක්‍රමයෙන් ශුක්‍රාණුවල දරුවකු බිහි කිරීමේ ශක්තිය අඩුවේ.
♦ කාන්තාවකගේ සරු ඩිම්බ ක්‍රමවත්ව නිෂ්පාදන නොවීමට හේතු
කාන්තාවකගේ වයස අවු. 35න් පසු සරු ඩිම්බ නිපදවීමේ අඩුවීමකුත්, 40න් පසු සීඝ්‍ර අඩුවීමකුත් සිදුවිය හැක.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ, සමාජ රෝග ආදිය.
ස්ථූලභාවය, සීඝ්‍රයෙන් වන අධික බර අඩුවීම.
♦ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වීම හෝ කලලය ගර්භාෂයේ තැන්පත් වීම වැළැක්විය හැකි හේතු
පුරුෂ ලිංගය අප්‍රාණික බව හා ශුක්‍ර තරලය පිට කිරීමේ අපහසුතා
ලිංගිකව එක්වීමේ අපහසුතා.
ගර්භාෂයේ ඇතුළත ඇති ෆයිබ්‍රොයිඩ් වැනි රෝගී තත්ත්වය නිසා කලලයට ගර්භාෂයේ තැන්පත් වීම අපහසු විය හැක.
ස්ත්‍රියකගේ සරු කාලය තුළ දෙදෙනා එක්වීමක් සිදු නොවීම.
♦ මඳසරුභාවය සඳහා කෙරෙන මූලික පරීක්ෂණ
පුරුෂ ශුක්‍ර තරල පරීක්ෂණය
මේ සඳහා පැය 72ක කාලයක් ශුක්‍ර පිටකිරීමෙන් වැළකී සිට ඉන්පසු ප්‍රමිතියට අනුකූලව ශුක්‍ර තරල පරීක්ෂා කළ යුතුය.
♦ කාන්තාව ඩිම්බ පිට කරන්නේදැයි දැනගැනීමට කරන පරීක්ෂණ
ආර්තව චක්‍රයේ දෙවන භාගයේ සිදුකරන ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන පරීක්ෂණය මගින්.
♦ අල්ට්‍රා සවුන්ඩි පරීක්ෂණය
මෙමඟින් ඩිම්බ මේරීම හා ඩිම්බ මෝචනය ගැන නිගමනයකට එළඹිය හැක.
HSG පරීක්ෂණය
ලැපරොස්කොපි පරීක්ෂාව
♦ මඳසරුභාවයට ඇති ප්‍රතිකාර
ඩිම්බ පිට කිරීමට (මෝචනයට) උපකාරී වන ඖෂධ ලබාදීම.
ඩිම්බ පිටවන අවස්ථාව කලින් අනුමාන කොට විශේෂයෙන් ඒ කාලයේදී සංසර්ගයේ යෙදීම.
අන්තර් ගර්භාෂයීය ශුක්‍රාණු තැන්පතුව (IUI)
පැලෝපීය නාලයේ අවහිරතා ඉවත් කිරීම සඳහා ශල්‍යකර්ම සිදු කිරීම.
නල දරු තාක්ෂණය (IVF) වැනි ආධාරිත ප්‍රජනන ක්‍රම.
♦ මඳසරුභාවයට ප්‍රතිකාර සඳහා යොමුවීමේදී සැලකිය යුතු කරුණු
කාන්තාවකගේ වයස ඇගේ සරුභාවයට බලපාන බැවින් කල් නොයවා ප්‍රතිකාර සඳහා යොමුවීම.
පළමුව සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී මූලික පරීක්ෂණ, උපදෙස් හා ප්‍රතිකාර සඳහා යොමුවීම.
මූලික ප්‍රතිකාරවලින් සාර්ථක ප්‍රතිඵල නොලැබුණහොත් විශේෂඥ ප්‍රතිකාර සඳහා සායනයකට යොමුවීම.
මඳසරුභාවය අද ලෝකයේ සුලභව දකින ප්‍රතිකාර ලබාගත හැකි ප්‍රශ්නයකි. අධෛර්යමත් නොවී වෛද්‍ය උපදෙස් පිළිපැද ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවී සාර්ථක ප්‍රතිඵල ලබාගන්න.