2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ලෙඩ රැසක් ගැන අනතුරු අඟවන කුරුලෑ

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 957

කුරුලෑ ගැන බොහෝ දෙනා තුළ ඇත්තේ අප්‍රසාදයක්. තමන්ගේ රුව පිළිබඳව කණගාටුවට පත්වී කුරුලෑව ඉක්මණින් සුව කර ගැනීමටයි එවන් විටෙක කවුරුත් මුල් තැන දෙන්නෙ. නමුත් කුරුලෑවක් මුහුණේ ඇතිවන ස්ථානය අනුව ශරීරයේ වෙනත්  අවයවයක ඇති රෝගාබාධ පිළිබඳ අනතුරු ඇඟවෙන බව  ඔබ මීට පෙර දැන සිටින්නට නැතිව ඇති. අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ මුහුණේ කුරුලෑවක් ඇතිවන ස්ථානය අනුව ශරීරයේ වෙනත් තැනක අවයවවල සෞඛ්‍යය තත්ත්වය ගැන අනතුරු ඇඟවෙන ආකාරය ගැනයි.

කම්මුල නාසයට ආසන්නව 

බොහො විට බැක්ටීරියාවන් ඒකරාශී වීම නිසා මෙම තත්ත්වය ඇතිවනවා. කුණු දුහුවිලි පිරුණු දෑත් මගින් සම ස්පර්ශ කිරීම සහ දුම්පානය නිසාත් කම්මුල් මත කුරුලෑ ඇති වනවා. දුම් පානය නිසා සමට ලැබෙන ඔක්සිජන් අවම වීම මේ සඳහා එක හේතුවකි. රෝසියා ලෙස හැඳින්වෙන රතු  පැහැ ඉදිමුම් බඳු කුරුලෑ, කඩචෝරු ආහාර අසීරු කාලගුණ තත්ත්ව නිසා ද ඇති විය හැකිය. මුහුණු ආලේපන ක්‍රීම් වර්ගවලින් නොසෝදා සිටීම තවත් හෙතුවකි.හිස තබන කොට්ටය අපිරිසුදු වූ විට ඇතිවන බැක්ටීරියා ඇතුළු විසබීජ ක්‍රියාකාරිත්වය ද මෙයට හේතුවකි. 

නවතම අධ්‍යයන පෙන්වා දෙන්නෙ ස්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති විට කම්මුල ආශ්‍රිත කුරුලෑ හටගන්නා බවය. 

T-zone හෙවත් මුහුණේ අනතුරුදායක ත්‍රිකෝණ කලාපය නැතිනම් නලල, නාසය, කම්මුල් ආශ්‍රිත කුරුලෑ

රුධිර සංසරණය මන්දගාමී වීම, අධි මාත්‍ර ලෙස කැෆේන් ශරීරගත වීම, ඇල්කොහොල් පානය සහ මානසික ආතතිය වගේම ස්වසන පද්ධතියේ රෝගි තත්ත්වයන් ද මෙමගින් පෙන්නුම් කරනවා.

හක්ක, නිකට හෝ බෙල්ල 

සැකසූ සීනි සහිත ආහාර වැඩි ලෙස පරිභෝජනය, හෝමෝන අසමතුලිතතාවය, “Candida” වැනි දිලීර ආසාදන.

ඇහිබැමි අතර කුරුලෑ ඇති වීම 

අක්මාවේ ගැටලුවක් ගැන අනතුරු ඇඟවීමක් විය හැකියි.  මස් වැඩි ලෙස ආහාරයට ගැනීම, දුම්පානය කිරීම හෝ ඇල්කොහොල් වැඩි වශයෙන් පානය කිරීම මෙම තත්ත්වය කෙරෙහි බලපායි. මෙවන් අහිතකර හුරු පුරුදු ඔබේ අක්මාව සදාකාලිකවම රෝගී බවට පත් කරන අතර වැඩි වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගෙන දිනපතා ව්‍යායාම සිදු කර දිනකට අවම වශයෙන් පැය හතක නින්දක් ලබා ගැනීම වැදගත්.

නළල – මුත්‍රාශය හෝ කුඩා බඩවැල ආශ්‍රිත ආහාර මාර්ගයේ ගැටලු 

මේදය අධික සැකසූ ආහාර පරිභෝජනය කිරීම නිසාත් අධික ලෙස ආතතියට පත්වීම මෙන්ම ඇල්කොහොල් අධික ලෙස පානය කිරීම නිසාත් මෙම තත්ත්වය ඇති වී විජලනය, ආහාර ජීර්ණය අක්‍රමවත්වීම සහ විෂ සහිත සංඝටකයන් ශරීරයේ තැන්පත්වීම වැනි සෞඛ්‍යය ගැටලු ඇති වනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය (දිනකට ජලය වීදුරු 10-12) පානය කිරීම සහ ඇල්කොහොල් පානය අතහැර දැමීම සහ යෝගා වැනි ව්‍යායාම සිදු කර ආතතිය දුරු කිරීම සිදු කරන්නට පුළුවන්.

ඇහිබැම සහ ඇස අවට 

වකුගඩු හෝ අක්මාව 

විජලනය සහ මන්දපෝෂණ තත්ත්වයන් නිසා ඇහිබැම සහ ඇස අවට කුරුලෑ ඇති වනවා. අධික ලෙස දුම්පානය සහ ඇල්කොහොල් පානය කිරීම, හදවතේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම, රැධිර සංසරණය මන්දගාමී වීම වැනි කරුණු මේ සඳහා ප්‍රධාන ලෙස බලපාන අතර වැඩි වශයෙන් ජලය පානය කිරීම ඇල්කොහොල් සහ කැෆේන්වලින් ඉවත්වීම වැනි දෑ සිදු කිරීම මේ සඳහා සුවදායක වනවා.

කම්මුල් දෙපස  – පෙනහළු සහ අක්මාව

කම්මුල් මත කුරුලෑ ඇති වනවා නම් ඔබ මුඛ සෞඛ්‍යය පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු වනවා. සීනි අධික ආහාර සහ පානවලින් ඉවත්වී දිනපතා හොඳින් දත් මැදීම සිදු කර මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගන්න. සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවට අනුව වම් කම්මුල අක්මාවටත් දකුණු කම්මුල පෙනහල්ලටත් සම්බන්ධ වනවා.

නාසය –  හදවත

නාසය හදවත සමග සම්බන්ධ වන අතර නාසයේ කුරුලෑ ඇතිවීම මගින් අධික ලෙස ලුණු ආහාරයට ගැනීම පෙන්නුම් කරනවා. අධි රුධිර පීඩනය සහ හදවත සම්බන්ධ වන වෙනත් සෞඛ්‍යය ගැටලු මෙමගින් නිරූපණය වන අතර මෙම තත්ත්වය මගහරවා ගැනීමට එළවළු, පළතුරු සහ ඇට වර්ග පරිභෝජනය කර ලුණු සහ මිරිස් අධික ආහාරවලින් වැළකී දිනපතා ව්‍යායාම කිරීම සුදුසු වනවා.

මුඛය සහ නිකට – උදරය

ඔබේ මුඛය අවට සහ නිකටේ කුරුලෑ ඇති වනවා නම් සීනි සහ මේදය අධික ආහාර පරිභෝජනයෙන් වැලකී ඇල්කොහොල් පානය කිරීමෙන්ද වැලකීම ගුණ දායකයි. සිට යෝගට් වැනි  ආහාර පරිභෝජනය කරන්න.

හක්ක සහ බෙල්ල – හෝමෝන

හෝමෝන අසමතුලිතතාවය නිසා බෙල්ල අවට කුරුලෑ ඇති වනවා. මේ සඳහා විසඳුමක් ලෙස එළවළු සහ පළතුරු ආහාරයට ගැනීම සහ කැෆේන් මෙන්ම ලුණු පරිභෝජනයෙන් වැළකී සිටීම හඳුන්වා දෙන්නට පුළුවන්.

කුරුලෑ පිලිබඳ මෙතෙක් දැක්වු නොසැලකිල්ල අතහැර ශරිර ගත වෙනත් ආබාධ පිළිබඳ සැලකිලිමත් වන්නට මේ කරුණු ආධාර වනු ඇති. 

 Web MD

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00