2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

මොළේ වනසන වැරදි පිළිවෙත්

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 346

මොළය කියන්නේ අපේ ශරීරයේ තියෙන වටිනාම ඉන්ද්‍රිය. නමුත් අපේ අය කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව අනුගමනය කරන මෙන්න මේ වැරදි පිළිවෙත් නිසා  මොළයට හානි සිදුවිය හැකියි.

උදේ ආහාරයට නම් මඟ හරින්නම එපා

උදේ අහාරය මොන තරම් වැදගත්ද කියන එක හැමදාමත් ලැබෙන උපදෙසක්. පෝෂ්‍යදායි ආහාර වේලක් අනිවාර්යයෙන්ම ලබා ගන්න කියන්නේ එයින් මොළයේ ක්‍රියාකාරිත්ව ක්‍රමවත් කර ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් අනිවාර්යයෙන් ලබා දිය යුතු නිසයි. එය අහිමි වී යාම ඔබේ මොළයේ වර්ධනය අඩපණ කරන්න හේතුවක් වෙනවා.

phone එක ළඟ නැත්තම් නින්ද යන්නේ නැද්ද?

මේක විශේෂයෙන් තරුණ පිරිස් වලට තියෙන ලෙඩක්. phone එක ළඟ නැත්තන් නින්ද යන්නෙත් නෑ. ඒත් මේ පුරුද්ද නම් බොහොම නරකයි. phone එකෙන් පිට වන අහිතකර කිරණ මඟින් ඔයාගේ මොළයට හානි සිදු කරනවා. ඉතින් ඔයා හැමදාම ඒ වැරදි වැඩේ කරන්න ගත්තොත් රුයක් පුරා දිනපතා ඔබේ මොළයට එල්ලවන අහිතකර කිරණවල බලපෑම වැඩි කල් නොයා අහිතකර ප්‍රතිඵල ඇති කරන්න හේතු වෙනවා.

ඒ වගේම නිතරම phone එක කනේ තියාගෙන ඉන්න එකත් හැකි තරම් අවම කරන්න. ඔබ තුළ මානසික ආතතිය ඇති කරන්න එය හේතු වෙනවා.

කොච්චර මොළය වෙහෙසුවත් එයට විවේකයක් දෙන්නේ නැද්ද?

කාර්යබහුල බව නිසා විවේකය කියන දේ අපිට ගොඩක් වෙලාවට මඟ හැරෙනවා. ඒත් මොළයේ නිසි ක්‍රියාකාරිත්වයට විවේකය අතිශය වැදගත්. අසනීපයක් වුනු වෙලාවකදීත් මොළය වෙහෙසන්නේ නැතිව විවේක ගන්න කියන්නේ ඒ මඟින් මොළයේ කාර්යක්ෂමභාවය අවම වෙන නිසා. ඒ වගේම නින්ද කියන්නෙත් අනිවාර්ය දෙයක්, අනවශ්‍යය ලෙස නිදී වැරීම මොළයේ සෛලවලට දැඩි ලෙස හානි කරනවා. ඒ නිසා නින්ද ඇතුළු විවේකය ලබා ගැනීම කිසිම වෙලාවක සුළුවෙන් හිතන්න එපා.

අනවශ්‍ය ලෙස ආහාර පාලනය

මේ දේ නම් කාන්තාවන් ගොඩාක් දෙනෙක් කරන වැරැද්දක්. බර වැඩියි, බඩ වැඩියි, එහෙම නැත්තන් මහත වැඩියි කියලා අනවශ්‍යය  විදියට ආහාර පාලනය කරනවා. නමුත් පුද්ගල මනස එදිනෙදා ක්‍රියාකාරකම් වලට ක්‍රමානුකුලව හැඩ ගැසිලයි තියෙන්නේ. ඉතින් ශරීරය ඒ දේවල් ඔයාගෙන් ඒ ඒ වෙලාවල්වලදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැමදාම කෑම කන වෙලාවට අපිට බඩගින්නක් දැනෙන්නේ ඒ නිසානේ. ඒ නිසා එක පාර කෑම නොකා ඉන්නේ නැතිව ටිකෙන් ටික අඩු කරමින් පාලනයකට එන්න.

 Medi news