ලිංගික ජීවිතය හා ඊට අදාළ කරුණු අඹුසැමියන් හෝ පවුල් අතර සාකච්ඡාවට භාජනය වන්නේ ඉතාමත් අඩුවෙන්. මීට ප්‍රධානම හේතුව ලැජ්ජාවම නෙමෙයි. ඒ පිළිබඳ තිබෙන විශ්වාස සහ ආකල්පයි. පවුල තුළ මෙය සැඟවී යන මාතෘකාවක් නිසාම දරුවන්ට ලැබෙන දැනුමත් ඉතාමත් අල්පයි. ඔවුන් දැනුම ලබාගන්න උත්සාහ කරන්නෙ බාහිර පරිසරයෙන්, යාහළු මිත්‍රයන්ගෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලය සහ මාධ්‍ය මගිනි. මේවායින් ලැබෙන දැනුම හැමවිටම විද්‍යාත්මක නෑ. විද්‍යාත්මක නොවන තරමට ඔවුන් නොයෙකුත් මිත්‍යාවන්ට ගොදුරු වී වැරදි ප්‍රතිකාරවලට යොමු වෙනවා. පවුල් සම්බන්ධතාවයන් කඩාවැටී දික්කසාදයෙන් කෙළවර වන තැනටම ප්රශ්නය උඩු දුවන්න පුළුවන්. මෙහි එන පියල්ගේ කතාව මීට කදිම නිදසුනක්. ලිංගික ප්‍රශ්නයක් නිසා ජීවිතය අවුල් වුණ පියල් අප වෙත යොමු වනවිට සියල්ල අවුල් වී බිරිඳගෙන් වෙන්වීමටද තීරණය කර තිබුණේ. පියල් ඔහුගේ කතාව මෙසේ අපට පැවසුවා.
“මගේ වයස අවු. 28යි. මම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. විවාහ වෙලා අවු. 2ක් වෙනවා. තවම අපට දරුවෝ නැහැ. බිරිඳ සමඟ හරියට ලිංගිකව එකතුවෙලත් නැහැ. අපි විවාහ වුණේ අවුරුදු 3ක් ආදරය කරලා. අපි යාළුවෙලා ඉන්න කාලේ ලිංගික සංසර්ගයේ යෙදුණේ නැති වුණත් වෙන ක්‍රමවලින් සතුටු වුණා. අපේ හනිමුන් එක දවසේ ඇතිවුණු ලිංගික ගැටළුවත් එක්ක තමයි මේ සියලුම ප්‍රශ්න පටන් ගත්තේ. එදා සිදුවීම තාම මට හොඳට මතකයි. අපි ආදරෙන් සිප වැළඳගෙන සිටියා. අපි එකතුවෙන්න හදනකොටම සුක්රානු පිට වුණා. හරියටම කීවොත් විනාඩියක්වත් ගියේ නැහැ. මම එකතුවෙන්න හැදුවේ හරිම ආශාවෙන්. හැබැයි බයකුත් තිබුණා. හරියට බැරි වුණොත් එය පිරිමිකමටත් ලැජ්ජාවක් කියලා මට හිතුනා.
එකතු වෙන්න කලින් මගේ පපුවේ පොඩි ගැස්මකුත් මට තිබුණා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මගේ බිරිඳගේ මුහුණත් වෙනස් වුණා. ඇගේ අස්වල කඳුළු පිරුණා. මම අසාර්ථක පුද්ගලයෙක් කියලා මට හිතුනා. මට මම ගැනම තරහක් ඇති වුණා. අපි දෙන්නා ලිංගික ඇසුරෙන් ඈත් වුණා. මම හැදුවේ බොහෝ විට මගේ වැරැද්ද මගේ බිරිඳ පිට පටවන්න. අපි දෙන්නා නිතරම රණ්ඩු වුණා. මගෙ අම්මයි තාත්තයි නිතරම ඇහුවා ඇයි උඹලා දෙන්නා රණ්ඩු වෙන්නෙ කියලා. ඒත් ඉතින් මම මේක කොහොම කියන්නද? මේ අතර කාලෙදි මගේ දෙමව්පියෝ මගේ කේන්දරේ අරගෙන සාස්තරකරුවෙක් ළඟට ගියා. ඔහු කීවා අපි දෙන්නටම ඒරාෂ්ඨකයක් තියනවා කියලා. තව මගේ යාළුවෙක් කීවා මේක මෝහනයෙන් සනීප කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපි මෝහනයට ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක් ළඟටත් ගියා. ඔහු කීවා මෝහන වාර දහයකට සහභාගී වුවහොත් ක්ෂණික මෝචනය නිට්ටාවට සනීප වෙනවා කියලා. එක මෝහන වාරයකට රුපියල්. 2750ක් ගත්තා. කිසිම සුවයක් වුණේ නෑ. මෙවැනි හොරු කීදෙනෙක්ට අපි අහුවෙන්න ඇද්ද කියලා හිතෙනවා.
පියල්ගේ ලිංගික ජීවිතය ගැන තවත් තොරතුරු විමසුවා. ඔහු මෙසේද කීවා. මම එතකොට වැඩ කරේ අනුරාධපුරේ. එතකොට මට කිසිම ලිංගික අත්දැකීමක් තිබුණේ නෑ. අනුරාධපුර නගරෙ නම් ගණිකා නිවාස පිරිලා. මාත් එක්ක එකට වැඩකරපු මගේ හොඳම යාළුවා නිමල්. ඔහු තමයි ඉස්සරලම මාව ගණිකා නිවාසයකට එක්කගෙන ගියේ. මම ඒ නිවාසෙ ඇතුළට ගියේ හරිම බයෙන්. භීතීන් දෙකක් මට ඇති වුණා. කවුරු හරි දැක්කොත් මොනවා හිතයිද කියලා මට හිතුවා. ලිංගික අත්දැකීමක් නැති මට හරියට Sex කරන්න බැරි වෙයි කියලත් මට බයක් ඇති වුණා.මේ බයත් එක්කම තමයි මම ඒ තරුණියත් එක්ක හිටියේ. එදා Sex කරන්නත් ඉස්සර වෙලා මට ශුක්‍රාණු පිට වුණා. මෙහෙම හය හත් වතාවක් පමණ මේ නිවාසෙට ගියා. ඒ හැම දවසකම මට හරියට Sex කරගන්න බැරි වුණා. ක්ෂණිකව ශුක්‍රාණු පිට වුණා.
මනෝ වෛද්‍ය විද්‍යාව අනුව පියල්ගේ ගැටලුව ක්ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස හඳුන්වනවා. ක්ෂණික මෝචනය හඳුනාගැනීමට පහත ලක්ෂණ තිබිය යුතුයි.
• තම සහකාරිය සමඟ එකතු වීමේදී විනාඩියකටත් ප්‍රථම ශුක්‍රාණු පිටවීම.
• එකතුවන බොහෝ අවස්ථාවලදී (75% වඩා) ඉහත ආකාරයට ක්ෂණික මෝචනය සිදුවීම.
• මාස 6කට වැඩි කාලයක් මේ තත්ත්වය පැවතීම.
• කිසියම් ඹෞෂධයක් හෝ මත්ද්‍රව්‍යයක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් නිසා මෙය සිදුනොවිය යුතුය.
අප ළඟට යොමු වූ පියල් සහ ඔහුගේ බිරිඳ හංසි මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කෙරුණි. පියල්ට තිබූ ප්‍රධාන ගැටලුව නම් ලිංගිකත්වය පිළිබඳ තිබුණ ආකල්ප හා දැඩි ආතතියයි. ඔහු අනුරාධපුරයේ දී ලැබූ නොමේරූ ලිංගික අත්දැකීම මෙම ආතතියට ප්‍රධානම හේතුවයි. පියල් නිතරම සිටියේ ලිංගික කාර්යය ඉතා සාර්ථකව කරගැනීමට නොහැකිවේයැයි යන බියෙනි. මෙම භීතිය (Performance Anxiety) ක්ෂණික මෝචනයට ප්‍රධාන හේතුවක් විය.
මානසික සායනයට යොමුවූ පියල් සහ ඔහුගේ බිරිඳ පහත සඳහන් ක්‍රියාකාරකම්වලට යොමු කෙරුණි.
• දෙදෙනාගේම ලිංගික ආතතිය අඩු කරන ස්පර්ශය මුල්කොට ගත් (Sensate Focus Exercise) සම්භාහන ක්‍රමය.
• ක්ෂණික මෝචන පමා කිරීමට ශිෂ්ණයේ මාංශපේශී ක්‍රමානුකූලව සංකුංචනය හා ලිහිල් කිරීමේ ක්‍රමවේදයට පුරුදු කිරීම.
• ලිංගිකත්වය හා ලිංගික කාර්යය පිළිබඳ විද්‍යාත්මක පුහුණුවක් ලබාදීම.
• පියල්ගේ දැඩි ආතතිය හා ක්ෂණික මෝචනය නැති කිරීමට විද්‍යාත්මක ඖෂධ ලබාදීම.
මෙසේ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු වූ පියල්ට සති 8ක් යාමට පෙර ක්ෂණික මෝචනය නැමති තත්ත්වයෙන් එළියට ඒමට හැකි විය. ක්ෂණික මෝචනය පිරිමින් බහුල ලෙස ගොදුරුවන ලිංගික අසනීපයකි. පිරිමින් මුහුණ දෙන ලිංගික ගැටලු අතර 50%ක්ම ක්ෂණික මෝචනයයි. මෙය සොරොටනීන් නැමති ස්නායු උත්තේජකය නිර්මාණය කරන ජාන (Serotonin Transporter Gene) විකෘති ස්වභාවයක් නිසාද ඇතිවිය හැකි බව විශේඥ මතයයි. සමාජ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් ද මේ තත්ත්වයට බොහෝ සෙයින් ගොදුරු වන බව සොයාගෙන ඇත. කෙසේ නමුත් පියල් සහ හංසි විද්‍යාත්මක ප්‍රතිකාරවලට පිං සිදුවෙන්නට සතුටින් කල්ගෙවති.