2018 මැයි 05 වන සෙනසුරාදා

ගැබිණි මවක නිදාගත යුතු නිවැරදි ආකාරය මෙන්න

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 11386

ගර්භනී සමයේදී කාන්තාවන් නිදා ගැනීමේදී  සුවපහසු ඉරියව්වක් තෝරා ගැනීමට විශාල අරගලයක් සිදුකරනු ලබනවා. අවාසනාවකට මෙන් ගර්භනී කාන්තාවන් නොදැනුවත්ව හෝ වැරදි නිදා ගැනීමේ ඉරියව් අනුගමනය කරනු ලබනවා. ඔබ කාන්තාවක් නම් මේ ලිපිය හොඳින් කියවා ගර්භනී සමයේදී නිදාගත යුතු ආකාරය පිළිබඳව නිසිලෙස දැනුවත් වන්න. එය ඔබට පසුවට හෝ උපකාරයක් වේවි.

ඇයි ඔබ සාමාන්‍යයෙන් නිදියන ඉරියව් ගර්භනී සමයේදී ඔබට සුවපහසු නොවන්නේ?

ඔබ ගර්භනීභාවයට පත් වූ විට ඔබේ ශරීරයේ විවිධ වෙනස්කම් සිදුවනවා. මේ සිදුවන වෙනස්කම් නිසා සාමාන්‍ය ආකාරයට ඔබට නිදාගැනීමට නොහැකි වනවා. උදාහරණයක් ලෙස මෙවන් ශාරීරික වෙනස්කම් කිහිපයක් තමයි කුසේ ප්‍රමාණය විශාල වීම, කොන්දේ වේදනාව ඇතිවීම, අජීර්ණ ඇතිවීම, හුස්ම ගැනීමට ඇතිවන අපහසුව සහ නින්ද නොයාම වැනි වෙනස්කම්.

වෛද්‍යවරයෙකු විසින් ගර්භනී කාන්තාවකට නිර්දේශ කරනු ලබන සුදුසුම නිදාගැනීමේ ඉරියව්ව කුමක්ද?

සුදුසුම නිදාගැනීමේ ඉරියව්ව තමයි පැත්තට හැරී නිදාගැනීම SOS (Sleep on side) ක්‍රමය.

ඔබ වම්පසට හැරී නිදාගැනීම මගින් ඔබට වැඩි සුවපහසුවක් දැනේවි. ඔබ ගර්භනී සමයේදී වම්පසට හැරී නිදාගැනීම මගින් වැදෑමහට සහ කුස තුළ සිටින දරුවාට නිසිලෙස රැධිරය සංසරණය වීමත් අවශ්‍ය කරන වෙනත් පෝෂක ලෙහෙසියෙන්ම ගමන් කිරීමත් සිදුවනවා. මේ ඉරියව්වෙන් නිදාගැනීමේදී ඔබේ පාද සහ දණහිස් නමා දණහිස් අතරට කොට්ටයක් තබාගන්න.

ඔබට කොන්දේ වේදනාවක් දැනුණු විට මේ SOS ඉරියව්ව අනුව නිදාගෙන යටිබඩ යටින් සහ පාද දෙක අතරින් කොට්ටය බැගින් තබාගන්න.

ඔබට රාත්‍රී කාලයේදී අජීර්ණ ස්වරූපයක් ඇතිවනවා නම් ඔබේ ශරීරයේ උඩු කොටස එසවෙන පරිදි කොට්ටයක් තබාගන්න. ගර්භනී සමයේ මැද සමය පසුකරද්දී ඔබට හුස්ම ගැනීමේ අපහසුව වැනි ගැටලුත් ඇතිවේවි. එවන් අවස්ථාවලදීත් ඔබ නිදාගැනීමේ දී මේ ක්‍රමය අනුගමනය කරන්න.

ඔබ අත්හැරිය යුතු නිදාගැනීමේ ඉරියව් මොනවාද?

• උඩු අතට හැරී නිදාගැනීම:

ගර්භනී කාන්තාවක් උඩු අතට හැරී නිදා ගැනීමෙන් කොන්දේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, අජීර්ණ, අර්ශස්, රුධිර පීඩනය අඩුවීම සහ හදවතට සහ කුස තුළ සිටින දරුවාට සිදුවන රැධිර සංසරණය අඩුවීම වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවන්නට පුළුවන්. මෙසේ සිදුවන්නේ ගර්භනී කාන්තාවක් උඩු අතට වන්නට නිදා ගැනීමෙන් උදරයෙන් වැඩි පීඩනයක් බඩවැල්වලට සහ ප්‍රධාන රුධිර නාලිකාවලට එල්ලවීම නිසයි.

• මුනින් අතට වන්නට නිදාගැනීම:

ගර්භනී සමය දිනෙන් දින ගතවද්දී ගර්භනී කාන්තාවකගේ උදරයේ ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වනවා. ඒ නිසා ගර්භනී කාන්තාවකට මුනින් අතට නිදාගැනීමට අපහසුවක් ඇති වනවා. ඊටත් අමතරව එම ක්‍රියාව සිදුකිරීමෙන් කුස තුළ සිටින දරුවාට හානියක් වන්නටත් පුළුවන්.     
                          
Medi news  

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00