ඔබ මැදි වයසේ පසුවන්නේ නම් ඔබේ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවා ගැනීමේ සැලසුම් තවත් දිනකට කල් තැබීම සුදුසු නැත. වහාම යහපත් ජීවන පුරුදු ඇරුඹිය යුතුය. අලුතින් සිදු කළ අධ්‍යයන දෙකක් පෙන්වා දෙන්නේ මැදි වයසේ ඇතිවන අධිරුධිර පීඩනය හේතුවෙන් පුද්ගලයන් පසුකාලීනව ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරැ වීමට ඇති අවදානම ඉහළ නංවන බවයි.
මැදිවියේදී මෙලෙස ශරීර සෞඛ්‍ය දුර්වල වීම, අඩු වයසෙන් මරණයට පත්වීමට ඇති හැකියාව ඉහළ නංවන බව මින් එක් වාර්තාවක වැඩි දුරටත් දැක්වේ.
‘යුරෝපියන් හාට් ජර්නල්’ හි පළ කර ඇති අධ්‍යයන වාර්තාවකට අනුව, සංන්‍යස්ත රුධිර පීඩනය (systolic pressure) එනම් හදවත සංකෝචනය වන අවස්ථාවේ පීඩනය රසදිය මිලිමීටර 130 හෝ ඊට වැඩි පනස්වන වියේ පසුවන පුද්ගලයන් මෙලෙස ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරු වීමේ අවදානම, සාමාන්‍ය රුධිර පීඩනය සහිත පුද්ගලයන්ට වඩා 1.5 ගුණයකින් වැඩිය.
රුධිර පීඩනය වැඩිවීම හේතුවෙන්, පිටතට නොපෙනෙන ආකාරයේ එනම් "නිසල" හෝ අඩු මට්ටමේ ආඝාත තත්ත්වයන් ඇතිවීය හැකි බව පර් යේ ෂකයෝ පවසති. පනස් වියේදී දක්නට ලැබෙන අධිරුධිර පීඩනය සහ ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව, පුද්ගලයන් 8,639 දෙනකු යොදා ගෙන කළ අධ්‍යයනයකදී පෙනී ගොස් ඇත. නමුත් ඊට හේතුව සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් ඔප්පු කර නැත.
ජීවිතයේ මුල් අවධියේදී දුර්වලවීම, රෝගී සෞඛ්‍ය තත්ත්වයකට සහ අඩු වයසින් මරණයට පත්වීමේ අවදානමකට හේතු විය හැකි යැයි පෙනෙන්නට ඇති බව පුද්ගලයන් 493,737 දෙනකුගේ දත්ත පරීක්ෂාවට ලක් කළ තවත් අධ්‍යයනයක් මගින් සොයා ගනු ලැබ ඇත.
පහත සඳහන් සෞඛ්‍ය ගැටලුවලින් තුනක්වත් ඇති පුද්ගලයන්, ‘දුර්වල වීමට ගොදුරු වූ පුද්ගලයන්’ ලෙස හැඳින්විය හැකිය.
ශරීර බර අඩුවීම, අධික වෙහෙස, දෙයක් ග්‍රහණය කර ගැනීමේ ශක්තිය දුර්වලවීම, ශාරීරිකව ක්‍රියාශීලීත්වය අඩුවීම, ඇවිදීමේ වේගය අඩුවීම.
සෙසු කරුණු අතර පුද්ගලයාගේ සමාජ ආර්ථික තත්ත්වය, දීර්ඝ කාලීන ඇබ්බැහි, දුම්බීම, මත්පැන් භාවිතය සහ ස්කන්ධ දේහ දර්ශකය ද සලකා බලා අවුරුදු 37 - 45 අතර වයසේ පසුවන පුද්ගලයන්, එම වයස් කාණ්ඩයේම දුර්වල නොවන පුද්ගලයන්ට වඩා 2.5 ගුණයක් මරණයට පත්වීමේ අවදානමක පවසුවන බව පර් යේ ෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත. සෙසු සියලුම වයස් කාණ්ඩවලට (45-55, 55-65 සහ 65-73) ද එම අගය සමාන වේ.
දුර්වල යැයි විනිශ්චය කළ සහ වයස අවරුදු 45 හෝ ඊට වැඩි කාන්තාවන් සම්බන්ධයෙන් ද මෙයට සමාන තත්ත්වයන් සොයා ගනු ලැබ ඇත. ශරීරයේ පටක ඝන වීමේ රෝග තත්ත්වය (multiple sclerosis) සහ නිදන්ගත වෙහෙසකාරී සින්ඩ්‍රෝම තත්ත්වය (chronic fatigue syndrome) දුර්වල පුද්ගලයන් තුළ වැඩි වශයෙන් දැකිය හැක.
මුල් අවධියේදීම දුර්වල වීම හඳුනා ගැනීම සහ ඒ සඳහා ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය යැයි ඉහත කී සොයාගැනීම් මගින් පෙන්නුම් කරයි. ශාරීරිකව දුර්වලවීම පිළිබඳ කළ අධ්‍යයනයේ සම කතෘ ආචාර්ය පීටර් හැන්ලොන් පවසන්නේ දුර්වලවීම කළින් හඳුනා ගතහොත් එම තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් පවතින බවය.
මැදිවියේදී ශරීර යෝග්‍යතාව පිරිහුණු පුද්ගලයන් "හැකි ඉක්මනින්" යහපත් සෞඛ්‍ය වෙනස්කම් ඇති කර ගත යුතු බවත්, ප්‍රධානම දේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම බවත් වෛද්‍ය නිර්දේශයයි. ශරීර බර අඩු කර ගැනීම, දුම්පානය නැවැත්වීම, මත්පැන් භාවිතයෙන් වැළකීම, දිනපතා ව්‍යායාම කිරීම සහ ලුණු අඩු වශයෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අවම කර ගැනීමට ගත හැකි ප්‍රධාන පියවරය. වයස්ගත වෙත්ම ඩිමෙන්ෂියා අවදානම අවම කර ගැනීම සහ මොළය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සඳහා ද ඉහත කී කාර්යයන් උපකාරී වන බව ‘ඇල්ෂයිමිර් රිසර්ච්’ ආයතනය කියයි.
►Lancet