අපේ බොහෝ දෙනා නොදන්න කාරනාවක් තමා තමන්ගෙ ඇස් දෙක කවදාකවත් ඇස් රෝහලට නොගොස් ආරක්ෂා කරගත හැකි බව. ඇස් කියන්නෙ මාංශ පේශී බහුල අවයවයක්. මාංශ පේශී කියන්නෙ හොඳට නිරතුරුව භාවිතාවට ගත යුතු, ව්‍යායාම ලබාදිය යුතු දෙයක්. ක්‍රමානුකූලව ව්‍යායාමයට ලක් නොවන විට මේ පේශී අඩපණ වෙනවා. නිසිලෙස ක්‍රියා නොකර ලෙඩ දෙනවා. ඇස්වලට වෙන්නෙත් ඒකම තමයි. අද කාලේ අපි කරන ගොඩක් රස්සා පරිගණක හා සම්බන්ධයි. ඒ මදිවට දුරකථන තිර, රෑපවාහිනී තිර හැම තැනම. ඉතින් අපේ දෑස් හැදිලා තියෙන අක්ෂි පටක100%ක්ම භාවිතා වෙනවා වෙනුවට වෙන්නේ, එකම තැනක් දිහා මුළු දවසම ඇස්වලින් බලන් ඉන්න එක විතරයි. මේ තත්ත්වය නිසා අපේ ඇස් පෙනීම ඉක්මනටම දුර්වල වෙනවා. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදෙන්න නම් අපේ ඇස් දෙක අවට තියන මාංශ පේශිවලටත් යම්කිසි ව්‍යායාමයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා.
ඒ නිසා ඇස් රැක ගන්න නම් දිනපතා නිසි වේලාවක ඇස්වලටත් ක්‍රමානුකූලව ව්‍යායාම ලබා දිය යුතුයි. පින්තූරයේ දක්වා ඇති විදිහට සෑම අතටම ඇස් ක්‍රමානුකූලව යොමුවන අන්දමට විනාඩි කිහිපයක් ගතකර ව්‍යයාම ලබාදීමෙන් ඇස් නිරෝගිව තබා ගත හැකියි. ඒ සමඟ ඔබ අහාර ගැනීමත් පාලනය කළ යුතුයි. ශරීරය වෙහෙස වන ව්‍යායාමයක සතියකට 3න් වරක්වත් යෙදීමත් වැදගත්!
ඒ අන්දමට දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල් වගේ ලෙඩ හැදෙන එක වළක්වා ගත්තොත් ඔබට නිරෝගි ඇස් දෙකක් ලැබේවි. ඒ සඳහා අදම රෑපයේ දැක්වෙන ව්‍යායාම අරඹන්න. උදේ කාලය තමා මේ සඳහා හොඳම!
- spkamed