2019 මාර්තු 23 වන සෙනසුරාදා

මොබිටෙල් ‘මැක්ස්’ එයි උපරිම කතා සහ දත්ත අවම මිලකට

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 580

මොබිටෙල් විසින් නව පෙර ගෙවුම් පැකේජයක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලාංකික ජනතාවට දුරකථන භාවිතය දැරිය හැකි මුදලකට ලබාදීමේ මොබිටෙල් සන්නාම දැක්ම පදනම් කරගෙන ඉදිරිපත් කෙරෙන මෙම නව පැකේජය මගින් පාරිභෝගිකයන්ට දුරකථන භාවිතයේ සැබෑ නිදහස ලබා දී ඇත. ‘මැක්ස්’ නමින් හැඳින්වෙන මෙම පැකේජය මගින් මොබිටෙල් අංක සඳහා විනාඩි 1000ක කථා කාලයක් සහ කෙටි පණිවුඩ 1000ක් සහ, මෙගා බයිට් 1000ක දත්ත හැසිරවීමක් මසකට රුපියල් 240+ මුදලකට (බදු මුදල් රහිතව)  ලබාගත හැකිය. සෑම මසකම 24 වනි දිනට පැකේජය ස්වයංක්‍රීයව නැවත අලුත් වන අතර එක් ග‍්‍රාහකයෙකුට පැකේජ වැඩි සංඛ්‍යාවක් නැවත සක්‍රීය කර ගැනීමේ හැකියාව ද ඇත. පැකේජය ලබාගැනීමට අපේක්‍ෂාවෙන් සිටින මොබිටෙල් ග‍්‍රාහකයින්ට #147# USSD කේතය අමතා මූලික මැක්ස් පැකේජය සක්‍රීය කරගත හැකිය. පැකේජයට ග‍්‍රාහකත්වය ලබාගැනීම සඳහා රුපියල් 500ක reload කිරීමක් හෝ recharge කිරීමෙන් නව සම්බන්ධතා, මොබිටෙල් නියෝජිතයන්ගෙන්, සේවා සහ ශාඛා මධ්‍යස්ථානවලින් ලබාගත හැකිය. මැක්ස් පැකේජය මගින් මොබිටෙල් සම්බන්ධතාවය පුළුල් තලයකට රැගෙන යන අතර තාක්‍ෂණයෙන් ජීවන අත්දැකීම් විඳගැනීමේ අවස්ථාව සිය ග‍්‍රාහකයනට ලබාදෙයි.

ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් සමාගම, සිය සේවා සැපයීම් සහ තාක්‍ෂණය හරහා තොරතුරැ සහ සංනිවේදන තාක්‍ෂණයේ නිමවළලු පුළුල් කරමින් සහ ඩිජිටල් බෙදීමේ පරතරය අඩු කරමින් ජාතික සංවර්ධනය කෙරෙහි සිය දායකත්වය ලබාදෙයි. පාරිභෝගික කේන්ද්‍රීය සහ ඔවුන් ‘රුකගැනීමේ’ ප‍්‍රතිඥාව සහිත සංකල්පයක් මත ගොඩ නැගී ඇති මොබිටෙල් සමාගම, පාරිභෝගික අවශ්‍යතාවයන්ට ප‍්‍රතිචාර දක්වමින් සිය පැකේජයන්ට වැඩි වටිනාකමක් එකතු කිරීමෙහි නිරන්තර උත්සාහයක නිරතව සිටී.

මොබිටෙල්හි පාරිභෝගික ප‍්‍රතිචාර දැක්වීම පුළුල් ලෙස ප‍්‍රශංසාවට ලක් වෙමින් මෑතකදී පැවැත්වූ 2018 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම සේවා සන්නාමය’ට හිමි රන් කුසලානය පිට පිට දෙවන වරටත් දිනාගැනීම, හොංකොංහි අති උත්කර්ෂවත්ව පවත්වන ලද ලේ ෆොන්ටි ආයතන සම්මාන උළෙලේදී ‘නවෝත්පාදනය සහ නායකත්වය සඳහා වසරේ විශිෂ්ටයා’ සම්මානය දිනාගැනීම, ඉන්දියාවේ මුම්බායි හි පැවති ACEF 2018, 7 වන ගෝලීය පාරිභෝගික බැඳීම් සංසදය සහ සම්මාන උළෙලේදී උසස් සේවා අංශයන්ගේ සම්මාන තුනක් දිනාගැනීම වැනි සම්මාන සහ ගෞරවයන් රැසක් මොබිටෙල් දිනා ගන්නා ලදී. ACEF 2018, සම්මාන ඉතා වැදගත් වන්නේ එම සම්මාන සඳහා තෝරාගන්නේ ලොව පුරා සමාගම් 200 කට අධික සංඛ්‍යාවකින් ඉදිරිපත් වන ඉල්ලුම්පත් 621ක් අතුරින් වන නිසාය.

 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00