2019 මැයි 25 වන සෙනසුරාදා

Yamaha AMW නවතම FZ සහ FZ-S Version 3.0 මාදිලියේ යතුරුපැදි ශ‍්‍රී ලාංකික වෙළඳපොළට

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

ශ‍්‍රී ලාංකීය රථවාහන ක්ෂේත‍්‍රයේ මගපෙන්වන්නා එසේත් නැතිනම් පෙරගමන්කරු වන ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලික සමාගම තම යතුරුපැදි ඛාණ්ඩයේ නවතම මාදිළි ද්විත්වය වන Yamaha FZ සහ FZ-S Version 3.0 ශ‍්‍රී ලාංකික වෙළඳපොළට පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. බොරැල්ලේ පිහිටි Yamaha ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරයෙදී පැවති මෙම හඳුන්වා දීමේ අවස්ථාවට යතුරුපැදි අලෙවිකරුවන්, යතුරුපැදිවලට ආදරය කරන්නන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී මෙම නවතම මාදිලිවල විශේෂාංගයන් දෑසින්ම දැකබලා ගැනීමට මෙන්ම එහි අත්දැකීම් ලැබීමටද ඔවුන්ට  අවස්ථාව ලැබීම විශේෂත්වයක් විය. 

ශ‍්‍රී ලංකාව තුළ ධාවනය වන අනෙකුත් 150 CC කාණ්ඩයේ යතුරැ පැදි  හා සංසන්දනය කිරීමේදී Yamaha FZ මාදිලිය අංක එක මාදිලිය බව යමහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ්රාන් සියාවුඩීන් මහතා යතුරැපැදිය හඳුන්වාදීමේ උත්සවය අමතමින් පැවසීය. මෙම නවතම Yamaha FZ සහ FZ-S Version 3.0 මාදිළිවල වැදගත්ම විශේෂාංගය ලෙස “ABS (Anti-Lock Braking System) තිරිංග පද්ධතිය හඳුන්වා දෙන්න පුළුවන්. එය ඉතාමත් ආරක්ෂාකාරී ගමනක් ඔබට ලබා දෙන අතර හදිසි තිරිංග තද කිරීමේදී පසෙකට ඇදීයාම සහ රෝද පාලනයෙන් තොරව ධාවනය කිරීම වළක්වනු ලබනවා. එමෙන්ම FI තාක්ෂණය හේතුවෙන් ඉතා අඩු ඉන්ධන පාරිභෝජනයකින් උපරිම එන්ජින් කාර්යක්ෂමතාවක්  12.8 12.8 N-M(1.3KG F-M) සහ 13.2 PS @ 8000 rmp බලයක් ලබාදෙන අතර 150CC කාණ්ඩයේ අඩුම බර සහිත යතුරුපැදිය මෙය බව ප‍්‍රකාශ කරන්න පුළුවන්. එහි බර 137kgක්, වැඩි දියුණු කළ එන්ජින් සැකසුම ඔබට වේගවත් ආරම්භයක් ලබාදෙන අතර වේගයෙන් ධාවනය කිරීමේ හැකියාව මෙන්ම දැඩි වාහන තදබදයකදී වුවත් පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවද ලබාදෙනවා. ඒ වගේම නවතම සුපිරි LED Headlight  (ප‍්‍රධාන ආලෝක පහන) රාත‍්‍රී කාලයේදී පැහැදිලි දර්ශනයක් සහිතව මාර්ගයේ ආරක්ෂාකාරීව ගමන් කිරීමේ පහසුව සලසනවා. නෙගටිව් LCD මීටරය සුවපහසු ද්විත්ව ආසනය, වැඩි වායු ධාරාවක් ලබාගත හැකි පරිදි නවීන ලෙස සකසන ලද ලීටර 12.8ක් වන (මෙම කාණ්ඩයේ වැඩි ධාරිතාවක් සහිත) ඉන්ධන ටැංකිය සහ ඒ මත පිහිටා ඇති ප‍්‍රධාන ස්විචය නවීන  සහ ආකර්ශනීය බවක් ලබාදෙන අතර හැන්ඩලයේ අඩු වයර් සැකැස්ම යතුරුපැදියට වඩාත්  සැහැල්ලු බවක් ලබා දෙනවා. එසේම පිටුපස රෝද ආශ‍්‍රිතව ඇති ආවරණය (Tyre hugger) යතුරැපැදියට නවීන බවක් එක් කරනවා. තවද ප‍්‍රශස්ථ එන්ජින් සැකසුම සහ දියුණු කරන ලද  Ingition Timing සහ  Ingection maps නිසා, ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ පහසු පණගැන්වීමක්ද, වැඩි බලයක්ද, ඉන්ධන පිරිමැස්මක්ද ලබාදෙනවා. ඒ වගේම වඩාත් වේගවත් හැඟීමක් ලබාදෙමින් ධාවනය කිරීමේ පහසුවද ලබා දෙනවා. මෙහිදී  මා සඳහන් කරනු ලැබුවේ මෙම යතුරැපැදියේ ඇති විශේෂාංග අතුරින් ඉතා ස්වල්ප ප‍්‍රමාණයක් පමණයි. සැබවින්ම මෙය අතිවිශිෂ්ට විශේෂාංග රුසකින් යුත් යතුරුපැදි ද්විත්වයක්.

එමෙන්ම සියාවුඩීන් මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේ FZ සාමාජිකයන්ට මෙන්ම අලුතින් එක්වන සාමාජිකයන්ටත් ආකර්ශනීය ලීසිං පහසුකම් මෙන්ම පැමිණ පරීක්ෂණ ධාවනයකට සහභාගී වන ලෙසත් ආරාධනා කරන බවයි. යතුරුපැදි දියත් කිරීමේ උත්සවය ලංකාවේ විශිෂ්ටතම සංගීතඥයින් දෙදෙනකු වන භාතිය සහ සන්තුෂ්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ අතර ඔවුන් මෙහි සන්නාම තානාපතිවරැ ලෙසද කටයුතු කරනු ලැබේ. මෙම යතුරැපැදි ද්විත්වය ශ‍්‍රී ලංකාවේ ජවසම්පන්න තරුණයන්ගේ යතුරැපැදිය ලෙස ශ‍්‍රී ලාංකික වෙළඳපොළට එක්වනු ලබයි.

මෙම උත්සවයට පෞද්ගලිකව සහභාගී නොවුවත් ජපානයේ යමහා මෝටර් කෝපරේෂන්හී ජ්‍යෙෂ්ට සාමාන්‍යධිකාරී ඔහ්නෝ ඉසුමි මහතා ශ‍්‍රී ලංකාවේ යතුරුපැදි දියත් කිරීමේ උත්සවයට තම සුබපැතුම් එක් කෙරීය.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00