ගෘහභාණ්ඩ හා නිමකිරීම් කර්මාන්තයේ ශ්‍රී ලාංකික වෙළඳපොළ ප්‍රමුඛතමයන් වන JAT හෝල්ඩින්ග්ස්, Permoglaze &සැමට සුපිරි දිනුම් - සූරන්න දිනන්න” තරගයේ වාසනාවන්ත ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙහි ප්‍රථම ස්ථානය දිනාගත් ජයග්‍රාහකයා හට නවීන Alto මෝටර් රථයක් හිමි වූ අතර දෙවන හා තෙවන ස්ථාන දිනූ ජයග්‍රාහකයන් හට වටිනා මෝටර් බයිසිකල් දෙකක් හිමි විය. මීට අමතරව සැනසිලි ත්‍යාග ලෙස ස්මාර්ට් ජංගම දුරකථන 100 ක් ලබා දෙන ලදී. මීට අමතරව මෙම සීමාව තුළ Permoglaze මිලදී ගත් සෑම පාරිභෝගිකයකුටම ක්ෂණික මුදල් තෑගි ද ලබා දෙන ලදී.
JAT මෙම සිත් ඇදගන්නා සුළු ප්‍රවර්ධන වැඩසටහන දෙසැම්බර් මස දියත් කිරීමට හේතු වුයේ නිවාඩු සමයේ Permoglaze නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් වැඩි පිරිසක් හට දිනුම් අවස්ථා ලබාදීමට ඇති හැකියාව නිසාය.
මීට අමතරව තම නිෂ්පාදනයන් විශිෂ්ට ලෙස පාරිභෝගිකයන් හට අලෙවි කරමින් ඒවා ප්‍රවර්ධනය කිරීමට දක්වන්නා වූ දායකත්වය වෙනුවෙන් JAT හෝල්ඩින්ස් දිවයින පුරා විසිර සිටින තම අලෙවි නියෝජිතයින් 32ක් සඳහා සියලු වියදම් සහිතව තායිලන්ත හා ඕස්ෙට්ර්ලියා සංචාර පිරිනමන ලදී.
JAT හෝල්ඩින්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක ඊලියන් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් &අපි සතුටු වෙනවා පාරිභෝගිකයන්ට ත්‍යාග ලබා දීමට පමණක් සීමා නොවී අප තීන්ත නිෂ්පාදනයන් ලංකාව පුරා බෙදා හැරීමට කැපවීමෙන් හා වෙහෙසීමෙන් වැඩ කරන අප අලෙවි නියෝජිතයන්ටද ඔවුන්ගේ සේවය අගය කිරීමක් ලෙස ත්‍යාග පිරිනැමීමට හැකි වීම ගැන. දිවයිනේ සෑම තැනකටම අප තීන්ත අලෙවි කරන ඔවුන් සැබැවින්ම අපගේ සන්නාම නාම තානාපතිවරැන් ලෙස හැඳින්විය හැකියි.”
මෙම තරගය අනුව Permoglaze ඉමල්ෂන් (Emulsion) හෝ වෙදර් කෝට් (Weather Coat) තීන්ත මිලදී ගන්නා සෑම පාරිභෝගිකයකු හටම සූරන්න දිනන්න කාඩ් පතක් හිමි වේ. මෙම සියලුම කාඩ්පත්හි රැ.50-1000 දක්වා වූ මුදල් ත්‍යාග එම අවස්ථාවේදීම වෙළඳ මහතුන්ගෙන් ලබා ගත හැකි පරිදි සකසා තිබිණි.
මෙම දිනුම් ඇදීමේ අවස්ථා හිමි වූ තරගකරැවන්ට අවසාන දිනුම් ඇදීමටද සහභාගී වීමේ අවස්ථාව හිමි විය. ඒ සඳහා ඔවුන් කළ යුතු වූයේ සීරීම් කාඩ් පතෙහි ඇති ඉලක්කම් 08 කින් යුත් අංකය ලබා දී තිබු දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමයි. JAT පැවැත් වූ මාසික දිනුම් ඇදීම් වලින් වාසනාවන්ත පාරිභෝගිකයන් 75 දෙනෙකුට ස්මාර්ට් ජංගම දුරකථන 75ක් මේ වන විට ලබා දී ඇත.