ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මුම්බායි Westin හෝටලයේදී පැවති ACEF Global Customer Engagement Forum උළෙලේ දී රන් සම්මාන 3ක් සහ රිදී සම්මාන 2ක් ජයග්‍රහණය කිරීමට මොබිටෙල් සමත්විය. සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය විසින් නව්‍ය පාරිභෝගික විශ්වසනීයත්ව වැඩසටහන් අංශයෙන් කෑෂ් බොනැන්සා වැඩසටහනට සහ නව්‍ය නිපැයුම් අංශයෙන් මොබිටෙල් ඩේටා ක්‍රෙඩිට් කාඩ් ක්‍රියාවලියට සම්මාන හිමිවිය. එමෙන්ම ඔවුන්ගේ සියදිවි හානි කරගැනීම් වළක්වන ප්‍රචාරණ වැඩසටහනට ද රන් සම්මානයක් දිනාගැනීමට හැකිවිය. පාරිභෝගිකයන් සහසම්බන්ධ කරගනිමින් සමාජයට පණිවිඩයක් ලබාදීමේදී හොඳම නව ඩිජිටල් භාවිතාව ලෙස මොබිටෙල් සියදිවි හානි කරගැනීම් වළකන ප්‍රචාරණ වැඩසටහනට ද රන් සම්මානයක් ලැබීය.
හොඳම පාරිභෝගික සේවාවක් සපයන මොබයිල් ඇප් අංශය යටතේ මොබිටෙල් සෙල්ෆ්කෙයාර් ඇප් එක විශේෂ රිදී සම්මානයක් දිනාගත්තේය. ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම් හොඳම භාවිතය ලෙස මොබිටෙල් සියදිවි හානිකරගැනීම් වළකන ප්‍රචාරණ වැඩසටහනට තවත් රිදී සම්මානයක් හිමිවිය. කෘතිම බුද්ධිය වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීම සහ විවිධ අලෙවිකරණ මාධ්‍යයන් භාවිතා කරමින් සිදුකරන නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, ප්‍රචාරණ දැන්වීම් සිය වෙළඳපොළට මුදාහැර සාධනීය ප්‍රතිඵල ලබාගන්නා සන්නාම සහ නියෝජිත ආයතන හඳුනාගැනීමටත් ඒවා ඇගයීමටත් මෙම සම්මාන උළෙල සංවිධානය කරතිබේ. මෙම වසරේදී ලොවපුරා 220කට වැඩි සේවාදායකයන් සහ නියෝජිත ආයතන මේ සම්මාන වැඩසටහනට සහභාගී විය.
ACEF Global Customer Engagement forum සම්මාන උළෙල පැවැත්වුණේ 8 වැනි වරටය. මෙහිදී මූලික ඉලක්කය වූයේ කෘත්‍රිම බුද්ධියයි. එමෙන්ම, ඉන්දියාවේ ඉහළ ආයතන වල ප්‍රධානීහු මෙම සන්නිවේදන විශේෂාංග භාවිතාවන් පිළිබඳව විශේෂ දේශන ද පැවැත්වූහ. මෙම වැඩසටහනට අලෙවිකරණ අංශය, සන්නාමකරණය සහ අලෙවිකරණ නියෝජිත ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වය ඉහළින්ම තිබිණි. Global Customer Engagement සහ AI සම්මාන උළෙලේදී විනිශ්චය සභාව එම ක්ෂේත්රයන්හි ලොව විශිෂ්ට ජ්‍යෙෂ්ඨයන් රැසකගෙන් සැදුම්ලද්දේය. එමෙන්ම, ඉන්දියාවේ වඩාත් පිළිගැනීමට ලක්වන සන්නිවේදන තාක්ෂණ විශේෂඥයන් ද මෙම ජූරි සභාවේ සාමාජිකයෝ වූහ. සම්මාන ප්රදානයේදී මූලික මිනුම් දඬු ලෙස තෝරාගත් වැඩසටහන ප්‍රසිද්ධියට පත්කිරීමෙන් පසු එය ලබාගත් මූල්‍ය වර්ධනය, එම වැඩසටහන නිසා කාර්යක්ෂමතාවය සහ සාධනීය ලෙස ධාරිතාව වර්ධනය, ROI සඳහා වෙළෙඳපොළ වියදමට කළ ආයෝජනයට ලැබෙන මනා ප්‍රතිලාභය සැසඳීම ආදී කාරණා අවධානයට ගෙන තිබේ.
මෙම සම්මාන ජයග්‍රහණය සැමරීම සහ එයට කැපවූවන්ට ස්තූතිය පුදකරන අතරතුර මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා අදහස් දැක්වීය.