2020 ජනවාරි 18 වන සෙනසුරාදා

එතෙර සිට මුදල් එවන ඔබට මෙතෙරදී ලංකා බැංකුවෙන් පිට පිට රට තෑගි

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 172

එතෙර සිට උපයන මුදල් මෙරටට එවන විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රේෂණ වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් සහ විදේශ මුදල් රට තුළට ප්‍රේෂණය වීම උද්‍යෝගිමත් කිරීම අරමුණු කර ගනිමින් ලංකා බැංකුව මගින් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

දිවයිනේ අංක 1 බැංකු සන්නාමය හිමිකරගත් ලංකා බැංකුව විදේශ ප්‍රේෂණ දිරිමත් කරමින් සහ ඔවුන් සඳහා නිසි ඇගයීමක් ලබාදෙමින් පිට පිට රට තෑගි නමින් දිනුම් ක්‍රමයක් හඳුන්වා දී ඇත. පිට පිට රට තෑගි දෙවන අදියරේ පළාත් මට්ටමේ දිනුම් ඇදීම පසුගියදා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී ලංකා බැංකුවේ මහා කළමනාකාර/ ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාර (ජාත්‍යන්තර, භාණ්ඩාගාර සහ අයෝජන) සුගත් ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙහිදී පළාත් දහය සඳහා ස්කූටර්ස් දහයක් සහ රුපියල් 50,000/- බැගින් වූ ත්‍යාග වවුචර 50ක් පිරිනමනු ලැබීය. අවසාන මහා දිනුම් ඇදීම සඳහා වලංගු කාලසීමාව වන 2019 සැප්තැම්බර් 01 දින සිට 2020 මාර්තු 31 වැනිදා දක්වා ප්‍රේෂණ 5කට නොඅඩුව එවූ ගනුදෙනුකරැවන් සුදුසුකම් ලබති. අවසාන මහා දිනුම් ඇදීමේදී ප්‍රථම ත්‍යාගය වශයෙන් Toyota Vigo මෝටර් රථයක් සහ රුපියල් 50,000/- බැගින් වූ ත්‍යාග වවුචර 50ක් පිරිනැමීමට ලංකා බැංකුව සූදානමින් සිටියි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00