2017 මාර්තු 25 වන සෙනසුරාදා

මොබිටෙල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය එරික්සන් සමඟ සහයෝගීතාවයකට එළඹෙයි

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

 

දකුණු ආසියාවේ මුල් වරට 5G ඉන්ටනෙට් ඔෆ් තිංස් (IOT) නමින් අන්තර්ජාලය හා සබැඳී භාණ්ඩ ආශ්‍රිත නිර්මාණශීලිත්වයත් ව්‍යවසායකත්වයත් හඳුන්වා දෙමින් හා එය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ දියුණුව සඳහා උපාය මාර්ගයක් ලෙස සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරික්සන්, මොබිටෙල් සහ විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍යංශය එක්ව 5G නවෝත්පාදන කේන්ද්‍රය (5G Island of Innovation) සඳහා අවබෝධතා ගිසුමකට පසුගියදා කොළඹදී අත්සන් තැබිණි. දකුණු ආසියාවේ පළමු වරට සුපිරි 3.5G ජාලයක් දීමේ, HSPA+MIMO තාක්ෂණය සාර්ථකව ආදර්ශනය කිරීමේ සහ 4G-LTE සහ 4.5G-LTE උසස් ප්‍රෝ තාක්ෂණය සාර්ථකව අත්හදා බැලීමේ පුරෝගාමියා වුයේද මොබිටෙල්ය. 

5G නවෝත්පාදන කේන්ද්‍රය තුළින් දේශයේ තොරතුරු තාක්ෂණ නිපුණතාවයන් හා හැකියාවන් තවදුරටත් දියුණු වනු ඇති අතර, ශ්‍රී ලංකාව ඩිජිටල් හා දැනුම කේන්ද්‍ර කරගත් සමාජයක් ලෙස පරිවර්තනය කිරීම සඳහා තොරතුරැ තාක්ෂණ රටාවේ නිර්මාණශීලීත්වය හේතුවෙන් නව හා වැඩි රැකියා අවස්ථා වෙත යොමු වනු ඇත.

විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව තම අදහස් දක්වමින්, “වගකිව යුතු ආයතනික පුරවැසියන් ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශය ගොඩනැගීමේ කාර්ය සඳහා ශ්‍රී ලාංකීය ජනතාව සමඟ අත්වැල් බැඳගත් එරික්සන් සහ මොබිටෙල් සමාගම් විසින් මේ පිළිබඳව මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් මාගේ ප්‍රණාමය ඔවුන්ට පුද කරනවා,” යයි ප්‍රකාශ කළේය. “රටේ ඩිජිටල් පරතරය අඩු කිරීම සඳහා දේශීය තොරතුරැ තාක්ෂණ නිර්මාණශීලිත්වය සහ ව්‍යවසායකත්වය උපයෝගී කොට නව රුකියා අවස්ථා බිහි කිරීම ඉලක්ක කරගත් මෙම 5G නවෝත්පාදන කේන්ද්‍රය සඳහා එරික්සන් හා මොබිටෙල් ආයතන සමඟ හවුල්වීම පිළිබඳව අප ඉතා සතුටු වනවා” යැයිද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ එරික්සන් සමාගමේ අධිපති, ඩෙනිස් බෘනෙට් මහතා මෙසේ පැවසීය. “දේශය ගොඩනැගීම සඳහාවූ මෙහෙවරෙහි ශ්‍රී ලංකා ජනතාව හා එරික්සන් අතර විසි වසරක් පුරා අඛණ්ඩව පැවති හවුල සනිටුහන් කරමින්, මොබිටෙල් හා විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍යංශය සමඟ රටේ පළමු වරට 5G නවෝත්පාදන කේන්ද්‍රය සඳහා අප එකතු වීම ගැන මා ඉතා සතුටුවෙනවා. එතුළින්, එරික්සන් විසින් අපගේ 5G අත්හදා බැලීමේ තාක්ෂණය කොළඹ පිහිටා ඇති මොබිටෙල් නිර්මාණශීලිත්වයේ කෙන්ද්‍රස්ථානයෙහි ක්‍රියාත්මක කරනු ඇත. ප්‍රධාන වශයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ තොරතුරැ තාක්ෂණය පිළිබඳ නිර්මාණකරුවන්ට තම 5G IoT යෙදවුම් හා සේවා නිපදවීමටත්, ඒවා පරික්ෂාවට භාජනය කිරීමටත් සුදුසු පරිසර පද්ධතියක් සැකසීම සඳහාය.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමාගම්හි සභාපති, පී.ජී. සිරිසේන මහතා. අපගේ නවීනතම තාක්ෂණයෙන් යුත් මොබිටෙල් නිර්මාණශීලිත්ව මධ්‍යස්ථානය 5G නවෝත්පාදන කේන්ද්‍රය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට හැකිවීම පිළිබඳව අප බොහෝ සතුටු වනවා. යැයි පැවසීය.