2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

යූරෝකාස් නවතම Porsche මාදිලි 7ක් එයි

 2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 66

 

සීමාසහිත යූරෝකාස් (ෙපෟද්ගලික) සමාගම (Eurocars) ප‍්‍රථම Porsche Driving Experience සමඟ නවතම 718 Boxster මාදිලිය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි. 
ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන්ට ප‍්‍රථම වරට Porsche රථ පැදවීමේ අවස්ථාවක් උදාකර දීමට Porsche සඳහා මෙරට නියෝජිත, සීමාසහිත යූරෝකාස් (ෙපෟද්ගලික) සමාගම (Eurocars) කටයුතු කර ඇත. මේ අනුව සැප්තැම්බර් 13 වැනිදා සිට, නවතම 718 Boxster මාදිලිය ඇතුළුව ඉහළම පෙළේ මාදිලි 9ක විශිෂ්ටත්වය අත්විඳීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකිකයන් හට උදාවේ.  
නවතම 718 Boxster මාදිලියට අමතරව Porsche 911 Turbo, 911 Carrera 4S Cabriolet, Panamera GTS, Cayenne GTS, Cayman GT සහ Macan GTS යන මාදිලි, මේ යටතේ ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. Porsche සමාගමේ නවීතම තාක්ෂණය සමගින් විශිෂ්ට ක‍්‍රියාකාරීත්වය සහ කාර්යක්ෂමතාව එක්තැන් කරන අපූර්ව නිර්මාණ ලෙස මේවා හැඳින්විය හැකි වේ. ජාත්‍යන්තර වෘත්තීය රියදුරැ උපදේශකවරැන් දෙදෙනෙකු සහ ශ‍්‍රී ලංකාවේ රිය පැදවුම් විශේෂඥයන් තිදෙනෙකුගේ සහය සමගින්, මෙම නව රථවල අපූර්ව අත්දැකීම විඳගැනීම සඳහා ශ‍්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීමට සීමාසහිත යූරෝකාස් (පුද්.) සමාගම (Eurocars) සූදානමින් සිටී. 
&Porsche Driving Experience යනු ශ‍්‍රී ලාංකිකයන්ට Porsche මාදිලි පෙළ අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක්. මේ මෝටර් රථයේ ක‍්‍රියාකාරීත්වය, විශේෂාංග සහ අලංකාරය අතින් ඉදිරියෙන්ම සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සියල්ල සිතූ සේ අත්දකින්නට මෝටර් රථ ලෝලීන්ට අවස්ථාවක් ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක්. එමෙන්ම සතියේ දිනවල Porsche ප‍්‍රදර්ශනාගාරයේදී සහ සති අන්තවල වෙනත් තැන් කිහිපයකදී මේ මෝටර් රථ දැකබලාගැනීමට හැකියාව ලැබේවි*. සීමාසහිත යූරෝකාස් (ෙපෟද්ගලික) සමාගමේ (Eurocars) සභාපති ආතර් සේනානායක මහතා පැවසී ය. 
මෙම අවස්ථාවට සහභාගී වූ Porsche Asia Pacific හි කළමනාකාර අධ්‍යක්ෂ, මාටින් ලිම්පර්ට් මහතා පැවසුවේ Boxster රථය හඳුන්වා දී වසර 20කට පසුව ප‍්‍රථම වතාවට එය අලුත් නමකින් හඳුන්වා දීමට Porsche කටයුතු කර ඇති බවයි. 
සීමාසහිත අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩිංග්ස් (ෙපෟද්ගලික* සමාගම (IWS Holdings Pvt. Ltd) යනු වසර 18ක කාලයක් තිස්සේ මෙරට Porsche මෝටර් රථ, අමතර කොටස් සහ සේවා සඳහා නිල නියෝජිතභාවය හිමි, සීමාසහිත යූරෝකාස් ෙපෟද්ගලික සමාගමේ මව් සමාගමයි. ඉදිරියේදීත් මෙරට පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් සැලසීම එම සමාගමේ අරමුණ වේ.