2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

අායුර්ෙව්ද සංස්ථාවට ෙබහෙත් නැති ෙලඩක්

 2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 116

 

ආයුර්වේද ඖෂධ සංස්ථාව පසුගිය සමය පුරාවට රටේ ප්‍රවෘත්ති මවන්නට සමත් විය. සැබෑවටම මෙතෙක් කලක් ජාතික මට්ටමේ ගැටලුවක් ඇති නොවූ නිහඬ නිසල පිළිවෙතක සිටි ආයුර්වේද සංස්ථාව මෙසේ රටටම දැනෙනා පරිද්දෙන් හඬ නගන තැනට පත්වූයේ එකී සංස්ථාවට පත්වූ නව පාලනාධිකාරියට විරෝධය පෑමත් සමඟ ය. අදාළ ආයතනය තුළින් වසරකට ලක්ෂ තුන්සීයකට අධික ඖෂධ රජය යටතේ පාලනය වන රෝහල් 04ක්, පළාත් සභා යටතේ පාලනය වන ප‍්‍රධාන රෝහල් 16ක් හා පොදුවේ රට පුරා ස්ථාපිත කර තිබෙනා නිදහස් ආයුර්වේද මධ්‍යස්ථාන 600කට ලබාදෙන අතර මීට අමතරව සංස්ථා නිෂ්පාදනවලින් 20‍෴ක් විවෘත වෙළඳපොළට නිකුත් කෙරේ. මේ සියල්ල සිදුකරගනිමින් පුවත්පතක පුවතකට හේතුවක් නොවූ ආයුර්වේද ඖෂධ සංස්ථාව හිටි හැටියේ ගිනි ඇවිලී ගියේ ඇයි?
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ හා කළමනාකාර අධ්‍යක්ෂ රැවන් ලංකේශ්වර යන අයගේ දූෂිත පාලනය නිසා ඔවුන් තනතුරැවලින් වහා ඉවත් කරන්නැයි ඉල්ලා සිටිමින් සංස්ථාවේ සියලුම අංශයන්හි වෘත්තීය සමිති ඒකාබද්ධව එහි සේවකයින් වැඩවර්ජනයක්ද පසුගියදා ආරම්භ කළේය. 
එසේම ආයුර්වේද සංස්ථාවේ විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති බර්නාඩ් කාරියවසම් හා එම සංගමයේ ලේකම් ලාල් රණසිංහ යන මහත්වරැන් විසින් රජයේ වගකිවයුත්තන් හමුවේ මෙකී ගැටලුවට හේතුව පැහැදිලි කරමින් කරැණු දැක්වීමක්ද සිදුකොට තිබේ. එම කරැණු දැක්වීම අනුව සංස්ථාව තුළ ඉහත නිලධාරීන් දෙදෙනා දරැණු පාලනයක් ගෙනයන බවත්, ඔවුන් ඒ තුළ ගන්න තීරණ නීතියට පටහැනි බවත් පෙන්වා දී තිබේ. සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂකවරයා රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ප්‍රවාහන දීමනා ගෙවීමට සංස්ථාවේ මුදල් අංශයට තර්ජනය කරන බව කියවේ. ඒ පිළිබඳ 2015.08.27 දින විගණකාධිපතිවරයා විසින් විගණන විමසුමක්ද සිදුකොට ඇත. එසේම මීට පෙර චක්‍රලේඛ තිබූ පරිදි යැපීම් හා නවාතැන් ගෙවීම් සඳහා සීමාවන් පනවා තිබුණි. නමුදු සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂකවරයා විසින් එකී සීමාවන් ඉවත්කොට &අසීමිත* වියදම් පියවීම් සංස්ථාවේ මුදලින් සිදුකරගත හැකි පරිදි නීති වෙනස්කොට තිබේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව &ජාතික සෞඛ්‍ය අරමුදල* මගින් සභාපතිවරයාගේ හිතුමතයට ණය ලබාගැනීමටද සභාපතිවරයා කටයුතු කර ඇතැයි චෝදනා එල්ල වේ. ඒ අනුව ජාතික සෞඛ්‍ය අරමුදලින් රැපියල් කෝටි ගණනක ණයක් ඔහු ලබාගෙන ඇතැයි කියවේ. එවන් ණය මුදලක් සංස්ථාවේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගැනීමට නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය අත්‍යවශ්‍ය වුවද මෙහීදී එවැන්නක් සිදුව නැත.
ආයුර්වේද සංස්ථාව වැනි ආයතනයකට ඉංජිනේරැවරයෙකුගේ අවශ්‍යතාවයක් නොමැති පසුබිමක රැපියල් ලක්ෂ හයක වැටුපක් ගෙවමින් සිවිල් ඉංජිනේරැවරයෙකු තනි මතයට බඳවා ගැනීමත් එහිදී සභාපතිවරයා ප්‍රමුඛව සිදුකර ඇතැයි පැවසේ. ඊට අමතරව අදාළ ඉංජිනේරැවරයාට දහස් ගණනක ප්‍රවාහන වියදම් හා නවාතැන් පහසුකම් පවා සංස්ථාවේ දේපළ යොදාගනිමින් සපයා ඇත. සංස්ථාවට නවබඳවාගැනීම් සිදුකිරීමේදීද ස්වකැමැත්ත ප්‍රකාරව කටයුතු කර ඇතිබව වාර්තා විය. සංස්ථාවේ නිෂ්පාදනාගාරයට කිසිදු සේවාවක් ලබානොදෙන බාහිර පුද්ගලයින් 12කට පමණ මාසිකව රැපියල් ලක්ෂ ගණනක් වැටුප් ලෙස ගෙවීමද බරපතළ චෝදනාවකි. එකී සමහර සේවකයින් සංස්ථාව පැමිණෙන්නේ හෝ නොමැතිව තැපෑලෙන් වැටුප් ලබාගන්න අය වීමද විශේෂයෙන් විමර්ශනය කළ යුතුය.
සංස්ථාවේ කාරණා උදෙසා ටෙන්ඩර් කැඳවීමේදී හා සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂකවරයා සිය හිතුමතයට කටයුතු කර ඇතැයි කියවේ. NC 4353 දරන වෑන් රථයද නිසි විනිවිදභාවයක් රහිතව මිලදීගෙන ඇතැයි කෝප් කමිටුවට සංස්ථා සේවකයින් කරැණු දැක්වූ ලිපියේ සඳහන් වේ. කළමනාකරණ රුස්වීම්වලදී ගන්නා තීන්දු මායිම් කිරීමකින් තොරව සභාපතිවරයා හා කළමණාකාර අධ්‍යක්ෂකවරයා විසින් තමන්ගේ හිතමිතුරන් හට සංස්ථාවේ මුදල් ගෙවීම් නිසි කාල රාමුවට පිටින් කරනා බවටද චෝදනා එල්ල වේ. 2015 මැයි මාසයේ ඇමැතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් රැපියල් 1,512,190.00ක වියදමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් පවත්වා ඇත්තේද මේ සභාපතිවරයා විසිනි. මෙකී උත්සවයට වියදම් වූ මුදල පසුව සාධාරණීකරණය කර ඇත්තේද අපූරැ ආකාරයටකටය. එනම්, එකී උත්සවය පැවැත්වූයේ සංස්ථාවේ නව නිෂ්පාදන එළි දැක්වීමක් වෙනුවෙන් බව පැවසීමෙනි. නමුදු සේවකයින් චෝදනා නගන්නේ එලෙස නව නිෂ්පාදන එළිදැකිවීමක් සිදුව නැති අතර මෙතෙක් පැවති නිෂ්පාදන රුසක් නව කාඩ්බෝඩ් ඇසුරැම්වල දමා වෙළඳපොළට ඉදිරිපත් කර ඇතිබවත්ය.
ෙමම අර්බුදය සම්බන්ධව අායුර්ෙව්ද සංස්ථා සභාපතිවරයාෙග් මතය විමසීමට වාර ගණනක් උත්සාහ කළ නමුත් ඔහු සම්බන්ධ කරගත ෙනාහැකි විය. ෙමම ලිපිෙය් කරැණු සම්බන්ධව සභාපතිවරයාෙග් මතය ඉදිරිපත් වන්ෙන් නම් ඒ් සඳහාද ෙද්ශයේ ඉඩකඩ විවෘතය.
 ප්‍රසාද් අබේවික්‍රම

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00