2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ශ්‍රීලංකන් වෙතින් නිරන්තර පියාසර කාඩ් හිමියන්ට ඩිජිටල් කාඩ්පතක්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 142

ජාතික ගුවන් සමාගම වන ශ්‍රීලංකන් හි නිරන්තර පියාසර වැඩසටහන වන FlySmiLes යටතේ ඩිජිටල් කාඩ්පතක් සාඩම්බරයෙන් හඳුන්වාඳීමට  නියමිතය. FlySmiLes ගනුදෙනුකරුවන් උදෙසා ඩිජිටල් කාඩ්පත් සාමජික අත්දැකීමක් රැගෙන එන එම ක‍්‍රියාන්විතය, නිරන්තර පියාසර කරන්නන්ගේ පහසුව වැඩි කිරිමට සමගාමීව, කාබන් දහනය අඩු කිරිම සඳහා වන ශ‍්‍රිලංකන් හි තිරසාර අරමුණු අනුව සිදුකරනු ලබයි.

අෙප්‍ර්ල් පළමුවැනිදා සිට බලපැවත්වෙන Blue Status, Baggage Bonus, Baggage Premier සමඟ, ප‍්‍රවේශ මට්ටම් හිමි FlySmiLes සාමාජිකයන්ට හා සම සන්නාම යටතේ රිදී කාඩ්පත් හිමියන් හට තවදුරටත්, ප්ලාස්ටික් කාඩ්පතක් නොලැබෙනු ඇත. කෙසේ වෙතත් oneworld සන්නාමය යටතේ ඉහළ තත්ත්වය හිමි Platinum (oneworld හි Emerald හා සමඟ) Gold (Sapphire) හා Classic (Ruby) FlySmiLes කාඩ් හිමියන් වෙත වැඩිදුරටත් දැනුම් දෙන තුරු අඛණ්ඩව ප්ලාස්ටික් කාඩ්පත් හිමිවනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ ලන්ඩනයට පියාසර කළ සුප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර වෙත, ප‍්‍රථම ඩිජිටල් කාඩ්පත පිරිනමන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හි, ප‍්‍රධාන වාණිජ නිලධාරි සිවා රාමචන්ද්‍රන් මහතා මේ පිළිබඳ මෙසේ පවසයි, ශ‍්‍රිලංකන් ගුවන් සමාගම ලෙස අපි සමඟ පියාසර කරන්නන් වෙත අලුත් අත්දැකීම් ලබාදීමට වගේම සේවාවන් දියුණු කිරිමටත් අපි කැපවී සිටිනවා. මෙම ඩිජිටල් FlySmiLes නිරන්තර පියාසර කාඩ්පත හඳුන්වාදීම කියන්නේ එබඳු ක‍්‍රියාන්විතයකි. මේ හරහා අප ගුවන් මගීන්ට විශාල පහසුවක් මෙන්ම නිදහස් සංචලතාවක් ද හිමිවෙනවා.

ශ‍්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අදහස් දක්වමින් කියා සිටියේ ඩිජිටල් නිරන්තර පියාසර කාඩ්පත බාගත කරගත් පළමු FlySmiLes සාමාජිකයා වීම ගෞරවයක් විදියට මම දකිනවා. ශ‍්‍රිලංකන් හි මෘදුකාංග භාවිතය අතිශයින්ම පහසුයි, ඩිජිටල් කාඩ්පත බාගත කර ගැනීමත් ඒ වගේම සරලයි, වේගවත්. මෙම ඩිජිටල් කාඩ්පත හඳුන්වා දීම නිරන්තර සංචාරයන්හි නිරත වන FlySmiLes  සමාජිකයන්ට ගමන අතරතුර දී වැදගත් තොරතුරු සඳහා ප‍්‍රවේශ වීමට සෑහෙන ප‍්‍රයෝජනවත් වේවි කියා මට හැඟෙනවා.

මෙම ඩිජිටල් කාඩ්පතේ ඇති වාසිය වනුයේ, ස්මාර්ට් ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක ඔස්සේ, එය දැකගත හැකි බැවින් මගීන්, හට ඉහළ මට්ටමේ පහසුවක් හිමිවීමය.   

ශ්‍රීලංකන් ගුවන් සමාගම oneworld ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු ලෙස FlySmiLes නිරන්තර පියාසර වැඩසටහන සඳහා ගෝලීය සන්ධාන සාමාජිකත්වය හිමිවේ. ලෝකයේ ප‍්‍රධාන පෙළේ ගුවන් සේවාවන්ගෙන් සමන්විත වන එය නිරන්තර ජාත්‍යන්තර පියාසර කරන්නන් වෙත සුපිරි, අංගසම්පුර්ණ ගමන් අත්දැකීමක් තිළිණ කරනුයේ විශේෂ වරප‍්‍රසාද හා ප‍්‍රතිලාභ රැසක් සමඟිනි.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00