2017 ජුනි 17 වන සෙනසුරාදා

මොබිටෙල් CCTV සේවාව මගින් එසැණින් ඔබේ නිවසේ අධීක්ෂණ පහසුව

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

ජාතියේ ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් වෙතින් දැන් තම පාරිභෝගිකයන් සඳහා තමා සිටින ස්ථානයේ සිට තම නිවස, කාර්යාලය හෝ සේවා ස්ථාන අධීක්ෂණය කිරීමේ සේවාව, ක්‍රෙඩිට් කාඩ්පත් මගින් වසරක් තුළ පහසුගෙවීමේ ක‍්‍රමයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව උදාකර දී ඇති අතර වසර 3ක වගකීමද ලබාදෙයි. නිරතුරුවම එහි සේවාවන් පුළුල් කිරීමට මොබිටෙල් බලාපොරොත්තු වන අතර CCTV (Surveillance) සේවාව මගින් තම පාරිභෝගිකයන්ට ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම්ද සිදු කරදෙනු ඇත. 

දැන් දැන් තම ආරක්ෂාව පිළිබඳ සිතන හා ඒ වෙනුවෙන් කටයුතු කරන පාරිභෝගියන් හට CCTV සේවාව දැනට දේශීය වෙළෙඳපොළ තුළ ක්ෂිණිකව වර්ධනය වේ. එමගින් තමන් නැති අතරතුර තම ආදරණීයයන්ගේ මෙන්ම තම නිවසේ කාර්යාලයේ, ව්‍යාපාරයේ ආරක්ෂාවට රුකුලක් ලබා දී ඇත. මෙසේ තමන් රටෙන් බැහැර ලෝකයේ කොහේ සිටියත්තම ආදරණීයයන් සහ ව්‍යාපාරයේ රූපරාමු තම අඟිලි තුඩක දුරින් තබාගෙන ගමන් කිරීමේ තමාගේ සිතේ සැනසිල්ල උදාවන අතර තමාගේ වටිනාම ස්ථානයන් හා පුද්ගලයන්ට කිසිදු අනතුරක් නැති බවට ස්මාර්ට් ෆොන් එකෙන් දැකබලා ගැනීමෙන් තහවුරු කරගැනීමේ හැකියාවක් උදාවෙයි. 

මොබිටෙල් CCTV සේවාව මොබිටෙල් ශාඛා සහ වෙළෙඳ භවතූන්ගෙන් ලබාගත හැකියි. මොබිටෙල් මේ සේවාව සඳහා පැකේජ 5ක් හඳුන්වාදෙනු ලබයි. ඒ එක් එක් පැකේජයන් මගින් තමන්ගේ අවශ්‍යතාවයට සරිලන පැකේජය තෝරාගත හැකි අතර CCTV ආවරණය කළ යුතු ස්ථාන ඇතුළත හෝ පිටත ලෙසද තමන්ට වුවමනාව පරිදි ලබාගත හැකිය. එක් එක් පැකේජයන්හි වලට CCTV සේවාවට අමතර එයට අනන්‍යවූ වෙනත් විශේෂාංගයන්ද ඇත. මෙම පැකේජ නිකුත් කරන්නේ මොබිටෙල් 4G LTE Wi-Fi රවුටරයක් සමග වන අතර එමගින් සබඳතාවය නොකඩවා පවත්වාගෙන යාමට හැකියාව උදාවනු ඇත. ප‍්‍රමිතිය තහවුරු කළ නිෂ්පාදන දෝෂ සඳහා වසර 3ක වගකීමත් සහිතව මෙම නිෂ්පාදනය අලෙවි කරයි. මෙම පැකේජ පිළිබඳ වැඩි විස්තර 0710401717 ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ www.mobitel.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකියි.