ඇය නමින් දිනුෂාය. ඉතාම කඩිසර ළඳක් වූ ඇය මා එහි යන විටත් දරු දෙදෙනාගේ දෛනික කටයුතු යුහුසුළුව කරන ආකාරය මොනවට පැහැදිලි විය. මම මාගේ ප්‍රශ්න වැල ඇයට යොමු කළෙමි. ඔබට රුපියල් දස ලක්ෂයේ දිනුම ලැබුණු බව දැනගත්තේ කෙසේද? ඔබ ඒ මොහොතේ නියැලෙමින් සිටියේ කුමන කටයුත්තකද? එවිට ඔබට දැනුණු සතුට කෙබඳුද?
වචනෙන් විස්තර කිරීමට නොහැකි තරම් හැගීමක් හිතට ආවේ. එවිට ඇයගේ නෙතින් කඳුලක් ඉනුවා මම දුටුවෙමි. ඈ නැවතත් කතාවට මුල පිරුවාය. මගේ මහත්තයා හරිම උත්සාහවන්තයි, එයා කරන්නේ වාහන වලට AC සවි කිරීමේ ව්‍යාපාරයක්. එයා මට නිතරම කියන දෙයක් තමයි shop වලට තව මැෂින් දෙක තුනක් දාගත්තා නම් ආදායම වැඩි කරගන්න පුළුවන් කියන දේ. එයා එහෙම කියන වෙලාවට මට අනන්තවත් හිතිලා තියෙනවා. අනේ අපිට ස්වීප් එකක්වත් ඇදුනා නම් කියලා. ඉතින් එහෙම හිතපු මට Dialog Mega වාසනාවෙන් ගෙනත් දුන්න මේ රුපියල් දස ලක්ෂයේ වාසනාව ගැන කියන්න වචන නෑ. මගේ Dialog phone එකට sms එකක් ඇවිල්ලා තිබුණා. මට රුපියල් ලක්ෂ 10යේ දිනුම ඇදිලා කියලා. බොරුවක් කියලා තමයි මුලින් හිතුණේ. මේ කාලේ ඔය වගේ දේවල් වලින් මිනිස්සුන්ව රවට්ටන එක සාමාන්‍ය දෙයක් වෙලානේ. මම කෝකටත් කියලා #121# dial කළා. මගේ සැකය දුරු වුණා. මට දැනගන්න පුළුවන් වුණා ඇත්තටම මම රුපියල් ලක්ෂ 10ක් දිනලා කියලා. මේක දරු දෙන්නගේ වාසනාව කියලා එවලේ මට හිතුණා.
දරු දෙදෙනාගේ වයස කීයද?
පුතාට අවුරුදු හතරයි. දුවට තාම අවුරුදු දෙකයි. ඒ දෙන්න නම් තාම ගොඩක් පුංචියි. මමයි මහත්තයයි ඒ දෙන්නගේ හුරතල් වැඩ බල බල ගොඩක් සතුටින් තමයි ජිවත් වෙන්නේ.
දිනුෂා මොනවද මේ මුදල් වලින් කරන්න හිතාගෙන ඉන්නේ?
මගේ බලාපොරොත්තුව කොහොමහරි මේ සල්ලිවලින් මහත්තයගේ වැඩවලට ඕන කරලා තියන මැෂින් දෙක තුනක් අරන් දෙන එක තමයි. එයාට බණ්ඩාරවෙලයි කොළඹයි shop දෙකක් තියෙනවා. ඒ shop දෙකට මැෂින් දෙක තුනක් දාගත්තම ආදායම වැඩි කරගන්න පුළුවන්නේ. එතකොට ඒ සල්ලි පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරලා දරු දෙන්නගේ අනාගතය ශක්තිමත් කරන්න පුළුවන්. පුතාගෙයි දුවගෙයි පොත් වලට රුපියල් 50,000 ගානේ දාන්නත් ඕනේ.