2017 ජුලි 01 වන සෙනසුරාදා

මහරගම නාවින්න මෙඩිකෙයාර් රෝහල නව රුධිර කාන්දු පෙරණ ඒකකය අරඹයි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

ජාත්‍යන්තර මට්ටමේ නවීන සෞඛ්‍ය සේවා සපයන මහරගම නාවින්න මෙඩිකෙයාර් පෞද්ගලික රෝහල (www.nawinna.com) විසින් පසුගියදා සියලු පහසුකම්වලින් සපිරි රුධිර කාන්දුපෙරණ හෙවත් ඩයලයිසිස් සේවා ඒකකයක් (වකුගඩු ඒකකයක්), ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කරන ප‍්‍රතිකර්මයක් ලෙස රුධිර කාන්දුපෙරණය හැඳින්විය හැකිය. රුධිර කාන්දුපෙරණය (Dialysis) ඔස්සේ රෝගියාට වකුගඩුවක් බද්ධ කරන තුරු ජීවිතයට නව අපේක්ෂාවක් දෙයි.

ඩයලයිසිස් සේවා සැපයීම සම්බන්ධයෙන් කීර්ති නාමයක් හිමි The Singapore Clinic ආයතනය සහ එහි පළපුරුදු කාර්ය මණ්ඩලය නාවින්න මෙඩිකෙයා රෝහලේ කළමනාකාරීත්වය යටතට පත්වීම ඔස්සේ නව ඩයලයිසිස් ඒකකය නාවින්න මෙඩිකෙයාර් රෝහලේ ආරම්භ කරන ලදී. මිනිසෙක්ට ජීවත් වෙන්න තවත් දවසක් හරි අවස්ථාව සැලසීම උතුම් කාර්යයක්. අපේ සමස්ත කාර්ය මණ්ඩලය මේ සේවාව සපයන්නේ එවැනි දැක්මක් සහිතව. ඒ නිසා තමයි මේ රුධිර කාන්දුපෙරණ ඒකකය ආරම්භ කළේ. මුදලට ප‍්‍රමුඛත්වය නොදී අසරණ වකුගඩු රෝගීන්ට සහනයක් වීමයි අපේ ප‍්‍රමුඛ අරමුණ නාවින්න මෙඩිකෙයාර් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සරත් රත්නායක සහ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගිහාන් අමරසිංහ මහත්වරුන්ගේ අදහස එය විය. උත්සව අවස්ථාවට පැමිණි විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සහ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව මහතා නව ඒකකය පිළිබඳව සහ වකුගඩු රෝගියෙකුගේ ඉදිරි දැක්ම රුධිර කාන්දු පෙරණයට සීමා නොවී ඉන් ඔබ්බට යා යුතු ආකාරය පිළිබඳව ඉතා වටිනා අදහස් රැසක් ඉදිරිපත් කළහ. නව ඩයලයිසිස් ඒකකය මගින් (0714367636, 0114367636, 0703555588) වකුගඩු රෝගීන්ට පළපුරුදු වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක කාරුණික අධීක්ෂණය හා අවධානය සහිතව ප‍්‍රතිකාර ගත හැකි වීම විශේෂත්වයයි.