2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

ඇස්ට‍්‍රා දැයේ දරුවන්ගේ සිහින සුරකියි

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 78

දරුවන්ගේ සිහින නිර්මලය. නිර්මාණශීලීය. ඒවා ආත්මාර්ථකාමී නැත. මේ සිහින තවතවත් පෝෂණය කිරීමේ අරමුණ සමඟින් මීට මාස තුනකට පමණ ‘Paint your Tub’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට ඇස්ට‍්‍රා කටයුතු කළේය. මෙහිදී දරුවන්ට ඇස්ට‍්‍රා බඳුන් මත සිය සිහින පින්තාරු කිරීමේ අවස්ථාව හිමි වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් එක්වූ පොඩිත්තන් අතරින් 50 දෙනකු අවසන් වටයට තෝරාගන්නා ලදී. එම ජයග‍්‍රහක ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේ අවස්ථාව මෑතකදී කොළඹදී පැවැත්වුණු අතර එහිදී ‘දරුවන්ගේ සිහින හා අදහස් සුරුකීමේ වැදගත්කම^ යන තේමාව යටතේ රටේ විද්වතුන් හා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහභාගී වූ සංවාදයක්ද පැවැත්විණි.  

මෙම තරගය වෙනුවෙන් තම බඳුනේම දරුවන්ගේ සිහින පින්තාරු කිරීමට ඉඩකඩ ලබාදීමට ඇස්ට‍්‍රා පියවර ගැනීම සුවිශේෂී සිදුවීමක් විය. මේ පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් සමාගමේ ආහාර අංශ ප‍්‍රධානී ශමාරා සිල්වා මහත්මිය පැවසුවේ, දරුවන්ගේ සිහින වෙනස්. ඒ බව පසුගිය මාස කිහිපය තුළ ලැබුණු සිතුවම් වලින් අපට හොඳින් පැහැදිලි වුණා. රටටත් ලෝකයටත් වඩාත් යහපත් අනාගතයක් උදාකරදීමට නම්, දරුවන්ට සිහින දැකීමට උදව්කිරීම වගේම ඒ සිහින පසුපස ඇති නිර්මලබව සහ නිර්මාණශීලී බව ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව යුනිලීවර් සහ ඇස්ට‍්‍රා දැඩි සේ විශ්වාස කරනවා.”