වාසනාව යනු වාසනාවන්ත ජයග්රාහකයන්ට වටිනා ඉඩමක් තිළිණ කෙරෙන දැවැන්ත පාරිභෝගික ප්රවර්ධන වැඩසටහනකි. දැනට වසර හයක් තිස්සේ අඛණ්ඩව හා සාර්ථකව ක්රියාත්මක වන මෙම දිනුම් ඇදීමේ තරගය මේ වනවිට මෙරට ජනතාවගේ සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත් ව තිබේ.
අගොස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ එක් මසකදී එක් ඉඩම් ජයග්රාහකයකු බැගින් බිහිකරමින් දියත් කෙරැණු දිනුම් ඇදීමේදී සතිපතා රන්කාසි මෙන්ම දිනපතා රු.10,000 බැගින් මාස තුනක් පුරා මුදල් තෑගි දිනාගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවිය.
ඒ අනුව 2016 අගෝස්තු මාසයේ බිහි වූ පළමු ඉඩම් ජයග්රාහිකාව පාදුක්ක ප්රදේශයේ රෝහිණී සෝමසිරි හේවාරත්න මහත්මියය. මෙම ප්රවර්ධන වැඩසටහන පිළිබඳව තම සතුට පළ කරමින් ඇය මෙසේ අදහස් දැක්වූවාය.
“දීවා ඉඩමේ වාසනාව තරගයට අපි දෙවැනි අවුරුද්දේ ඉඳන් දිගටම එකතු වුණා. මොකද, අපටත් ජයග්රහණයක් හිමිවෙයි කියන විශ්වාසය අප තුළ තිබුණා. අපි දැනට ජීවත් වෙන්නේ මගේ ස්වාමි පුරුෂයාගේ සහෝදරයාගේ නිවසේයි. මේ නිසා අපේම කියා නිවසක් තනා ගැනීම අපේ හිතේ තියෙන ලොකුම හීනයක්. මේ ඉඩම හිමිවීමත් එක්ක අපේ හීනය හැබෑ කරගන්න අවස්ථාවක් උදාවෙලා.
සැප්තැම්බර් මස ඉඩම් ජයග්රාහිකාව වූයේ ගල්කිස්ස නැදිමාලේ ආර්.ඒ. නිලන්ති මහත්මියය. “මම දිනපතා දීවා පාවිච්චි කරනවා. මේ විදිහට දීවා වෙතින් ඉඩමක් ලැබීම ගැන කියා ගන්න බැරි තරම් සතුටක් තියෙනවා” යැයි ඇය කියා සිටියාය.
වසරේ තෙවැනි ඉඩම් ජයග්රාහිකාව වූයේ එස්. ධම්මිකා ප්රනාන්දු මහත්මිය යි. “මගේ මහත්තයා ජීවතුන් අතර නැහැ. මමත් මහත්තයාත් එකතුවෙලා ගොඩනගපු නිවසක් මට තිබුණත් අපි ජීවත් වුණේ අභියෝග රාශියක් මැදයි. පසුගිය වතාවලදීත් මම තරගයට එකතු වුණත් දිනුමක් හිමිවුණේ නැහැ. මෙවර මම දීවා කිලෝ එකේ හිස් දවටනයක් එව්වා. මගේ හීනය දැන් හැබෑවක් වෙලා.